මේක් අප් භාවිතා නොකර ඔබට නීරෝගි, දිදුලන පෙනුමක් ලබා ගත හැකි ආකාර 7ක්

0
10188
මේක් අප් භාවිතා නොකර ඔබට නීරෝගි, දිදුලන පෙනුමක් ලබා ගත හැකි ආකාර 7ක්

සමහර කාන්තාවන් සිතන්නේ, දිදුලන පැහැපත් පෙනුමක් සඳහා දිනපතා මේක් අප් භාවිතය අත්‍යවශ්‍ය බවය. මේක් අප් කිරීම ඔබගේ රුව ඉස්මතු කිරීම සඳහා යොදා ගත හැකි කලාවක් වූවත් සුන්දර පෙනුමක් සඳහා දිනපතා මේක් අප් භාවිතා කිරීම අනිවාර්ය නොවේ. රැකියාවට පිටත් වීමර පෙර අපි බොහෝ කාලයක් කන්නාඩිය ඉදිරියට වී මේක් අප් භාවිතා කිරීමට පුරුදු වී සිටින්නෙමු. නමුත් කිසිදු බාහිර ආලේපනයකින් තොරව අපට ස්වභාවයෙන්ම හිමිවූ රූ සපුව රැක ගැනීමට අප කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත. මේක් අප් භාවිතයෙන් ඉවත් වීමෙන් ඔබට කාලය මෙන්ම මුදල්ද ඉතිරි කර ගත හැක. සම වඩාත් නීරෝගි වන අතර කෘතීම ආලේපන වලින් ඈත්වීම නිසා පැහැපත් පෙනුමක් ද ලබා දෙයි. පහත දැක්වෙන්නේ මේක් අප් වලින් තොරව ඔබට සුන්දර රූ සපුවක් පවත්වා ගත හැකි ආකාර කිහිපයකි.

සෑම උදෑසනකම හා රාත්‍රියකම හොඳින් මුහුණ සෝදන්න.
මේක් අප් වලින් තොර පැහැපත්, දිදුලන සමක් ලබා ගැනීමට නම් දිනපතා උදෑසන හා රාත්‍රියේදි මුහුණ සේදීම අනිවාර්ය වේ. නමුත් බොහෝ කාන්තාවෝ මෙය පුරුද්දක් ලෙස නොකරති. සමේ කුරුලෑ වැනි චර්ම රෝග ඇතිවීම වලක්වා ගැනීම සඳහා ඔබ නොවරදවාම මුහුණ සේදීම කල යුතුය.

සැර අඩු, ක්ලෙන්සර් එකක් භාවිතා කිරීම.
වෙළඳ පොලේ ඇති සැර ෆේශල් ක්ලෙන්සර් ඔබගේ සමට අහිතකර ප්‍රතිඵල ලබා දේ. සම වියලීමෙන් හා ඉරි තැලීමෙන් ආරක්ෂා කර ගැනීමටත්, එහි තෙතමනය රඳවා ගැනීමටත් මෘදු, සැර අඩු ක්ලෙන්සර් එකක් ඔබ භාවිතා කල යුතුය. හැකි නම් ඔබගේ සමට වඩාත් සුදුසු hypo-allergenic, non-comedogenic ක්ලේන්සර් එකක් සොයා ගන්න. මෙය ඔබගේ සමට ලබා දිය හැකි හොඳම ප්‍රතිකාරයකි.

සමට සුදුසු ෆේශල් මොයිෂ්චරයිසරයක් භාවිතා කරන්න.
මුහුණ සේදීමෙන් පසු සමේ තරුණ බව ආරක්ෂා කරගැනීමට ඔබට ෆේශල් මොයිෂ්චරයිසරයක් භාවිතා කල හැක. අවාසනාවකට මෙන් බොහෝ මොයිෂ්චරයිසර් ක්‍රීම් තෙල් සහිත වන අතර එය ඔබගේ මුහුණේ තෙල් හා දිලිසෙන ගතිය වැඩි කරයි. ඔබගේ සමට වඩාත් සුදුසු ක්‍රීම් එකක් සොයා ගන්න. සාමාන්‍යයෙන් අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා වීම සඳහා SPF අගය 30 සහිත මොයිෂ්චරයිසරයක් භාවිතා කිරීම යෝග්‍ය වේ.

