හැම විවාහක කාන්තාවක්ම කියවිය යුතුම දේවල් 24 ක්

හැම විවාහක කාන්තාවක්ම කියවිය යුතුම දේවල් 24 ක්

විවාහ ජීවිතයේදී පුංචි පුංචි දේවල් නිසා බැඳීම් ශක්තිමත් වෙනවා වගේම,එක සරල දෙයක් ඇති බැඳීම් බිඳිලා යන්නත්.බලන්න මේ අපි නොහිතන සරල දේවල් ටිකක් විවාහ ජිවිතයකට කොච්චර ලොකු බලපෑමක් එල්ල කරනවද කියලා?

1.කොයි මොහොතකවත් සැමියාට උස හඬින් කතාකරන්න එපා.එය ඔබ ඔහුට කරන අගෞරවයක්.

2. ඔබේ යහළුවන්,පවුලේ ඇය ඉදිරියේ ඔහුගේ වැරදි,අඩුපාඩු කියන්න එපා,කොයි මොහොතකදී හෝ කැරකිලා ඒවා ඔයාටත් වෙන්න පුළුවන්.

3.සැමියාත් සමඟ කතාකරද්දී mood (මනෝභාවයක්) හදාගෙන කතාකරන්න එපා.ඉක්මනටම කේන්ති ගන්න ගැහැනියක් සිටින නිවසක් කවදාවත් ලස්සන වෙන්නේ නැහැ.

4.අනික් පිරිමින් හා ඔබේ සැමියාව සංසන්ධනය කරන්න යන්න එපා. ඔවුන් ගැන සැබැවින්ම ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මෙයින් මානසික පීඩනයක් ඔබේ සැමියාට එල්ලවෙන බව ඔහුට දැනුනොත් ඔබ කෙරෙහි ඔහ දක්වන ආදරයත් ටිකෙන් ටික අඩුවෙලා යාවි.

5.ඔබ අකැමති වුණත් ස්වාමියාගේ යහළුවන්ට නරක හෝ නපුරු විධිහට සලකන්න එපා.එයින් ඔබ කරන්නේ සැමියාව යහළුවන්ගේ ඈත් කිරීමක් පමණයි.නොගැලපෙන ආශ්‍රයන් ඇත්නම් ඔහු සමඟ පුද්ගලිකව කතාබහ කර සැමියාට තේරුම්කර දෙන්න.

6.ඔබේ සැමියා ඔබ හා විවාහ වී සිටින පුද්ගලයායි.ඔහු ඔබේ සේවකයකු හෝ අන් කිසිවෙකු නොවේ.එමනිසා ඔහුට ඔබ අතින් වියයුතු වගකීම් ඔබම ඉටුකරන්න.

7.ඔහුගේ කටයුතු (සේවිකාවන් අතින් ඔහුට කෑම පිළියෙළ කරදීම වගේ ) අන් අයට පවරන්න යන්න එපා.සැමියා යනු  ඔබේ  වගකීමක්.

8. ඔහු රාජකාරී අවසන් වී නිවසට එන්නේ හිස් අතින් නම් කිසිවිටෙකත් ඔහුව පහත කොට සලකන්න එපා.මෙතැනදී මම සැබැවින්ම අදහස් කරන්නේ ඔබ  ඔහුගේ සැපතේදී මෙන්ම දුකේදීත් එක ලෙස ළඟින් හිඳ ඔහුට ඔබ ශක්තියක් වියයුතු බවයි.

9.නාස්තියට බර බිරිඳක් වෙන්න එපා. එක අතකින් ඔබ අපතේ යවන්නේ ඔහුගේ දහදිය මහන්සියයි . අනෙක් අතින් අනාගත ආයෝජනය යි.ඔබේ වැටුපින් වියදම් කළා වුණත් එය ඔබේ යැයි සිතා ආත්මාර්ථකාමී වෙන්න එපා.මන්ද දැන් ඔබ පෙර පරිදි නිදහසේ සිටින වගකීම් අඩු තැනැත්තියක් නොවේ.

