අපි රාබුවලට අකමැති ඇයි?

කාන්තාවක් විදිහට ඔබ වෙළදපොලට ගියාම විවිධ එළවලු වර්ග දකිනවා. ඒ අතරින් ඔබගේ අවධානය නොලැබෙන එලවලු වර්ග තිබෙනවා. ” රාබු ” කියන්නේ ඒ විදිහට ඔබේ අවධානය නොලැබෙන එළවලු වර්ගයක් කිව්වොත් නිවරැදියි.අපි රාබුවලට අකමැති ඇයි ඇහුවොත් ඔබගෙන් මේ විදිහට පිලිතුරු ලැබේවි..

අපෝ…පුදුම ගඳක්…ඉතින් බත්මqලකටවත් එකතු කරන්න බැහැ. කට්ටියක් එක්ක tlal  කන බොනකොට බත් මුල දිග අරින්න පුලුවනෑ…ඔබේ පිලිතුරු මෙහෙම වුනත් රාබු ගැන ගුණ දැනගත්තොත් ඔබ මේ අපුල ගන්ධය නොසලකා රාබු ආහාරයට ගනීවි..ඒත් රාබුවල මේ අපුල ගන්ධය ඇති වෙන්නේ එහි අන්තර්ගතව තිබන ගෙන්දගම් නිසා බව ඔබ සමහර විට නොදැන සිටියා විය හැකියි.

සංස්කෘත නාමයෙන් රාබු හැදින්වෙන්නේ ” මුලක ” යන නමින්. වෙළදපොල මිළ ගැන සංසන්දනාත්මකව සලකා බැලුවොත් රාබු මිළ සෙසු එළවලු වර්ග වලට සාපේක්ෂව ඉතාම අඩුයි.රාබුවල ජන්ම භුමිය මධ්‍යධරණී මුදු තීරය නිසා අපේ රටේත් රාබු හොදින් වගා වෙනවා. සුදු පැහැති දිගැටි වගේම ගෝලාකාර වර්ගය විදිහට ප්‍රභේද දෙකකින් රාබු අපේ වෙළදපොලේ දකින්න පුලුවනි.

රාබුවලින් වාතය සහ පිත සමනය වෙනවා.මේද සහ බඩගිනි වර්ධනය වෙනවා. අම්ල පිත හා කුෂ්ට රෝගවලට ඉතාම ගුණයි. මුත්‍රාකාරක ගුනයෙන් යුක්ත නිසා මුත්‍රා ගල් ඇති අයට වගේම මුත්‍රා දෝෂ තිබෙන අයටත් රාබු ඉතාම ගුණදායකයි. බැක්ටීරියා නාශක ගුනයෙන්ද යුක්ත නිසා

රාබුවල පෝෂණ ගුණය

l

පෝෂණය ප්‍රමාණය
ශක්තිය කැලරි 17
ප්‍රෝටීන් ග්‍රෑම් 0. 7
මේදය ග්‍රෑම් 0. 1
කාබොහයිඩ්ඩ්‍රේට ග්‍රෑම් 3.1
කැල්සියම් මිලි ග්‍රෑම් 22
පොස්පරස් මිලි ග්‍රෑම් 20
යකඩ මිලි ග්‍රෑම් 0.1
කැරොටින් මයික්‍රොග්‍රෑම් 60
රයිබොප්ලේවින් මයික්‍රොග්‍රෑම් 10
විටමින් සී මයික්‍රොග්‍රෑම් 20
නියැසින් මිලි ග්‍රෑම් 1

ඔබ කොළ සහිත රාබු මිළට ගත් විට එහි කොළ ඉවත දමන්න එපා. රාබු කොළ හොදින් සෝදා එය ලියා ගන්න. දැන් මෙය යාන්තමින් ලුනු සහ කහ යොදා ලිප තබන්න. සූදුරු, ගම්මිරිස්, සුදුළූෑනු එකට අඹරා එයටම පොල් ස්වල්පයක්ද රාබු කොලවලට සරිලන සේ යොදා ගෙන අඹරන්න. දැන් තැම්බීගෙන එන රාබු කොළ මත අඹරා ගත් පොල් ස්වල්පය තබා මලවා ගන්න. මැල්ලුමට තෙල් ස්වල්පයක් එක කරල තෙම්පරාදු කර ගැනීමෙන් රසය තවත් වැඩි කර ගැනීමට පුලුවනි.

