මුහුනුපොත නරක නැහැ , ගණුදෙණුව පරිස්සමින්

woman-using-fb

ඉස්සර කාලයේ කාන්තාවන් අතර සම්බන්ධතාවයන් ගොඩ නැගුනේ ලිඳ අසල එහෙම නැත්නම් නාන තොටකදී බව සාමාන්‍ය පිලිගැනීමක් වුනා. ඒ බව ඇත්ත. අද වගේම නල ජලයෙන් සැනසෙන්න්ට ඉඩක් නොවුන නිසාම ඔවුන් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ ස්ථාන වෙතට ගියා. එහිදී එදිනෙදා තොරතුරු කතා බහට ලක් වුණා. ඒ වගේම ඔවුන් අද වගේ රැකියාවන්හි නිරත නොවුන නිසාත් කාලය පිලිබදව ගැටලුවක් වුනෙත් නැහැ.

ඒත් අද තත්වය එහෙම  නොවෙයි..හැම කාන්තාවක්ම කුමක් හෝ රැකියාවක නිරත වෙනවා. එහෙම නැත්නම් ස්වයං රැකියාවක්වත් කරනවා. මේ නිසා අද ඔවුන්ට අපි හඳුන්වන ඕපා දූප කතාබහට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒත් ඇත්තටම ඕපා දූපත් නරක නැහැ. ඒ ඇයි තිව්වොත් ඕපා දූප මගින් අපිට බොහෝ දේවල් උගත හැකියි. ඒ මොනවාද ?

ගමේ එහෙම නැත්නම් අපි අවට තොරතුරු දැන ගන්න පුලුවන්. අපි කිසිම කෙනෙකුට තනිව ජීවත් වෙන්න බැහැ. මානව සම්බන්ධතාවයන් වෙනත් විදිහකට කිව්වොත් අපි එකිනෙකා අතර සම්බන්ධතාවයක් තිබෙන්න ඕන. කාලවේලාව අරගෙන කතා බහ කරද්දී මේ වාගේ සම්බන්ධතාවයන් නොදැනම ගොඩ නැගෙනවා.

සාමාන්‍ය විදිහටත් අපි කියන්නේ ඇයි හොඳයි කියන තත්වයටවත් අපි අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන්න අවශ්‍ය බවයි. ඒ වෙනුවෙන් ඕපා දූප සමාගම අවශ්‍ය වෙනවා. මිනිස්සු වුනාම මුහුණට මුහුණ හමු වුනත් කතා නොකරන තත්වයට අද පත්ව සිටිනවා. ඒ තරමටම සුහදතාවය අපෙන් ඈත් වෙලා.

දැන් සම්බන්ධතාවය ඇති වෙන විද්‍යුත් මාධ්‍යක් විදිහට මුහුණු පොත ඉතා ජනප්‍රිය මාධ්‍යක් වෙලා තිබෙනවා. එහිත් ඇති වරදක් නැහැ. වරදක් ඇතොත් ඒ තියෙන්නේ අපි එහි සීමාවන් හදුනා ගෙන නොමැකි වීම පමණයි. මුහුනු පොත හෙවත් ඔබ ඉතාම හොදින් දන්නා විදිහට ‍ෆේස් බුක් මගින් අපි ඉතාම සජීවි විදිහට සම්බන්ධ වෙනවා. කාලාන්තරයක් පුරා හමු නොවුන මිතුරන් පවා දැන් මේ ඔස්සේ හඳුනා ගන්න කිසිම අපහසුවක් නැහැ. කතා බහ සංවාද පවා ගොඩ නගා ගන්න පුළුවන්. මරණයක්, විපතක් හෝ වෙනත් එවැනි තොරතුරක් ඉතාම ඉක්මනින් සන්නිවේදනය වෙනවා. ඒ සේරම ඇත්ත වුනත් වෙනුවෙන් ‍ෆේස් බුක් චෝදනා ගොඩ නැගෙන්නේ ඇයි ?

වෙලාවක් කලාවක් නැහැ

හැම දෙයක් වෙනුවෙන්ම වෙලාවක් අවශ්‍යයි. ඒත් අද කාන්තාවන් මේ වෙනුවෙන් ඇබ්බැහි වෙලා…පවුල කියන සංකල්පය බොහෝ දුරට ඈත් වෙනවා. සමහර  ආයතන තුල වගේම එක්තරා විභාග ශාලාවක පරීක්ෂකවරියක් අදාල පැය තුනම ගතකර තිබෙන්නේ ‍ෆේස් බුක් සමග එක්ව සිටීමෙන්. මේ තත්වය බලන අයට එතරම් ප්‍රියවාදී නැහැ. නිවසක නම් දරුවන්ට මුල් තැන දෙන්න. ඔවුන්ගේ ආහාරපාන, පාසලේ වැඩ කටයුතු සමග දවසේ ආ ගිය තොරතුරු කතා බහ කරන්න. එයින් අනතුරුව ලැබෙන කාලයේදී මේ විදිහට මුහුනුපොතට එක්වීම වරදක් නොවේ.

