උදේ හවස නිවසේ බුදුහිමි පුදන ඔබ දැන ගත යුතුම කරුණු කිහිපයක්

0
10574

බෞද්ධ අපි අපේ නිවස තුල දිනපතා උදෑසන හා හවස බුදුහිමියන් වෙනුවෙන් බුදු පහන තියන්න නම් අමතක කරන්නෙ නෑ. හැබැයි පමණක් උදවිය නම් මෙම කාර්ය තම භක්තියෙන්ම සිදු කරත් තවත් අයට නම් මෙය පුරුද්දට කරන ක්‍රියාවලියක් වෙලා. නමුත් කොහොම වුනත් ඇත්තටම අපි අපේ ආගම අපේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් කරන ඕනෑම දෙයක් හදවතින්ම භක්තියකින් ඉටු කරන්න ඕන. බුදුහිමි උදෙසා බුදු පහන තියන එක වුනත් එහෙමයි. පමණක් ගෙවල් වල නම් බුදුහිමියන්ට පහන තියන්නෙ අපේ පොඩි දරුවො. ඒ වගේම තවත් ගෙවල් වල නම් වැඩිහිටි කාන්තා ඔබ අතින් එය සිදු වෙනවා ඇති. ඉතින් මේ කොහොම වුනත් නිවසේ බුදු පහන තියන ඔබ මේ කරුණු නම් අනිවාර්යයෙන් දැන ගෙන සිටිය යුතුමයි.

පිරිසිදු බව

ගෙදර බුදු පහන තියනවා නම් අනිවාර්යයෙන් බුදු පහන තියෙන කුටියෙ ඉඳලා ඒ අවට වගේම ගේ දොරත් හොඳ පිළිවෙලට පිරිසිදුවට තියා ගන්න ඕන. මොකද ඔබ ඔබේ උපරිම භක්තියෙන් බුදුහිමියන්ට මල්පහන් පූජා කරලා වදිනවා කියන්නෙ ලොවක් පාලනය කරන දෙවි දේවතාවුන් වහන්සේලාගේ බැල්ම පවා ඔබට වගේම ඔබේ නිවසටත් ලැබෙනවා කියන එක. ඉතින් බුදුහිමියන් වෙනුවෙන් පහන පත්තු කරන ඔබේ ගෙදර බුදු කුටිය දිනපතාම පිරිසිදු කරලා පිළිවෙලකට තියා ගන්න අමතක කරන්න එපා.

වේලාව

බුදුහිමියන් උදෙසා පහන තියනවා නම් අනිවාර්යයෙන් ඔබ උදෑසන 6ත් 7ත් අතර පහන තියන්න අමතක කරන්න එපා. උදේම නැගිටලා ගෙවල්  දොරවල් අතු ගාලා ඔබත් පිරිසිදු වෙලා බුදුන්ට මල් පහන් පූජා කරලම අනෙක් වැඩ ආරම්භ කරන්න. ගෙදර දොරේ වැඩ ඉවර කරලා අට නවේ වෙලා නම් පහන තියන්න යන්න එපා. බුදුන් වහන්සේ ලෝකයාට පිහිට වෙන්න ලොවක් දිහා බැලුවෙ උදෑසන.ඉතින් බුදුන් වහන්සේ වෙනුවෙන් වත් පිළිවෙත් කරන්න උදෑසන හයත් හතත් අතර කාලය තමා හොඳම. ඒ වගේම සවස පහත් හයත් අතර කාලය තුල නිවසේ බුදු පහන තියන්න. කවදාවත් අට නවය වෙලා බුදුන්ට පහන තියන්න එපා.

ඔබේ පිරිසිදු බව

බුදු හිමි නමදින්න කලින් ඔබ ගෙදර දොර පිරිසිදු කරනවා වගේම ඔබත් මුහුණකට සෝදලා පිරිසිදු වෙලා සිටිය යුතුයි. මොකද බුදුහිමි නමදින්න අපි අපේ හිත පිරිසිදු කර ගන්නවා වගේම මේ දිරාපත්වන කයත් පිරිසිදු කර ගන්න ඕන.

කාන්තා ඔබ මාසික ඔසප් දින වල නම් කිසි ලෙසකත් බුදුහිමියන් උදෙසා වත්පිළිවෙත් කරන්න යන්න එපා. ඒ දින දෙක තුන තුල නිවසේ වෙසෙන වෙනත් වැඩිහිටි අයෙක්ට කියලා එම කටයුතු කරවන්න.

ගාථා

අපි ගෙදර බුදුහිමියන් උදෙසා පංචශිලය සමාදන් වන අය. ඉතින් බුදු පහන තියලා ගෙදරදි පංචශිලය සමාදන් වෙලා මල්,පහන්,සුවද දුන්, පැන් පූජා කරන ගාථාවන් කියලා, බුද්ධ රත්නය ධම්ම රත්නය මා සංඝ රත්නය වන්දනා කරලා දෙවියන්ට පිං දෙන්න. කවදාවත් ඔබ ගෙදරදි බුදුන්ට වඳින කොට මලගිය ඥාතීන්ට පිං දෙන්න යන්න එපා. මොකද නැති බහිරවයො ගෙදරට ගෙන්න ගන්න වැඩක් ඒක නම්.

ඒ වගේම තමයි බුදු හිමි නමදින බුදු කුටිය අසලින් කවදාවත් ගෙදරට මාළු පිළී අරන් එන්න එපා. ගෙදර ශීතකරණ කවදාවත් බුදු කුටිය තියෙන කාමරය තුල තබන්නත් එපා.

ඉතින් ඔබත් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් විදියට ඔබගෙ නිවසේ බුදු පහන තියන කෙනෙක් නම් අනිවාර්යයෙන් මම මේ කියපු කරුණු කාරණා හොඳින් අවබෝධ කර ගෙන ඒ දේවල් ඒ විදියට ඉටු කරන්න. ඇත්තටම ඔබට ලොකු සහනයක් වගේම නිවසේ සමගිය, දියුණුව ඔබ පතපු විදියටම ලගා කර ගන්නත් පුළුවන් වෙයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here