රිදී තිරයෙන් මතුවෙන ඔබේ ආකල්ප …

moveis

චිත්‍රපට   කිව්වම  අපි  කවුරුත්  ආසයි නේ  විවිධ  චිත්‍රපට  බලන්න.  එක්  එක් අය  කැමති  විවිධ  චිත්‍රපට  තියෙනවා. සමහරු  comedy  වලට  ආසයි. සමහරු  ආස  action  වර්ගයට. සමහර  අය  romance  වලට  ආසයි.  ඔබ  දන්නවද?  ඔබ  ආස  කරන  ප්‍රියතම  චිත්‍රපට  වර්ගවලින්  ඔබ  ගැන  කියන්න  පුළුවන්. අපේ  අභ්‍යන්තර සිතුවිලි  තමයි  විවිධ  ස්වරුපයන්ගෙන්  එලියට  එන්නේ.  ඉතින්  අද  womanly.lk  තුලින්  මම  කතාකරන්නේ චිත්‍රපට  වර්ග කිහිපයක්  අරගෙන  පුද්ගල  රුචිකත්වය  මත  පදනම්  වන  ඔබේ  පෞරුෂත්වයෙන්  පිළිබිඹු  වන  අන්න  ඒ  සිතුවිලි  ගැනයි.  පුද්ගලිකව  මම  ආස  horror  සහ  romantic  films  වලටයි. ඔබ ?

විද්‍යා  ප්‍රබන්ධ  හෝ  මන:කල්පිත  කතා 

ඔබ ප්‍රියකරන්නේ  ප්‍රබන්ධ  ඇසුරෙන්  තැනෙන  චිත්‍රපට  වලට  නම්…ඔබ  විඥයානවාදී  අයෙක්. ලෝකය  දෙස  ඇතිසැටියෙන්  බලන  කෙනෙක්  නොවන  මුත්  ඔබ  ලෝකය  පැවතියේ  බිහිවුනේ  කොහොමද  කියා  සොයන්න  නම්  උනන්දු  වන  කෙනෙක්. මනුෂ්‍යත්වයේ  තිබෙන පරාර්ථකාමිත්වය  සහ  වෙනස් චින්තනය වැනි  ආවේණික  ගුණාංග  ඔබ  තුල  තිබෙන  නිසා  එය  ඔබ  ලද  දායාදයක් ලෙස සලකන්න.  ඔබ  අර්ථාන්විතව  සිතන  කෙනෙක්. ඔබ  සිතන්නේ  අප  සැම  මෙලොවට  පැමිණියේ  ප්‍රශ්න  පත්‍රයක්  වැනි  ජිවිතයට  උත්තර  දීමට  කියායි.  අලුත්  දේවල්  ඉගෙනගන්න, සත්‍යය   ලුහුබඳින්න ඔබ  හුඟක්  කැමතියි. ඔබ ට  සමාජයත්  එක්ක  ගැටුම්  තියෙන්න  පුළුවන්.  මොකද  ඔබේ  අදහස්  ඔබටම  ආවේණික  නිසා.  එහෙත්  ඔබ  ඔබේ  ආවේණික  ගුණාංග  මතගැටුම්  හමුවේ  වෙනස්  කරගන්නෙත්  නැහැ. එය  යහපත්  ලක්ෂණයක්.

Comedy 

මේ  ඔබේ  ප්‍රියතම  වර්ගය  නම්…. ඔබ  ජීවිතය  ගැන  හිතන්නේ  සැහැල්ලුවෙන්. ඒ වගේම  ඔබ  එදිනෙදා  ඔබට  ඇතිවන  ප්‍රශ්න  වලින්  ඈත්වෙන්න , එහෙම  නැත්නම්  ප්‍රශ්න  වලින්  ටිකකට  හෝ  මිදී  සතුටු වෙන්න  උත්සාහ කරන්නෙක්. සෑම  කළු  වලාවකම  රිදී  රේඛාව  දකින්නේ  ඔබයි. හැම  ඍණාත්මක  සිතිවිල්ලක්ම  ධනාත්මක  කරගෙන  සිනහවෙන්  සිටින්න  ඔයාට  පුළුවන්.  ප්‍රශ්න  වලින්  පැනල  යන්නත් ටිකක්  උත්සාහ  කරනවා. ඒක  නම් එතරම් හොඳ  දෙයක්  නෙමේ.  සිනහවෙන්  ප්‍රශ්න  විසඳන්න  උත්සාහ  කරන්න. එය  ඔබට නම් පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් වේවි.

Romance

මේ  වර්ගයට  වැටෙන්නේ  ආදරය  පදනම්  කරගත්  ඒවායි.  එහිදී  ගොඩක්  දුරට  ප්‍රේක්ෂකයාගේ  ආදරය , අනුකම්පාව  ප්‍රධාන  චරිත  කෙරෙහි  යොමුවෙනවා. සමහර  වෙලාවට  හාස්‍යය  එක්කම  ආදරයත්  දිගහැරෙනවා. ඇතැම්  විට  ඍජුවම  ආදරය  ඉස්මතු  කරනවා.  හරියට  Note Book ,  Best  of  Me  වගේ.  මම  ආසම  වර්ගයත්  මෙයයි.

