කුමරි බඹසර නිසා බැට කන කාන්තාවෝ

0
5134
woman-in-bed

ගැහැණු දැරියකගේ කුමරි බඹසර ආරක්ෂාව පිළිබදව ප්‍රසිද්ධ පරීක්ෂාවක් පැවැත්වීම පෙරදිග සමාජයේ චාරිත්‍රයක්ව ඇත. පෙරදිග සමාජයේ අනාදිමත් කාලයක් පටන් සමාජගතව ඇති මෙම චාරිත්‍රය දැන් මානුෂික මුහුණුවරක් ගෙන ඇතැත් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ස්ථිර පදිංචියක් නොමැති පිරිස් අතර මෙම චාරිත්‍රය ඉතා තදින් මුල් බැස ගෙන ඇත.

“කන්ජාබාත්” ගෝත්‍රයට අයත් කාන්තාවන් ඔවුන්ගේ කන්‍යාභාවය පෙන්වීම වෙනුවෙන් අනුගමනය කරනු ලබන සම්ප්‍රදාය “පංචායත්” යනුවෙන් හැදින්වේ. මෙහිදී විවාහ උත්සවයෙන් පසුව කාන්තාවගේ අතට සුදු රෙදි කඩක් ලබාදෙනවා. ගමේ සහ පවුලේ හිතවතුන් විසින් කුලියට ලබා ගන්නා කාමරයක් මෙම අලුත් ජෝඩුව වෙනුවෙන් ලබා දෙනවා. ඒ සමග ඔවුන්ට සුදු රෙදි කැබැල්ලක්ද පිරිනමනවා. එදින රාත්‍රියේ අලුත් ජෝඩුව සමග නටමින්, ගයමින් විනෝද වෙන මෙම පිරිස ජෝඩුව කාමරයට ඇරලා මෙම පිරිස පිටතින් රැඳී සිටිති. එදින මනාලියගේ රුධිර වහනයක් නොවුනොත් ඇය කන්‍යාවියක් ලෙසින් පිළිගන්නේ නැහැ. ඒ හේතුව මතම පුරුෂයාට විවාහය අවලංගු කිරීමට පුලුවන්. ඒ විතරක් ‍නොවෙයි… මේ සිදුවීම නිසා කාන්තාවට ප්‍රසිද්ධියේ අපහාස කරනවා පමණක් නොව පවුලේ ඥාතීන්ගෙන් පහර කෑමටත් සිදු වේ.

“කන්ජාඛාන්” නැමැති මෙම ගෝත්‍රික ජනතාව විසින් මනාලියගේ කන්‍යාබව පරීක්ෂා කරන්නේ ඇයගේ ශිලාචාරකම පරීක්ෂා කිරීම වෙනුවෙන්ය. මෙම සම්ප්‍රදාය නිසා දැඩි අසීරුතාවයට පත් වෙන කාන්තාවන්ගේ ශෝකජනක අත්දැකීම් ආත්මීය ප්‍රකාශ ලෙසින්ද සටහන් වී තිබේ.

මෙම චාරිත්‍රය නිසා ඉතා අපහසුතාවයට පත් ඇනීටා නම් කාන්තාවක් මුහුණ දෙන ලද කටුක අත්දැකීම විස්තර කර ඇත්තේ මෙසේය. ඇය කාලයක් ආශ්‍රය කළ පිරිමියා වෙතින් ලිංගිකව හැසිරීම නිසා කන්‍යාපටලයට හානි සිදු වුනත් අය පෙම්වතා පිළිබඳ විශ්වාස කළා. ඒ නිසාම ඇනිටා ගැබ්ගත්තා. ඒ වුනත් ඇය බියක් සැකයක් නැතුව විවාහයට  මුහුණ දුන්නේ ගැබේ ඉන්න දරුවාගේ අයිතිකරයා ඔහු නේද…යන සිතුවිල්ල නිසයි. ඒත් ගම්සභාව ඉදිරියේ ඇනීටාගේ පිරිසිදුබව පිළිබඳව විමසා සිටි විට මෙතෙක් ආදරය කළ ඒ පිරිමියා සෘජු ලෙසින්ම නැත..යනුවෙන් පිලිතුරු ලබා දෙන ලදී.

