ඔයාට ඉන්නෙත් සැබෑ යහළුවෙක්ද? ඔයත් සැබෑ යහළුවෙක්ද? ටිකක් හිතන්න…..

friends

අපට හුඟක්  අපහසුයි  මිනිසුන්ගේ  සැබෑ ස්වරූපය  හඳුනාගන්න. සමාජයේ  අපට  කෙතරම්  සමීපතමයන්  හමුවෙනවා  වුණත්  ඉන්  විශ්වාසයක්  තැබිය  හැක්කේ  කීයෙන් කී දෙනෙක්  පිළිබඳවද?  ඒ  නිසා  අප  ඇසුරු  කරන  යහළු  යෙහෙලියන්  අතර  සැබෑ  මිත්‍රයන්  හඳුනාගන්න  එක  වැදගත්  දෙයක්. එහෙත්  ඔයා  මතක  තබාගත  යුතු  වැදගත්ම  කරුණක්  තිබෙනවා.  ඔබ  යහපත්  වෙන  තරමටයි  ඔබටත්  ලැබෙන ප්‍රතිචාර  යහපත්  වෙන්නේ… womanly.lk  අපි, ඔබට  ඔබේ   යහළුකම ගැන  හිතන්න  යමක්  එක්  කරන්නයි  මේ  සූදානම් වෙන්නේ….

 විශ්වාසය

ඔබට  හැකිවෙන්න  ඕනේ  ඔබේ  මිතුරන්  කෙරෙහි  විශ්වාසය  තියන්න.  එමෙන්ම  ඔවුන්ද  ඔබ  කෙරෙහි  හොඳ  විශ්වාසයක්   තැබිය යුතුයි. ඔබ ඔබ  කෙරේ  තබන  විශ්වාසය  තරමටම  ඔබේ  මිතුරා  හෝ  මිතුරියත්  ඔබ  ගැන  විශ්වාසය  තබා  ඇත්ද?  ඔවුන්ගේ  රහස්  ඔබට  පවසනවාද? විවෘතව  කතාබහ  කර  ඔබගේ  උපදෙස්  පතනවාද  ? ඔබත්  ඒ  වගේම  ඔවුන්  හා  කතාබහ  කරද්දී  සැහැල්ලුවක්  දැනෙන  කෙනෙක්ද?  ඔවුන්  ඔබෙන්  යම් යම්  කාරණා  සඟවනවානම්  එයින්  අදහස්වන්නේ  ඔවුන් ඔබ  කෙරෙහි  තබා  ඇති  විශ්වාසය  අඩු  බවයි. ඇත්තටම  සැහැල්ලුවෙන්  නිදහසේ  අපේ  අදහස්  හුවමාරු  කරගන්න  යහළුවෙක්  යෙහෙලියක්  ඉන්න  එක  අපට  හුඟක්  වටිනවා…

සැහැල්ලුව  සහ  නිදහස

ටිකක්  සිතන්න. ඔබ  හා  ඉන්නකොට  ඔබේ  මිතුරු  මිතුරියන්  කෙතරම්  සැහැල්ලුවෙන්  ඉන්නවද? නැත්නම්  ඔවුන්  සිටින්නේ  ගුප්ත  ස්වාභාවයකින්ද?  ඔවුන්  ඔබට  බොරු  කියා  ඇත්ත  සඟවන්න  උත්සාහ  කරනවද? “නෑ  අනේ  මුකුත්  නෑ… එහෙම  ප්‍රශ්නයක්  නෑ  ඉතින්… මම  අර  පැත්තට  ගිහින්  එන්නම්” වගේ  දේවල්  කියනවද? එහෙනම්  ටිකක්  දුරට  හිතන්න ඕනේ  දෙයක්  තමයි  ඒ. ඔබත්  යහළු  යෙහෙලියන්  අතර  ඉන්න  විට  වඩා නිදහසේ  ගතකරන්නේ  කා  සමඟද?  ඇතැම්  විට  ඔවුන්  එහෙම  නැතිවෙන්නත්  පුළුවන්.

