යාළුවොත් එක්ක සෙට් වෙලා ට්‍රිප් එකක් යන්න ලංකාවේ දකුණු පුරවරයේ කියාපු තැන් 05ක්

0
8964
going-on-a-trip-with-friends

ඇත්තටම අපේ යාළුවොත් එක්ක එකතු වෙලා ට්‍රිප් එකක් යන්න  අපි ප්ලෑන් කරන්නෙ මාස ගාණක වෙලේ ඉඳන්. මොකද යාළුවො එක්ක යන්න හොඳ ප්ලේස් ටිකක් හොයා ගෙන තමයි අපි ට්‍රිප් එකක් යන්න සූදානම් වෙන්නෙ.  ඉතින් ඒ නිසාම මම හිතුවා යාළුවො එක්ක ට්‍රිප් එකක් යන්න හොඳම තැන් මොනවද කියලා ඔයාලට කියන්න.
අපි විනෝදය, ක්‍රිඩාව, ඇල දොල , ගංගා වල නාන්න බලන් ට්‍රිප් යන අයනෙ. ඉතින් මේ සියල්ලටම හරි යන ලංකාවේ සුන්දරම ස්ථාන 05ක්  Womanly.lk තුලින් ඔබට හදුන්වා දෙන්න අප සූදානම්.

කන්නෙලිය

දකුණු පළාතේ  උඩුගම නාකියාදෙණිය නම් ප්‍රදේශයට ආසන්නව හෙක්ටයාර 6144ක් පුරා විහිදී ඇති කන්නෙලිය පහතරට වැසි වනාන්තර ගණයට අයත් වන අතර  ගාල්ල නගරයේ සිට යන විට කිලෝමීටර් 35ක විතර දුරින් කන්නෙලිය රක්ෂිතය අපට හමුවෙනවා. ගිං ගඟ හා නිල්වලා ගඟට ජලය සපයන ජල දහරා ආරම්භ වන දිය දහරා විශාල ප්‍රමාණයක් මෙම කන්නෙලිය රක්ෂිතයේදි අපට දැක බලා ගැනීමට පුළුවන්. කන්නෙලිය වනාන්තරයේ ඇවිදින්න යන්න පාරවල් කිහිපයක්ම තියෙනවා.  ඒ වගේම තමයි  අනගිමල ඇල්ල, වවුල් ලෙන, නාරංගස් ඇල්ල, ලිහිණිගල් ලෙන, කබ්බලේ කන්ද  මේ ගමනෙදි අපට හමුවෙන විශේෂ ස්ථාන කිහිපයක්.
ඉතින් යාළුවොත් එක්ක එකතු වෙලා ට්‍රිප් එකක් යනවා නම් විනෝද වෙන්න යන්න කියාපු තැනක් තමයි කන්නෙලිය කියන්නෙ. අධ්‍යාපන, සමාජීය, ආර්ථික මෙන්ම විනෝදාස්වාදය එක් කරගත් ගමනක් වන කන්නෙලියෙ ගමන ඔබට අමතක නොවන විනෝද ගමනක් වේවි.

උණවටුන

දකුණු පළාතෙ සුන්දර වෙරළ තීරයක් වෙන උණවටුන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරුණු ස්වභාව සෞන්දර්ය අතින් ලස්සනම ප්‍රදේශයක්. ඉතින් මුහුදෙ නාන්න කැමති උදවියටත් ඒයට සරිලන ආරක්ෂිත ස්ථාන මෙම උණවටුන වෙරළ තීරයට එන ඔබට තිබෙනවා. ඒ විතරක්  නෙවෙයි  නිවාඩු නිකේතන  ආහාර ලබා ගැනීමට හැකි  හෝටල් වලින් පිරි උණවටුන  ගොඩක් යාළුවො එකතු වෙලා විනෝද වෙන්න නිතර යනෙන රමණීය පරිසරයක්. මුහුදු සුළඟට කැමති, මුහුදෙ නාන්න කැමති, යාළුවො එක්ක එකතු වෙලා වැලි මාලිගා හදන්න  සෙල්ලම් කරන්න කැමති ඔයාටත් නිවාඩුව ගත කරන්න කියාපු තැනක් තමයි උණවටුන. ඉතින් ඔයත් ඔයාගෙ යාළුවො එක්ක එකතු වෙලා ගිහිල්ලම මේ සුන්දරත්වය විඳ ගන්නකො.