10.ඔහු ඔබ හා ළඟින් ඉන්න කැමති වෙලාවට ලෙඩ කියන්න යන්න එපා.ඔහේගේ කැමැත්තට ඔහු වෙනුවෙන් කාලය වෙන් කරන්න.පිරිමින්ට ලිංගික ජීවිතය බොහෝ සෙයින් වැදගත්,විශේෂයෙන්ම විවාහ ජීවිතයේදී.ඔබ ඔහුව ප්‍රතික්ෂේප කරනවානම් එය එතරම් විවාහ ජිවිතයට යහපතක් නොවේ.බොහෝ පවුල් ආරවුල් ඇතිවෙන්නෙත් මේ කාරණය නිසයි.ඇත්ත, සැබෑ ආදරයක් ඇති විටෙකදී කිසිවෙකුත් කිසිවිටෙකත් අන්‍යයන් වෙත ගමන්කරන්නේ නැහැ.එහෙත් විවාහ ජිවිතයට අවශ්‍ය යම් කරුණක් වෙත්ද,එය කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කරන්න එපා.විවාහ ජීවිතය යනු හුදෙක් ලිංගිකත්වයම නොවුණත් එලෙස සලකා ලිංගික ජීවිතය ප්‍රතික්ෂේප කලයුතු නැහැ.

11.රැකියා කටයුතු වලදී ඔබේ සැමියාට ඔබ බාධා කරන්න එපා.කොතරම් කාර්යබහුල වුණත් ඔහු ඔබ වෙනුවෙන් කාලයක් වෙන් කරනවමයි.

12.ඔබේ දරුවන් ඉදිරියේ සැමියාට උස හැඳි කතාකරන්න,කෑගහන්න යන්න එපා. බුද්ධිමත් ගැහැනියක් කවදාවත් එහෙම කරන්නේ නැහැ.

13.ඔබේ යෙහෙළියන්ට සැමියාට සමීප වෙන්න ඉඩ තියන්න එපා…
බොහෝ දෙනෙක් මෙහෙම කියනවා, එත් මම මෙය දකින්නේ වෙනස් විධියකට.දෙදෙනෙක් අතරට තෙවැන්නෙක් එනවානම් එයට වගකිව යුත්තේ ඒ දෙදෙනාගෙන් කෙනෙකුයි.හේතුව ඔහු හෝ ඔබ ඉඩ නොදුන්නා නම් එලෙස ඔබේ ජිවිතයට ඔවුන් බාධා කරන්නේ නැහැ.එනිසා වඩා වැදගත් වන්නේ එකිනෙකාගේ විශ්වාසය රැකගැනීම.විශ්වාසය නැති කලෙක  අපි කොච්චර ළඟ තියාගන්න හැදුවත් එය වැඩක්වෙන්නේ නැහැ.විශ්වාසය තිබෙන විට දාහක් දෙනා ඔබ අතරට එන්න උත්සාහ කලත් එය ඔබට ගැටළුවක් නෙමේ.

14.ඔහු දක්ෂයි කියලා ඔහුට කලින් ඔබ දැනගන්න, ඔබ ඔහුව අගයන්න.

15.පිරිසිදු වෙන්න,ලස්සනට හැඩ වෙන්න ඉක්මන් වෙන්න එපා.ඔබ ලස්සනට ඉන්නවට තමයි ඔහුත් කැමති.එනිසා කල්තියා සුදානම් වෙන්න. “ අයියෝ මෙච්චර වෙලා හිටියද ඔයා ලෑස්තිවෙන්න,ඔයාට නම් වෙලාවට වැඩක් කරගන්න බැහැ.කලින් වෙලා අරන් ලෑස්තිවෙන්න තිබ්බ නේද?  කියන වච ටිකවත් අහගන්න ඕනේ නැහැ කල්තියා හෙමින් සුදානම් වෙනවනම්.

