ඔසප් සමයේ යෝනි පෙදෙස ආශ්‍රිත සමේ ආසාත්මිකතා ඇති වීමට වැරදිකරු ඔබේ සනීපාරක්ෂක තුවායද?

0
123049

ඔසප් සමය යනු කාන්තාවන් කිසිසේත්ම ප්‍රිය කරන කාල සීමාවක් නම් නොවේ. මන්ද එය අපහසුතා රැසක් සමගින් ගත කරන දින කිහිපයක් නිසාවෙනි. නමුත් විද්‍යාවේ දියුණුවත් සමගින් ඉතා සීග්‍රයෙන් ඉදිරියට ඇදෙන ලොව තුළ ඔසප් සමයේ ඇති වන අපහසුතා අවම කර ගැනීමට විසදුම් තිබිය නොහැකිද?

සාමාන්‍යයෙන් කාන්තාවකගේ යෝනි පෙදෙස ඉතා සංවේදීයි. ඔසප් සමයේදී ඒ සංවේදී බව තවත් වැඩි වේ. තවද ඔසප් සමයේදී ඔසප් රුධිරය, දහදිය වැනි හේතු මත යෝනි පෙදෙසේ තෙත් ස්වභාවය සාමාන්‍ය දිනවලදීට වඩා වැඩි වෙයි. එවිට බැක්ටීරියා/දිලීර හේතුවෙන් යෝනි පෙදෙසේ සම ආශ්‍රිත ආසාදනයන් ඇති විය හැකියි. දිනකට සනීපාරක්ෂක තුවා 4ක් පමණ භාවිත වන ඔසප් සමයේ දින කිහිපය තුළ සාමාන්‍යයෙන් කාන්තාවන් දස දෙනෙකු ගත හොත් දස දෙනාම වාගේ සමේ ආසාත්මිකතාවයන් නිසා අපහසුතාවයට පත්වෙනවා.

මේ තත්ත්වයට බලපාන මූලික හේතුවක් ලෙස සමීක්ෂණ මගින් අද වන විට සනාථ වී ඇති ප්‍රධානතම කරුණක් වන්නේ සනීපාරක්ෂක තුවායේ නිසි ප්‍රමිතියක් නොමැති කමයි. නිසි ප්‍රමිතියේ සනීපාරක්ෂක තුවායක් භාවිත නොකිරීම නිසා දිලීර/බැක්ටීරියා හේතුවෙන් අසාත්මිකතා ඇති වීම මෙන්ම දෙපා අතර තුවාල වීම්, ගොරෝසු වීම්ද සිදු විය හැකිය. අද වන විට වෙළඳ පොළේ ඇති බොහොමයක් සනීපාරක්ෂක තුවාවල නිසි ප්‍රමිතිය නොපවතින නිසා කාන්තාවන් වැඩි පිරිසක් යෝනි පෙදෙසේ ආසාත්මිකතා ඇති වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වුවත් ඒ අපහසුතාවය තනිව විදදරා ගන්නවා මිස වෛදයවරයෙකු යොමුවීමට හෝ ළඟම යෙහෙළියකට හෝ පවසා විසඳුමක් සොයාගැනීමට උනන්දු නොවේ.

ඔබ භාවිත කරන සනීපාරක්ෂක තුවාය මගින් සම හා සනීපාරක්ෂක තුවාය අතර සිදුවන වායු හුවමාරුව උපරිමයෙන් සිදු විය යුතු අතරම ඔසප් සමය තුළ අධික තෙත් ස්වභාවයක් ඇති යෝනි පෙදෙසේ සම මත කැසීම්, බිබිලි, සම ගොරෝසු වීම් මෙන්ම තුවාල ඇති නොවීමට මෙසේ සිදුවන වායු හුවමාරුව ඉතා වැදගත් වේ. එසේ නොවී තෙත් බව දින කිහිපයක් පැවතීම මගින් බැක්ටීරියා/දිලීර ආසාදනවලට ඇති වීම වැළැක්විය නොහැක.

ඔබ, ඔබ වෙනුවෙන් සනීපාරක්ෂක තුවා වර්ගයක් තෝරාගැනීමේදී සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයේදී යොදාගන්නා අමුද්‍රව්‍ය යෝනි පෙදෙසේ ඇති සංවේදී සමට හිතකර ද යන වග මෙන්ම එම අමුද්‍රව්‍යවල pH අගය නිසි මට්ටමේ පවතිනවාද යන්න පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. සමට හිතකර බවට සායනිකව සනාථ කළ වෙළඳ පොළේ ඇති එකම සනීපාරක්ෂක තුවාය ලෙස Fems නම් කළ හැක්කේ  එය නිසි ප්‍රමිතියක් සහිතව නිෂ්පාදනය වූ නිසාමය.

වැඩි දියුණු කළ නිෂ්පාදන නව Fems පෙළ සමට හිතකර බවට සායනිකව තහවුරු කළ ලංකාවේ ප්‍රථම සහ එකම සනීපාරක්ෂක තුවා සන්නාමය වේ.

Fems සනීපාරක්ෂක තුවායේ pH අගය නිසි මට්ටමේ පවතින අතරම සම සහ නැප්කිනය අතර වායු හුවමාරු වීමේ හැකියාව 40%කින් ඉහළයි. එහි රැළි සහිත සුමුදු මතු පිට මගින් වැඩි වායු සංසරණයකට පහසුකම් සලසා ඇත. නමුත් එම්බොස් කළ lines නිසා කාන්දු වීමක්ද ඇති නොවේ. යෝනි පෙදෙසේ ඇති විය හැකි බැක්ටීරියා/දිලීර වර්ධනය අවම කරයි. කැසීම්/බිබිලි, සම මත ගොරෝසු වීම් හෝ තුවාල ඇති වීම වළකයි.

SLS සහතිකය සමගින් කාන්තා ඔබ වෙනුවෙන්ම වෙළඳ පොළට එන නව Fems සනීපාරක්ෂක තුවාය මුදු සමට සුවයක් ලබාදෙමින් ඔසප් සමයේ අපහසුතා අවම කරයි.

(Sponsored Article)

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here