යොවුන් වියට පා නගන දරුවන් පිළිබඳව ඔබත් අවධානයෙන්ද ?

0
3935
teenagers

යොවුන් වියෙහි පසුවන දියණියක් හෝ තරුණ පුත්‍රයෙක් හිමි මවක් පියෙක් මෙන්ම තරුණ වියෙහි පසුවන ඔබට මට වගේම ඔබේ යොවුන් වියෙහි පසුවන  සහෝදර සහෝදරියන් ගැනත් අවධානයෙන් සිටීම  අත්‍යවශ්‍යම කාරණයකි. තරුණ විය යනු ඇත්තටම ජීවිතයේ  ආකල්ප, ආශාවන් මෙන්ම හැඩරුවෙන් පවා වෙනස් වන ජීවිතේ තීරණාත්මක  කාල සීමාවකී.  යම් කෙනෙකුන් තරුණ විය දක්වා  ගමන් කිරීමේදී ඔවුන්ගේ මනසේ ඇති වන ආශාවන්ද විවිධ වේ. විවිධ වූ අවශ්‍යතා  මනසට ඇතුළු වීමත් සමඟ ඔවුන්ගේ හැසිරීමේද ශීඝ්‍ර වෙනසක් දැකිය හැකිය.  මෙම තරුණ වියට නැතිනම් නව යොවුන් වියට පා නගන දරුවන් වැඩි වශයෙන්  ක්‍රීඩාවට , අධ්‍යාපනයට වඩා ආදරයට හා ලිංගික අවශ්‍යතා වෙත ක්‍රමයෙන් නැඹුරු වේ.  නව යොවුන් වියෙහි පසුවන දරුවන් පිළිබඳව නිසි අවධානයක් ලබා දීම දැනුම් තේරුම් ඇති වැඩිහිටි උදවිය ලෙස අප කාගේත් වගකීමකි.

වයස අවුරුදු 14- 15 වයසේ දරුවන් විරුද්ධ ලිංගිකයන් වෙත වැඩි සැලකිල්ලක් දක්වන්නේ ද මනසේ ඇතිවන වර්ධන හෝර්මෝන වල බලපෑම  නිසාවෙනි. යොවුන් වියෙහි පසුවන දරුවන්ගේ සිරුර තුල සිදුවෙන රසායනික විපර්යාස මොළයේ  ඇතිවන වෙනස්කම්  වලට මෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් වලටද බලපානු ලබයි.  මෙම වයසේදී  අධ්‍යාපන ,තරඟ විභාග යන ඒවා එම දරුවන් හට අභියෝගයක් වුවද ඔවුන්ට අනුව ආදරය හා ලිංගිකත්වය  ජීවිතයේ තීරණාත්මක දෙයකි. එම නිසාවෙන් නව යොවුන් වියේ පසුවන දරුවන්  වැඩි ලෙස අත්හදාබැලීම් වලට පෙළෙඹෙන ස්වභාවයක් මෙම වකවානුව තුලදී දක්නට ලැබේ. අධ්‍යාපන තුලින් ලබා ගත නොහැකි ජීවිතයක් තරුණ දරුවන් මෙම වකවානුවේදී බලාපොරොත්තු වන අතර ඔවුන් නොමඟ යෑමේ පාරට අඩිතාලම දමන්නේද මෙම වයස් සීමාවේදීය.

ඉතින් නව යොවුන් වියෙහි පසුවන දරුවන් සිටින මාපියන් වගේම නව යොවුන් වියෙහි පසුවන සහෝදර සහෝදරියන් ගැනත් අවධානයක් ලබා දීම  මුල සිටම කල යුතුය. නැතිනම් දරුවන් තම මඟ අදුරු කර ගැනීමට වගේම මාර්ගය වරදවා ගැනීමටත් ඉඩ ඇත. අධ්‍යාපන වගේම සදාචාරය , සංස්කෘතිය, ජීවත් වන පරිසරය පිළිබඳව ද දරුවන්ට අවබෝධයක් ලබා දීම වැඩිහිටි අපගේ වගකීමකි.