16.ඔබේ යහළුවන්ට,පවුලේ අයට ඔබේ විවාහ ජීවිතය ගැන තීරණ ගන්න ඉඩතියන්න එපා.මොකද ඔබ ජිවත් වන්නේ ඔබේ සැමියා සමඟ මිස ඔවුන් සමඟ නොවේ.එනිසා මොන ප්‍රශ්නයක් වුණත් ඔහු හා ඉවසීමෙන් කතාකරල විසඳා ගන්න එක තමයි හොඳම දේ.ඇතුලේ ගිනි පිටට දෙන්න එපා,පිට ගිනි ඇතුලට ගන්නත් එපා කියන්නේ නිකමට නෙමේනේ.

17.ආදරය, සල්ලි මත පමණක් පදනම්කරගන්න එපා. යම් හෙයකින් ඔහුට වඩා ඔබ මුදල් ඉපයුවොත් එදාටත් ඔබ ඔහුට නොවෙනස්ව ආදරය කරනවද යන්න ඔබේ හිතින් අහල බලන්න.

18.කිසිවිටෙකත් ඔහු ඉදිරියේ ඔබ කාර්යබහුල වෙන්න එපා.මන්ද ඔබ වුණත් කැමති ඔබ වෙනුවෙන් ඔහුත් කාලය වෙන්කරනවනම් නේද? එනිසා ඔහුට හොඳ ඇහුම්කන් දෙන්නෙක් වෙන්න.එවිට මෙතෙක් ඔහු ඔබ වෙනුවෙන් කාලයක් වෙන් නොකලා වුණත්  මින් ඉදිරියට එසේ නොවේවි.

19.ඔබේ අදහස් යම් අවස්ථාවල ඔහුට වැඩ ස්මාර්ට් වෙන්න පුළුවන්.එහෙම වෙලාවට ඔහුව හෑල්ලු කරන්න එපා.හැමවිටම team එකක් විධියට වැඩකරන්න.ලාභ පාඩු එකවිදිහටම විඳගන්න ඔහුට ශක්තියක් වෙන්න.

20.”අනේ ඔයාට ඔය ටිකවත් බැහැනේ…. මැසිවිලි නඟන බිරිඳක් නම් සැමියෙක්ට අවශ්‍ය නැහැ. ඒ නිසා ඔහුව විනිශ්චය කරන්න එපා.”ආ ඒකට මොකද අනේ…ඔයාට  දක්ෂයි කියලා මම දන්නවනේ… වගේ දේවල් කිවුවත් ඒකත් වටිනවා.

21.”අනේ ඔය අස් කරලා දාන්නකෝ… ඔයා ගිහින් හදාගන්නකෝ වගේ දේවල් කියලා කම්මැලි බිරිඳක් බව ඔහුට දන්වන්න එපා.ඒ වගේම නොසැලකිල්ලෙන් වැඩකරන්නත් එපා.

22.කෑමත් එක්ක කිසිම පිරිමියෙක් විහිලු කරන්නේ නැහැ,ඒවගේම තමන්ගේ බිරිඳගේ අතින්ම හදන කෑම තමයි හැම සැමියෙක්ම කන්න කැමති.ඒ නිසා විවිධ කෑම විවිධ රසට ඔබම හදල දෙන්න.

23.ලොකුකම් දාන්න,ලොකුකම් කියවන්න යන්න එපා.ඔහුත් එක්කම ඔහුගේ පැත්තෙන් හිතල ඔහුව සතුටෙන් තියන්න උත්සාහ කරන්න.
24.රැකියාව අවසන් වෙලා,මහන්සිවෙලා ගෙදර ආවම ඔහුට තේ එකක්,කෝපි එකක් නැත්නම් ඔහු කැමති දෙයක් හදල දෙන්න.මේ විධියට මහන්සිවෙලා ගෙදර ආවම සතුටින් පිළිගන්න බිරිඳක්,පවුලක් ඉන්න එක තමා ඔහුට වටිනා එකම දේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here