ඇබ්බැහි වෙන්නත් පුලුවන්

අපි හිතන්නේ මිනිස්සු ඇබ්බැහි වෙන්නේ මත් ද්‍රව්‍ය. අරක්කු වෙනුවෙන් විතරක් බවයි. එහෙත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියනවා වගේ පමණ ඉක්මවා කටයුතු කිරීම නිසා නොදැනම ඇබ්බැහිවීම් ඇති වෙනවා. මුහුණුපොත හෙවත් ‍ෆේස් බුක් වෙනුවෙන් වුනත් තත්වය එහෙමයි. ඒ නිසා ඔබ මේ තත්වයට පත් විය යුතු නැහැ. විවේක ඇති වේලාවට මානසික නිදහස් බවක් ලබා ගැනීමට මිස සියලු වැඩ කටයුතු පසෙක දමා ‍ෆේස් බුක් සමග එක්වීම එතරම් සුබවාදී දෙයක් නොවෙයි.

සීමාව දැනගන්න

කාන්තාවන් වුනාම ඇගේ භුමිකාව තුළ ඉතා සංකීර්ණ කටයුතු තිබෙනවා. එක් පැත්තකින් ඇය බිරිඳක්…මවක්.. මේ නිසා නිතරම මේ ගැන හිත තබාගන්න. මිතුරු ඇරයුමක් ලද විට ඒ ගැන වඩාත් අවධානයෙන් බලන්න. අනවශ්‍ය සංවාද අවශ්‍යම නැත. ‍ෆේස් බුක් ගැන බොහෝ අනතුරුදායක බියක් ඇත්තටම ගොඩ නැගෙන්නේ එහි සීමාවන් ඉක්මවා අපි කටයුතු කරන නිසයි. එහෙම නැතුව මේ සංකල්පයේ කිසිම වරදක් නැහැ.

බුද්ධිමත් වෙන්න

සමහර කාන්තාවන් සිතා නොබලා කටයුතු කිරීම නිසා අනවශ්‍ය පටලැවිලි ගොඩ නගා ගන්නවා. ගොනා හැරෙන විටම තැඹිලි පැලයටද එසේත් නැත්නම් පොල් පැලයටද දැන ගන්න තරම් හැකියාවක් තිබෙන්න ඕන. බොහෝ දෙනෙක් තමා විසින් වරදක් කළ බව තේරුම් ගන්නේ එයින් ඇති වෙන අනතුරු ඇති වුනාට පසුවයි. හැලිය උතුරන තෙක් දියේ නටන කකුලුවා වගේ අනවශ විදිහට තැන නොතැන සීමාව නොබලා කටයුතු කරල පවුලම අවුල් කරගෙන ඊට පසුව කියන්නේ අන්තර්ජාලය ජංජාලයක් කියලයි.

හැම දෙනෙකුටම කුමක් හෝ විනෝදයක්අවශ්‍යයි

මිනිසුන් විදිහට අපේ ජීවිතයටත් කිසියම් සතුටක් ලබා දෙන මාර්ගයක් අවශ්‍ය වෙනවා. මානසික හුදෙකලාව මගහරවා ගැනීමට මුහුනුපොත ඉතාම වටිනා මාධ්‍යක්. ඒ වගේම සරල විදිහට ගනුදෙණු කරන්න පුලුවන්. ඒ බව අපි තේරුම් ගැනීම අවශ්‍යයි.

විද්‍යුත් සන්නිවේදනය කියන්නේ හතුරෙක් නොවෙයි

ලෝකය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඉදිරියට යන විට අපිට එකතැන රැ‍ඳෙන්න බැහැ.එය අපේ සාමාන්‍ය ජීවිතයට ඉතාම අවශ්‍යයි. ඒත් ගැටලුව තිබෙන්නේ එහි සීමාව දැන ගැනීමයි. පසුගිය දිනක පුවත්පත් මගින් මේ පුවත ඔබටත් සන්නිවේදනය වන්නට ඇත. එක්තරා මවක් තම පුතාගේ පාසලට ගියේ මේ පිරිමි දරුවා ජාත්‍යන්තර කරාටේ තරඟයකින් රන් පදක්කම් දිනා ගත් නිසා ඒ වෙනුවෙන් ඔහුගේ පාසලේ ගුරුවරුන් හමුවටයි. ඇය ජංගම දුරකථනය සමග ඉතා දිගු වේලාවක් කථාවේ යෙදී සිටියාය. මේ ගැන මහත් සේ උදහසට පත් ඇගේ ස්වාමි පුරුෂයා පිහියක් රැගෙන ආවේ බිරිදගේ කණ කැපීමටයි. අවාසනාවට පිහිය රැගෙන එන විටත් ඇය සංවාදයේ යෙදෙමින් සිටියාය. ස්වාමිපුරුෂයාගේ කේන්තිය රතුඉර පැන්නා පමණක් නොව ඔහු මහත් සේ කිපී බිරිදගේ කණ කැපීම වෙනුවට අගේ ගෙලට පිහියෙන් ඇන්නේය. හදිසි කෝපය සහ බුද්ධිමත් ලෙසින් තින්දු තීරන නොගත් නිසා දරුවන්ට තම ආදරණීය අම්මාගේ සෙනෙහස අහිමි විය.

මේ නිසා මග හොඳට තිබේ නම්,

යන්න දෑසත් තිබේ නම් අපිට බැදිවල යායුතු නැහැ.ඒ බව දැන ගෙක ඔබත් මුහුණු පොත සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here