ඇත්තටම පාසල් පරිසරය අයහපත් වුවහොත් දරුවන් විනාශකාරී මඟකට යොමුවිය හැකිය. දරුවන් ඇසුරු කරනා යහළු යෙහෙළියන් ගේ නරක අවවාද, බලපෑම් මත ඔබගේ දරුවන් වුවද වැරදි කිරීමට පෙළෙඹෙති. ඔබගේ දරුවන් ඇසුරු කරන අය කවුරුන් ද?  දරුවාගේ හැසිරීම් රටාව පෙර ලෙසටත් වඩා වෙනසක් දක්වයි ද  යන්න  ඔබ නිතර අවධානයෙන් සිටිය යුතුය.  යහපත් දරුවකු බිහිවෙන්නේ කායික, මානසික, අධ්‍යාපන වර්ධනය මගින් මෙන්ම ආකල්ප, කුසලතා හා හැසිරීම් රටාව මුල් කොට ගෙනය.  එහිදී තම දරුවන් ජීවිතය නිසි අයුරින් විදින්නට උත්සහා දරනු ඇත. දරුවන්ගේ වයසට සරිලන දේවල් සමඟ පමණක් තම දරුවන් යෙදවීම වැඩිහිටි ඔබ අප කාගේත් යුතුකමකි.  ආදර ගීත, ආදර දසුන්, නවකතා , මෙගා ටෙලි නාට්‍ය වැනි දේ දරුවන්ගේ ලමා මනස සම්පූර්ණයෙන් වෙනස් කරනු ලබයි. ඒවායෙන් සිදු වන්නේ යොවුන් වියෙහි පසු වන ඔබගේ දරුවන්  ප්‍රතිවිරුද්ධ ඇසුරුම්කම් සොයා යෑමය.  කුමන දෙයක් නිසා වෙන්    වත් මෙම වයස් සීමාවෙහි පසුවන දරුවන් හට ඕනෑවට වඩා බලපෑම් එල්ල කිරීම සිදු නොකළ යුතුය.

තවද තරුණ වියට පා තබන ලද දරුවන් හට විශේෂයෙන් මාපිය ආදරය, රැකවරණය අත්‍යවශ්‍යම අතර ඔබ ඔබගේ දරුවන්ට සමීප වන තරමටම ඔවුන්ද ඔබට සමීපව ඔබ පෙන්වන මාර්ගයේ ගමන් කිරීමට පෙළෙඹෙති. ඔබගේ ඇසුර නව යොවුන් වියෙහි දරුවන්ට දැනෙන තරමට ඔවුන් වෙනත් දේවල් පසු පස යෑම සීමා කරනු ඇත.  අද සමාජයේ බොහෝමයක් බාල වයස් දරුවන් පෙම් සබඳතා වල පැටලී තම ජීවිතය මුලා කර ගෙන සිටින්නේ  තම පවුල් පසුබිම තුලින් තමාට අවශ්‍ය ආදරය, සෙනෙහස රැකවරණය නොලැබෙන නිසාවෙනි.  එවිට භාහිර සමාජයෙන් ජීවිතයට ඇතුළු වන ප්‍රතිවිරුද්ධ ලිංගිකයා තම     මුළු ලෝකයම ලෙස දැකීමට දරුවන් පුරුදුව සිටිති. ඇත්තටම කිවහොත් නව  යොවුන් වියෙහි පසුවන දරුවන් හට ආදරය, ප්‍රේමය යන දෙකෙහි වෙනස එම වයස් සීමාවේදී තේරුම් ගැනීමට තරම් උසස් මනසක් බුද්ධියක් නොමැත. එම නිසා බොහෝමයක් දරුවන් විශාදය නැමති මානසික රෝගයේ ගොදුරු බවට පත් වේ. එහිදී තම චිත්ත ධෛර්යය හීන වන අතර  සියදිවි නසා ගැනීමට පවා දරුවන් පෙළෙඹේ.

මෙන්න මේ සදහන් කල සියල්ල දෙස බලන කල නව යොවුන් වියෙහි පසුවන දරුවන් පිළිබඳව මනා අවධානයෙන් සිටීම වැදගත්ය. නිතර නිතර තම දරුවන් ළගින්ම සිටිමින් හරි වැරැද්ද පෙන්වා දී දරුවන් බලාපොරොත්තු වන ආදරය, සෙනෙහස කරුණාව මෙන්ම සමාජයේ ජීවත් වීමට දරුවන්ට ඇති අනෙක් දේවල්ද පෙන්වා  දී තම දරුවන්ගේ  දිවිය ආලෝකමත් කිරීමේ වගකීම රදා පවතින්නේ වැඩිහිටි අප අතේ බව සිහියට නගමින් අනාගත දරු  පරපුර රැක ගැනීමට නිබඳව කැප වී කටයුතු කරන්න ඔබත් එක් වන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here