මස්කාරා වෙනුවට වැස්ලීන් භාවිතා කරන්න.
ඔබට මෙය අදහා ගත නොහැකි වූවත්, පරික්ෂණ වලට අනුව මස්කාරා වෙනුවට වැස්ලීන් භාවිතා කිරීමෙන් ඔබගේ ඇස් පිහාටු වඩාත් ඉස්මතු වී පෙනේ. කිසිදු කෘතිම ආලේපනයක් භාවිතා නොකර, වැස්ලීන් මදක් ඔබේ ඇස් පිහාටු වල ගැල්වීමෙන් එහි දිදුලන බව ත්‍රීව කර ගත හැක. ඔබ මස්කාරා භාවිතා කරනවා නම්, එය ඉවත් කිරීම සඳහා වැස්ලීන් යොදා ගන්න. මේක් අප් ඉවත්කරන කාරකයක් ලෙසද වැස්ලීන් ප්‍රසිද්ධය.

වෙළඳපොලෙන් මිලදී ගන්නා ලිප්-බාම් වෙනුවට පොල් තෙල් යොදා ගන්න.
පොල් තෙල් මේක් අප් ඉවත්කරන කාරකයක් ලෙස යොදා ගත හැකි සේම ලිප් බාම් එකක් වෙනුවටද භාවිතා කල හැක. සමහර ලිප් බාම් වල සැර රසායකිනික ද්‍රව්‍ය අඩංගු වන හෙයින් එය ඔබගේ තොල් වියලි බවට පත් කල හැක. පොල් තෙල් මදක් තොල් මත ගැල්වීමෙන් ඔබට තොලේ තෙතමනය ආරක්ෂා කර ගත හැකි වනවා සේම ඉරි තැලීමෙන් හා ලේ ගැලීමෙන් ද ඇතිවූ තුවාල සුව කල හැක. ඔබත් ඔබේ දෙතොල් වලට දිදුලන පෙනුමක් එක් කිරීම සඳහා පොල් තෙල් මදක් ගල්වන්න.

ඇහි බැම නිතරම සකස් කිරීමෙන් වළකින්න.
ඇහි බැම සකස් කිරීමේ අවශ්‍යතාව ඔබට පහල වූවත් කෙස් නිතරම ඉවත් කිරීමෙන් වළකින්න. වැක්ස් කිරීම වැනි සමට අහිතකර ප්‍රතිඵල ඇති කල හැකි ක්‍රම භාවිතා කරනවා වෙනුවට ට්වීසරයකින් පිටතට වැවුණු කෙස් ගලවා දමන්න. ඔබගේ ඇහි බැම ඝනව වැඩී ඇත්නම්, කිසිසේත් එය අවලස්සන දෙයක් යැයි නොසිතන්න. පමණට වඩා ඒ පිලිබඳව සැලකිලිමත් වන්නේ නැතුව ඔබට ස්වභාවයෙන්ම හිමි වූ රුව පිළිබඳව සන්තෝෂ වන්න.

නීරෝගි ආහාර රටාවක් අනුගමනය කරන්න.
ඔබට නීරෝගි සමක් තිබේ නම්, මේක් අප් කිසිසේත් අවශ්‍ය වන්නේ නැත. ඔබ දෛනිකව ලබා ගන්නා අහාර වේල ඔබගේ සමේ මනා සෞඛ්‍යය කෙරෙහි ඍජු ලෙස බලපායි. පළමුව, හැකි පමණ ඔබගේ දිනපතා ආහාර වේලට පලතුරු හා එළවලු එකතු කර ගන්න. එසේම නීරෝගි සමක් සඳහා අනුභව කල යුතු විශේෂ ආහාර ද නිරන්තරයෙන් ලබා ගන්න. මේක් අප් වලින් තොර, පැහැපත් දිදුලන සමක් සඳහා ඔබගේ ආහාර රටාව තදින්ම බලපාන බව මතක තබා ගන්න.
මේක් අප් වලින් තොරව සුන්දර රූ සපුවක් පවත්වා ගැනීම ඔබ සිතන තරම් අසීරු නොවේ. ඔබ දෛනික ජීවිතයේ සිදු කරනු ලබන සුලු වෙනස්කම්, විස්මිත ප්‍රතිඵල ඔබට ලබා දේ. මේක් අප් භාවිත නොකර සමේ නීරෝගි පැහැපත් භාවය පවත්වා ගැනීම සඳහා ඔබ අනුගමනය කරන රහස් මොනවාද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here