ප්‍රශ්න වලින් තොර වූ සැබෑ ආදරයක් තුල මෙම කරුණු 05 අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

0
8613
lovely_couple

ආදරය යන වචනය ඇසූ පමණින් ඔබට මට වගේම සතා සිව්පාවන්ටද  එය හොඳින්ම දැනෙනු ඇත. ආදරය යන වචනයට නිශ්චිත තේරුමක් නොමැති වුවද ආදරය යන මාතෘකාව  ගැඹුරින් කතා කිරීමට හේතු කාරණා රාශියක් පවතී. ආදරය කියූ පමණින් එය එකිනෙකට වෙනස් පැතිකඩ කිහිපයක් ඔස්සේ අපට බැලිය හැකිය.  දෙමාපියන් දරුවන් වෙනුවෙන් , දරුවන් දෙමාපියන් වෙනුවෙන් , සහෝදර සහෝදරියන් , මිතුර මිතුරියන් මෙන්ම නව යොවුන් තරුණ පෙම්වතුන් පෙම්පතියන්ගේ අතරද ආදරය යන හැඟීම පවතී. නමුත්  එය එකිනෙකා අතර වෙනස් වූ හැඟීමක් ලෙසින් පවතින දෙයකි.  ඇත්තටම මොන විදියකින් කතා කලත් මෙම ආදරය යන අර්ථය තවත් පිවිතුරු එකක් කර ගැනීමට එහි මූලික ලෙස   කරුණු කාරණා  05ක් තිබිය යුතුය.
ඉතින් එහෙනම් බලන්න ඔයාගේ ආදරෙත් පිවිතුරු ලස්සන ආදර කතාවක්  කර ගන්න ඔයාගෙ ආදරේ අැතුලෙත් මේ කරුණු 05 තියෙනවද කියලා.

1. අවංකත්වය 

සැබෑ ආදරය තුල අවංකත්වය අනිවාර්යයෙන්ම පැවතිය යුතුය. දෙදෙනාට දෙදෙනාගේ අවංකකම ඇති තැන සැකයෙන් හා ව්‍යාජත්වයෙන් තොර ලස්සන ආදර  කතාවකට මුල පිරිය හැකිය.  එහෙනම් අද ඉඳලා ඔයත් ඔයාගේ ආදරේට වගේම ඔයා ආදරේ කරන කෙනාටත් එක සිතින් අවංකව කටයුතු කරන්න.

2. පරිත්‍යාගය 

සැබෑ ආදරය තුල අකෙනාව හිමි කර ගැනීමට ඇති කැමැත්ත තුල බොහෝ සෙයින්  ඇත්තේ . නමුත් සැබෑ ආදරයේදී හිමි කර ගැනීමටත් වඩා වටිනාම දේ වන්නේ අනෙකාගේ මතු යහපත උදෙසා තම ආදරය පවා කැපකිරීමට ඇති හැකියාවය. අනෙකාගේ යහපත හේතු කොට ගෙන  තමාගේ ආදරය අතහැර දැමීමට ආත්ම ශක්තියක් ඇති තැනැත්තා සැබවින්ම නියම ආදරය හදුනාගත් අයෙක් වේ. මේ සමාජය තුල එවන් ලෙස අනෙකාගේ සතුට, යහපත වෙනුවෙන් තම ආදරය පරිත්‍යාග කල අය බොහෝමයක් ඇත. ඔබත් එවැනි ආදරවන්තයෙක්, ආදරවන්තියක් වෙන්න පුළුවන්. ඇත්තටම සැබෑ ආදරය තුල හිමිකර ගැනීමටත් වඩා අවශ්‍ය වන්නේ පරිත්‍යාග කිරීමට හැකි වීමයි.

3. ගරු කිරීම 

ආදරය තුල දෙදෙනාට දෙදෙනා  ගරු කිරීම අත්‍යවශ්‍යම කරුණකි. ඔබ පුරුෂ පාර්ශවය නියෝජනය කරන ආදරවන්තයෙක් නම් කවදාවත් ඔබගේ ආත්ම ගරුත්වයට හානිවේ යයි යන බල මතයෙන් ආදරය දිහා බලන්න යන්න එපා . කාන්තා පාර්ශවය ගැන අඩු තක්සේරුවක් ඇතිව හිතලා එයාට මම මොකට ගරු කරන්නද? මම තමයි කොල්ලා, එයා ඉන්න ඕන මම කියන විදියට  කියලා කවදාවත් හිතන්න එපා. මොකද හොද සම්බන්ධයක් ගොඩ නගන්න නම් දෙන්නම දෙන්නට ගරු කරන්න පුරුදු වෙන්න ඕන. ගොඩක් ආදර සම්බන්ධතා බිඳී යන්නෙ මෙන්න මේ හේතුව නිසාවෙන්. ඉතින් එහෙනම් ඔබත් ඔබේ ආදරවන්තියට, ආදරවන්තයට, බිරිදට, සැමියට ගරු කරන්න. එය ඔබේ සබදතාව ශක්තිමත් කිරීමට ඔබට පිහිට වේවි .

4. තේරුම් ගැනීම 

හොඳ සබඳතාවක් ගොඩ නගා ගැනීමට වගේම සැබෑ ආදරයක් තුල දෙදෙනාට දෙදෙනා තේරුම් ගෙන කටයුතු කිරීම සිදු විය යුතුම කරුණකි. ආදරවන්තියක් වුනත් ඔබ ඔබගේ ආදරවන්තයාව හොඳින් තේරුම් ගත යුතුය. ආදරවන්තයෙක් වුවද ඔබ ඔබගේ ආදරවන්තිය තේරුම් ගත යුතුය. ඒ පමණක්ම නොව ඔබ ඔබගේ සැමියා, බිරිඳ තේරුම් ගත යුතුය.  එකිනෙකා තේරුම් ගත් බැඳිමක් තුල  ප්‍රශ්න , ගැටලු අවම ආදර අන්දරයක් දැක ගැනීමට හැකිය.

5. සවන් දීම

සැබෑ ආදරය තුල එකිනෙකාට සවන් දීම අත්‍යවශ්‍යම කාරණයකි. අනෙකා ඔබ  හට යමක් පවසා සිටීද එයට සවන් දීම, එය ක්‍රියාවට නැංවීම ඔබගෙන් ඉටු විය යුතුය. අනෙකා හට සවන් නොදීම තුලින් ඔබගේ ආදරයට පැන නැගෙන ගැටලු වැඩි විය හැකිය. එම නිසා සැබෑ ආදරය තුල එකිනෙකාට ඇහුන්කන් දීම අත්‍යවශ්‍යය.

ඉතින් ඔබත් ඔබගේ ආදරය ජය ගන්න. ගැටලු වලින් තොර ආදර කතාවකට මුල පුරන්න මේ අත්‍යවශ්‍යම කරුණු කාරණා 05 ඔයාගෙ ආදරයටත් එකතු කර ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here