පැල්ලම් නැති රෙද්ද පෙන්නලා මම අපිරිසිදුයි…ඔහු කිව්වා…

මාව තිගැස්සුනා…මගේ පිරිසිදුකම දැන දැනත් ඔහු මේ විදිහට කීව්වාම මගේ හදවත මුලුමනින්ම කඩා වැටුනා…

ඇනීටාගේ සැමියා විවාහ ජීවිතය ගතකිරීමට සැරසී සිටියත්, ඇය පරීක්ෂණය “අසමත්” බැවින් විවාහය අවලංගු කරන ලදි. නමුත් සිදුවූ අසාධාරණය පිළිබඳව දැනගත් සමාජ සේවා ක්‍රියාකාරීන් පිරිසක් මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට විවාහය පවත්වාගෙන යෑමට බල කර ඇත. ඒත් ඇය ජීවත් වුනේ අපායක.මේ ජීවිතය ගෙවමින් දරුවා ලැබෙන තෙක් ඇය එම නිවසේ තබා ගත්තත් දරුවා ලැබීමෙන් පසුව ඇනීටාව නිවසින් පන්නා දැම්මා.ඒ විතරක් නොවෙයි, අපිරිසිදු පවුලක් යැයි හංවඩු ගසා ඇගේ සහෝදරියන්ටත් විවාහ වීමට තිබෙන අවස්ථාවන් නැති කලා. ඔය ගෙදර අපිරිසිදුයි…ගෑනු ගන්න එපා…ඇනිටාගේ නිවස ලේබල් කළේ ඒ විදිහටයි.

මෙම අමානුෂික නීතිය මුලිනුපුටා දැමීම සදහා “Stop the Vritual” නමින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එහි සාමාජිකත්වය දැනට කාන්තාවන් 60 දෙනෙකුගෙන් පමණ සමන්විතය.මෙම ව්‍යාපාරයේ නිර්මාතෘ විචෙක් ඩෙචර් සඳහන් කරන්නේ ඔහුට වයස අවුරුදු 12 ක් පමණ කාලයේදී එක්තරා මංගල්‍ය උත්සවයකදී මනාලියට පහර දුන් අන්දම තමා දෑසින් දුටු බවයි. එදවස ඔහු කුඩා දරුවෙක් බැවින් මේ පිළිබඳව එතරම් තේරුමක් නොතිබුන බවයි. නමුත් හෙට අනිද්දා විවාහ වීමට අදහස් කරන විවේක් තමාගේ මනාලියගේ කන්‍යා භාවය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකරන බව අවධාරනයෙන් සදහන් කරයි.

ප්‍රථම සංසර්ගයෙන් රුධිරය පිට විය යුතුමද…?

දිල්ලි නගරයේ වෙසෙන ප්‍රසව හා නාරි රෝග වෛද්‍ය “සෝනියා නායික්” සඳහන් කරන්නේ ප්‍රථම සංසර්ගයෙන් රුධිරය පිටවීම අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ නැති බවයි. පහත සඳහන් හේතු මත ප්‍රථම සංසර්ගයෙන් රුධිරය පිටවීමට තිබෙන අවස්ථාව නැති වෙනවා.

  • ක්‍රිඩාවල යෙදීම නිසා
  • ස්වයං වින්දනය
  • මෘදු හැසිරීමක් ඇති සහකරුවෙක් වීම

ඒ නිසා මංගල රාත්‍රියේදී මනාලියගේ කන්‍යා පටලය පිළිබඳව සැක  ඇති කර ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ. කන්‍යා පටලය ගැන සැක ඇති කර ගෙන පවුල් අවුල් ඇති කර ගැනීමට වාඩා එවන් සිද්ධියක් වුනොත් ඒ ගැන ඉතාම මැදිහත් සිතින් සිතන්න කරුණු තිබෙන බවත් අමතක කරන්න එපා.

බීබීසී පුවත් සේවයේ  (Prajakta Dhulap) ගේ වාර්තාවක් ඇසුරින්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here