ඔබ  romantic  චිත්‍රපට  ලෝලියෙක්  නම්  ඔබ  බලාපොරොත්තුවක්  නැතුවම  අන්  අයට  ආදරය  කරන කෙනෙක්. ඒ වගේම  හුඟක්  විශ්වාස කරන  කෙනෙක්.  ඒක  එතරම්  හොඳ  නැහැ.  ඒත්  ඕනෑම  කෙනෙක්ට  ඔබ  ගැන  විශ්වාසය  තියන්න  නම්  පුළුවන්.  එනිසාම  ඔයාට  ලාභ  පාඩු  දෙකම  වෙන්නත්  පුළුවන්  නිසා  ටිකක්  තාර්කික  වෙන්න. ආදරයට  අවංක  කෙනෙක්  ඔබ. ඔබ  ආදරය  ගැන  ඉන්නේ  සැලකිල්ලෙන්.  හැමදාම  ඔබේ  ආදරයට  ආදරය  ප්‍රකාශ  කරන  කෙනෙක්  ඔයා.  සංවේදී සහ  කලාත්මක  කෙනෙක්  හැටියටත්  ඔබව  හඳුන්වන්න  පුළුවන්.

Horror

මෙය ත්‍රාසය, භීතිය,  සිත  තුල  සැඟවී  තිබෙන  බිය  එලියට  ගන්න  පුළුවන්  වර්ගයක්. මගෙත්  ප්‍රියතම  අනික්  චිත්‍රපට වර්ගය  මෙයයි. ඔබ පසුගිය  දවස්වල  Conjurring  2  නරඹන්න  ඇති  කියලා  මා  සිතනවා. ඒවගේම  insdious , oculous වගේ  චිත්‍රපට  horror  movie  fans  වන  ඔබ  අත්නොහළ  චිත්‍රපට  වුන  බව  අනුමානයක්  නැහැ.

මේ  වර්ගයේ  චිත්‍රපට   ප්‍රිය  කරන  ඔබ  බියට  මුහුණ  දිය  යුතුයි  කියා  සිතන  කෙනෙක්.  බලාපොරොත්තු  නොවූ  ලෙස  සිදුවන  බියජනක  සිදුවීම්  වලට  ඔබ  කැමතියි.  මෙහිදී  ඔබ  හොල්මන්  විශ්වාස  කළා හෝ  නොකලා  හෝ  එය  අදාළ  වන්නේ  නැත.  ඔබට  අවශ්‍ය  වන්නේ   බය  දැනෙන  විට  මුහුණ  දෙන්නේ  කොහොමදැයි  දැනගැනීමටය.  ඔබ  අලුත්  දේ  සොයාබලන්න  අත්විඳින්න  කැමතියි  වගේම  වෙනස්  අත්දැකීම්  වලින්  ඇඩ්රිනලින් ක්‍රියාවලිය  අලුත්  කරගන්නත්  කැමතියි  වගේ. ඔබ  අන්  අය  ඔබ  ගැන  සිතන  ආකාරය  ගැන  වද  වෙන්නේද  නැහැ.

Action  /  Adventure

මේ  වර්ගයට  අයිති  වෙන්නේ  ත්‍රාසජනක, ක්‍රියාදාමයන්  අඩංගු  චිත්‍රපට.  අර්බුදකාරී  සමාජ  වාතාවරණයන්  මෙයට  අඩංගු  වෙනවා. හරියට  die hard, fast &  furious, indianna  jones, james bond  චිත්‍රපට  වගේ.

මේ  වර්ගය ප්‍රියකරන්නන්  තමන්ගේ  නම  අමතක  වෙන  තරමටම  මේ  ආරේ  චිත්‍රපට  නරඹන්න  කැමතියි. මන්දගාමී  දේවල්  වලට  ඔබ  කැමති නැහැ.  හැමදේම  වේගයෙන්  ඉක්මනින්  කරන්න  ඔබ  හිතනවා. ත්‍රාසජනක  අත්දැකීම්  වලට  ඔබ  හුඟක්ම  කැමතියි. rolar coaster  පදින්න,  වේගයෙන්  ධාවනය  කරන්න, bike riding  වලට  ඔබ  හුඟක්  කැමති  ඇති  නේද?

About The Author

Previous articleCamping හොඳ වෙන්න හේතු 6 ක්
Next article3D Printing තාක්ෂණය සහ අද ලෝකය
මේ සත්‍යා. කුඩා දරුවන්ට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් ලෙස ඇය දැනට කටයුතු කරනවා. කවදා හෝ නීතිවේදිනියක් වී අසරණ මිනිසුන්ට උපකාර කිරීමට බලාපොරොත්තුවෙන් ඇය නීතිය විෂයක් සේ හදාරනවා. රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ස්වෙච්චා භාෂා පරිවර්තන කටයුතු කරනවා. දැනට ඇය ජපන් භාෂාව පිලිබඳ අධ්‍යයනය කරමිනුයි සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here