ස්වාමියාගේ සාර්ථකත්වයට මග පෙන්වන බිරිදක් වන්න

0
10648
wife supports her husband

සෑම පිරිමියෙකුගේම සාර්ථකත්වය පිටුපස ගැහැනියක් සිටින බව පුදුමයට කරුණක් නොවේ. ඇතැම් පිරිමි විවාහ වූ විට ඉතාමත් ඉක්මනින් දියුණුව කරා ලගා වෙනවා. එත් සමහර අය නම් හිටපු තත්වයෙනුත් පහතට වැටෙන අවස්ථා අපි අනන්තවත් සමාජයේ දැක තිබෙනවා. බොහෝ ස්වාමිවරු යමක් කිරීමට පෙර තම බිරිදගෙන් විමසීමක් කරන්නේ කාන්තාවන්ට පිරිමින්ට වඩා යමක් ඉදිරියෙන් දකින්න පුළුවන් කියලා හැබෑවටම පිරිමි විස්වාස කරන නිසා. ඒ නිසාම තම ස්වාමියාගේ සාර්ථකත්වයට මග පෙන්වන බිරිදක් වීමට ඔබ කැමති ඇති. ඒ සදහා පහත ක්‍රම අනුගමනය කර බලන්න.

සෑම මොහොතකම තම ස්වාමියාට අවශ්‍ය කරන්නේ කුමක්ද යන්න ඔහුට වඩා ඔබට තේරෙනවා වන්නට පුළුවනි. ඒ නිසා ඔහුට උවමනා කරන දේ ඔහුට තෝරා ගැනීමට සහාය වන්න.

එක් අරමුණක් ඉටු කර ගත් පසු තවත් අරමුණක් ඉටු කර ගන්න ඔහුව පොලබවාලන්න. අනාගතය වසර පහේ කොටස් වලින් සැලසුම් කරන්න.

උනන්දුවේ වැදගත්කම ඔබගේ සැමියාට එත්තු ගන්වන්න. එහිදී අනෙක් මිනිසුන් ලබා ගෙන ඇති ප්‍රථිපල ඔහුටද සිදු කල හැකි බව ඔහුට කියා දෙන්න.

උනන්දුව වැඩි දියුණු කර ගැනීමට මෙම  ක්‍රම භාවිතා කිරීමට ඔහුව පොලබවාලන්න.

  1. තම රැකියාව පිලිබදව දන්නා සියල්ල ඉගෙනීමට
  2. අරමුණක් ඇති කර ගෙන එහි එල්බ සිටීම
  3. උනන්දුව වර්ධනය කරවීම
  4. හොද චින්තනයක් ගොඩ නැංවීම
  5. ඔබ සෑම විටම උනන්දුවෙන් කඩිසරව ක්‍රියා කරන්න. එවිට ඔබේ සැමියාද උනන්දු වේවි.

මෙහිදී විශේෂයෙන්ම කාන්තාවන්ට කිය යුතු දෙයක් වන්නේ තම ස්වාමියාගේ විශ්වාසය කිසිම මොහොතක කඩ කරන්න එපා. සමහර ස්වාමිවරු බිරිද සමග ව්‍යපාරික කටයුතු ගැන කිසිම දෙයක් කතා නොකරන්නේ තම බිරිද විශ්වාස නැති නිසයි. සමහර කාන්තාවන් තම ස්වාමියා කියන සෑම දෙයක්ම මිතුරියන් සමග පවසනවා. නමුත් සිදු විය යුත්තේ ස්වාමියාගේ රැකියා ගැටළු වලදී ඔහු අසලින්ම සිටීමයි. එය ඔහුට ශක්තියක්. ඔබට ඔහුගේ රාජකාරි පිලිබදව වැඩි අවබෝධයක් නොමැති වුවද ඔහු කියන දේවල් වලට හොදින් ඇහුම්කම් දෙන්න. ඔබ නිතරම සෙනෙහෙවන්තව ඒ දේවල් වලට ඇහුම්කම් දෙන්න. එවිට ඔබේ සැමියාට එය පුදුමාකාර සහනයක් වන බව නියතයි. ඔහු කියන දේවල් වලට වඩා සංවේදීව ඇහුම්කම් දෙන කාන්තාවන්ට පිරිමි ගොඩක් ඇලුම් කරනවා. ඔහුගේ මුහුණේ ඉරියව් වලින් ඔහුට ගැටළුවක් පවතින බව ඔබට අවබෝධ කර ගන්නට පුළුවනි. එවැනි අවස්තාවකදී බුද්ධිමත්ව ප්‍රශ්න අසන්න.

ඔබට නිශ්චිත වශයෙන්ම තම සැමියාට උදව් කරන්න පුලුවන්ද යන්න තීරණය වන්නේ ඔහු කරන රැකියාව අනුවයි. ඔහුට ලියකියවිලි ආදියෙන් උපකාර අවශ්‍ය වන්නට පුළුවනි. ටයිප් ගැසීම, වාර්තා පිළිවෙල කිරීම, ලිපි ලිවිම ආදී නිදසුන් සේ හදුන්වන්න පුළුවන්. සමහර විට ඔහුට උදව් කරන්නේ කොහොමද යන්න ඔබට ගැටළුවක් ඇති විය හැකිය. එවැනි අවස්තාවක දී තමා උදව් කරන්නේ කෙසේ දැයි ඔහුගෙන් අසා ගෙන දැන ගන්න. මෙහිදී,

  • ස්වාමියාගේ රැකියාව පිලිබදව හැකිතාක් අවබෝධයක් ඇති කර ගන්න.
  • ඔහුගේ වැඩකොටස් ඉටු කර ගන්නට උවමනා වන අකාරයට සහාය ලබා දෙන්න
  • ඔහුට උසස් වීමක් ලබා ගැනීමට ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, එයට දිරිය ලබා දෙන්න.

මෙවැනි ආකාරයට තම ස්වාමියාව නිතරම දිරිමත් කරන්න. එවිට ඔබේ සැමියා සාර්ථකත්වය කරා ගමන් කරන අකාරය ඔබටම දකින්නට පුළුවනි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here