සමීප  බව

උරහිසට  හිස  තියාගෙන  ප්‍රශ්න  කතාකරන  යහළුවෙක්  ඔබට  ඉන්නවද?  මොකක්ද  දැන්  කරන්නේ  මම? ඒවගේ  ඔබෙන්  උපදෙස්  පතන්න  තරම්  ඔවුන්  ඔබව  විශ්වාස  කරනවා… හැබැයි  මතක  තබාගන්න… ආත්මාර්ථකාමී  යහළුවන්  බොහෝ  අය  මේ  දේ  කරනවා. ඔවුන්ට  අවශ්‍ය  දේ  ඔබෙන්  ඉටුකරගන  ඈත්වෙන්න  පුළුවන්. මේ නිසා  ඔබත්  කල්පනාවෙන්  ඉන්න  ඕනේ. හොඳම  යහළුවෙක්  කෙදිනකවත්  ඔබේ  දුකේදී  ඔබෙන්  ඈත් වෙන්නේ  නැහැ..  මුල  අමතක  නොකර  ඔවුන්  පෙරලා  ඔබට  උදව්  කරනවා.

පක්ෂපාතිබව

මෙතැනදී  ඔබ කියන  කියන  දේවලට  හා  කියන  එක  හෝ  ඔබේ  වැරදි වහන එක  හෝ  නෙමේ  සැබෑ  පක්ෂපාතිබව  යනුවෙන්  මා  අදහස්  කරන්නේ. කරදරේ  වැටෙන අවස්ථාවක ඉව  සැබෑ  යහළුවකුට  තියෙනවා. ඔබේ  වැරදි  වලදී  වුවද  ඒවා වසන්  නොකර  ඔබට  වරද පෙන්වා  දෙනවා. ඔබේ  යහපත  වෙනුවෙන්  පුංචි හෝ යහපත්  දෙයක්  කරන්න  පෙළඹෙන  යහළුවෙක්  තමයි  සැබෑවටම  යහළුවෙක්  කියන්නේ.

එකිනෙකා  විවේචනය කරන ආකාරය

ඇතැම්  යහළුවන්  විහිළුවෙන්  ඔබව  විවේචනය  කරනවා.  ඔබේ  අඩුපාඩු  සුහදව  පුද්ගලිකව  පෙන්වා  දෙනවා. නමුත්  සමහර  යහළුවන්  හිත්  රිදවීම්  එක්කයි ඔබව  විවේචනය  කරන්නේ.  මෙහෙම  වුණාම  මුලින්  ඔබ  සලකා  බැලිය යුත්තේ  ඔවුන්ට  ඔබෙන්  යම්  වරදක්  සිදුවී  තිබෙනවද  යන්න සොයාබැලීම  ගැනයි. එය  එලෙස  නොවේනම්  හිතන්න  යමක්  තිබෙනවා. ඇත්තටම  සැහැල්ලුවෙන්  ඔබව   විවේචනය  කර  ඒ  පිලිබඳ  වැඩිය  සැලකිල්ලක්  නොදක්වන  යහළුවාට  වඩා  තදින්  ඔබට  අවවාද කරන  යහළුවා ඔබ  ගැන  අවන්කවම  සිතන  කෙනෙකු  වෙන්න  පුළුවන්. (හැබැයි  හැම  හොඳ  යහළුවෙක්ම  මෙහෙම  කරන්නේ  නැහැ)

යහළුකම  මූලික  කරගැනීම

නියම  යහළුවෙක්  අනෙකාගෙන්  වාසියක්  බලාපොරොත්තුවන්නේ  නැහැ.  කෙතරම්  වැඩ  රාජකාරි තිබුනත්  ඔබ  වෙනුවෙන්  වෙලාව  වෙන්  කරන්න  ඔවුන් දෙවරක්  හිතන්නේ  නැහැ.

“හදිස්සි  ගමනක්  යන්න  තියෙනවා.  ඔයා  එන්නම  ඕනේ…”

අනේ  මට  බැහැනේ  ඩියර්  හෙට  සැලෝන්  යන්න  වෙනවා.

“හදිස්සි  ගමනක්  යන්න  තියෙනවා… ඔයාට  එන්න  පුලුවන්ද?  සඳනි  ට  බැහැ  කිව්වනේ…”

“ආ  ඕක  මොකක්ද? මටත්  හෙට  වැඩ  වගයක්  නම්  තියෙනවා… ඒත්  ඔයාට  කරදරයක්  ප්‍රශ්නයක්  නම්  උදව්  නොකර  බැහැනේ.  මම  එන්නම්”…

මෙහෙම  කියන  දෙවර්ගයේම  යහළුවෝ  ඔබට  ඉන්නවා නේද?  ඇතැම්විට  ඔබත්  මේ  වර්ග  දෙකෙන්  එක  ඛණ්ඩයකට අයත්  කෙනෙක්  වෙන්න  පුළුවන්…..

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here