මාඳු ගඟ

ඇත්තටම මාඳු ගඟේ සවාරියක් යන එක නම් ඔයාලට වෙනස්ම අත්දැකීමක් වේවි. මොකද අපි හැමදාම බස් එකකින් වෑන් එකකින් ගිහින් ආගමික ස්ථානයක, වන රක්ෂිතයක වගේ තැන් වල නේ විනෝද චාරිකා යන්නෙ. ඉතින් හැමදාම යන තැන් වලින් ඔබ්බට යාළුවො එක්ක එකතු වෙලා යන්න පුළුවන් සුපිරිම විනෝද ගමනක් තමයි මේ මාඳු ගඟේ සවාරිය. දකුණු පළාතෙ බලපිටිය, කොස්ගොඩ, අහුංගල්ල යන මේ ප්‍රදේශයන් ආසන්නයේ තිබෙන මාඳු ගගේ සවාරියක් යන ඔබට එහි සිරි නැරඹීමට පහසු වන ලෙස ආරක්ෂිත  බෝට්ටු සේවාවන් පවා මාඳු ගඟ ආශ්‍රිතව තිබෙනවා. කරදිය මාළු ඇති කරන ස්ථානය මෙන්ම, කලපුව, කඩොලාන පද්ධතිය වැනි බොහෝමයක් ඔබට මේ ගමනෙදි දැක බලා ගන්න පුළුවන්.  වෙනදා යන තැන් වලින් මිදිලා යාළුවො එක්ක නිවාඩු දවසට ඔබටත් පුළුවන් මාඳු ගඟේ සවාරියක් යන්න සූදානම් කර ගන්න.

රූමස්සල

දකුණු පළාතෙ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් රූමස්සල  කඳු වැටිය බොහෝමයක් පෙම්වතුන්ගෙ පාරාදීසයක් කිව්වොත් මම නිවැරදියි. ඉස්සර අපේ මුතුන් මිත්තන් අතර මේ රූමස්සල ගැන බොහෝමයක් කතා තිබුණා. රාවනා රජු  සීතා දේවිය පැහැර ගෙන විත් සඟවා තැබුවේ මෙන්න මේ කියන රූමස්සල කඳු වැටියෙ කියලා කතාවකුත් තියෙනවා. ඇත්තටම හොයා ගන්න අපහසු බොහෝමයක් ඖෂධීය පැලෑටි මෙම කදු වැටියෙ තියෙනවා කියලයි බොහෝ දෙනා කියන්නෙ. රූමස්සල කඳු වැටියට යන ආසන්නව චෛත්‍යයක් ඉදි කරවා ඇති අතර බොහෝමයක් දෙනා වැඳ පුදා ගැනීමට මෙම රූමස්සල චෛත්‍යයට පැමිණෙනවා. හිත නිවන වට පිටාවක් ඇති මෙම රූමස්සල කඳු වැටිය ආශ්‍රිත ප්‍රදේශය  කදු නගින්න කැමති ඔබට යාළුවො එක්ක යන්න පුළුවන් අපූර්ව ගමනක් වේවි.

ගාලු කොටුව

දකුණු පළාතෙ ගාල්ලෙ නගරයේ තියෙන මෙම ගාලු කොටුව ලන්දේසින්ගෙන් අපට ලැබුන දෙයක්. කෙසේ වෙතත් ගාලු කොටුවට එන ඔබට ගාලු කොටු පවුරට නැග්ගම මුළු ගාලු පුරවරයෙම සුන්දරත්වය බලා ගන්න පුළුවන්. පසෙකින්  මහා සාගරය තවත් පසෙකින් ගාලු වරාය  තවත්    පසෙකින්  ලන්දේසි කෞතුකාගාරය  වගේම  සමනල පාලමත් දැක ගන්න ඔබට පුළුවන්. ධර්මපාල උද්‍යානය වගේම  ආසියාවටම තියෙන එකම සමුද්‍ර කෞතුකාගාරයත්  දැක ගැනීමට  ගාලු කොටුවට එන ඔබට හැකියාව තිබෙනවා.  ඉතින් යාළුවොත් එක්ක එකතු

වෙලා ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන ඔයාටත් පුළුවන් ගාලු කොටු පවුරට ඇවිත් විනෝදය වගේම දැනුමකුත් ලබා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here