රාබු කිරට

රාබු කිරටත් ඉතාම රසයි. රාබු අල හීනිවට ලියා ගන්න. ලපටි කොළත් මේ ලියා ගත් අල අතරට එක් කරන්නත් පුලුවනි. දියකිරි එක් කරල ඊටම මිරිස්, තුනපහ, ලුණු ම්පෙ, කරපිංචා, උලුහාල්, රතුළූනු, සුදුළූණු , කුරුඳු  ආදිය එක් කරන්න. දැන් මෙය තැම්බී එන විට මිටිකිරි එක් කරන්න.

රාබු තෙම්පරාදුව

රාබු සිහින්ව ලියා ගන්න. එයට මිරිස්, තුනපහ , ලුණු රම්පෙ, කරපිංචා, උලුහාල්, රතුළූනු, සුදුළූණු , කුරුඳු  ආදිය එක් කරන්න. තෙල් ටිකක් ලිප තබා වතුරත් සමග රාබු තෙලට දමා වතුර සි‍‍ඳෙන තුරු හෝ හොදින් තැම්බෙන තුරු පිස ගන්න.

රාබු සිහින්ව ලියා ගන්න

රාබු සිහින්ව ලියා ගන්න. එයට මිරිස්, තුනපහ , ලුණු රම්පෙ, කරපිංචා, උලුහාල්, රතුළූනු, සුදුළූණු , කුරුඳු  ආදිය එක් කරන්න. දැන් මෙයට ලුනු සහ කහ යොදා ලිප තබන්න. සූදුරු, ගම්මිරිස්, සුදුළූණු එකට අඹරා එයටම පොල් ස්වල්පයක්ද එක් කර අඹරා ගන්න. රාබු තැම්බුන විට අඹරා ගත් පොල් ස්වල්පය තබා මලවා ගන්න. අවශ්‍ය නම් මැල්ලුමට තෙල් ස්වල්පයක් එක කරල තෙම්පරාදු කර ගැනීමෙන් රසය තවත් වැඩි කර ගැනීමට පුලුවනි.තෙල් නැති වුනත් කිසිම වෙනසක් නැතුව ආහාරයට ගන්න පුලුවනි. අනවශ්‍ය විදිහට තෙල් එකතු කිරීමත් ඉතින් වැඩිය සුබ නැහැනේ..

රාබු අල සලාදය

රාබු අල සිහින්ව ලියා ගන්න. සමහර විට ලුණු වතුර ටිකක් දමා මිරිකා ගන්නත් පුලුවනි. ලුණු වතුරෙන් මිරිකා ගත් විට මෙලෙක් ගතියක් ඇති වෙනවා. ඒත් ගුණයට ආහාර ගන්නවා නම් සාමාන්‍ය ජලයෙන් සෝදා ගත්තාම හොඳටම ඇති ඒ නැතැත් නම් ප්‍රශ්නයක් නැහැ.දැන් රාබු අල සිහින්ව ලියා ගන්න. අමුමිරිස්, රතුළූණු, උම්මලකඩ සිහින්ව ලියා ගන්න. දැන් මේසියල්ල ලියා ගත් රාබු අල සමග මිශ්‍ර කරන්න මිටි කිරි ඉතාම ස්වල්පයක් සහ දෙහි ඇමුල් එක් කරන්න. ප්‍රණීත රසයක් ලැබෙනවා.

බොහෝ ආසියාතික රටවල සුප් වෙනුවෙනුත් රාබු අල එක් කර ගන්නවා. තායිලන්තය, මැලේසියාව, වැනි රටවල අය රාබු අමුවෙන්ම ආහාරයට ගන්නවා.

 පුන්‍යා චාන්දනී ද සිල්වා

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here