ආදරේ කරන්නේ කොහොමද

0
11289
husband_wife

“ඔබලාගේ එක්වීම අතර පරතරයක් තබා ගන්න. දෙව්ලොව සිට හමා එන සුළගට ඔබ දෙදනා අතරේ රගන්නට ඉඩ හරින්න. ආදරේ කරන්න. එහෙත් එය බන්ධනයක් කර නොගන්න. දෙවොලක කණු වෙන වෙනම නැගී සිටමින් වහලේ බර දරා සිටින්නාක් මෙන් ඈත්ව සිටින්න.”

විවාහය ඉතා සාර්ථකව පවත්වා ගෙන යෑමට හැකි වන්නේ සැබවින්ම මෙම තත්වය අත්හදා බැලු කෙනෙකුට පමණි. ගැහැනුන් ආදරේ කරනකොට මුළු ජීවිතයේම ආදරේ කර ගන්නවා. නමුදු පිරිමින්ට ආදරයි ජීවිතයයි කියන්නේ දෙකක්. නමුදු කාන්තාවන්ට එහෙම නෑ. ඒ නිසා ගැහැණු අය විවාහ වූ දා පටන්ම තම ස්වාමියා ජිවිත කාලය පුරාම තමා ගැන පමණක් සිතිය යුතු යැයි වැරදි අදහසක සිටිනවා. නමුදු විවාහයේදී අවශ්‍ය වන්නේ පරිත්‍යාගය සහ අවබෝධයයි.

නමුදු වැරදි තේරුම් ගැනීම් නිසා අනන්තවත් දුක් විදින කාන්තාවන් සිටිනවා. තම බිරිද හෝ පෙම්වතිය ලග සිටිය දී වෙනත් ලස්සන කාන්තාවක් ඒ අසලින් ගියහොත් ඔහු ඇය දෙස බලන්නේ නිරායාසයෙනි. නමුදු එවැනි අවස්ථාවල කාන්තාවන්ට තම පෙම්වතා පිලිබදව තරහක් ඇති වෙනවා. පිරිමි සෑම විටම ඇස පිනවීමට කැමතිය. විවාහ වූ පසුවද ඔබ ලස්සනට සිටිය යුත්තේ මේ නිසාය. කාන්තාවන් කන පිනවීමට කැමති වේ. ඒ නිසාම කාන්තවන් ගොඩක් කතා කරන අතර, ඇය කියන දේවල් වලට තම පෙම්වතා ඇහුම්කම් දීම ඇය විසින් බලාපොරොත්තු වෙනවා. ඔබ සෑම විටම ඔබ දෙදනා අතර ඇති වෙනස වටහා ගන්න.

ජිවිතයේ යනු අප බලාපොරොත්තු වන දෙයම නොවෙයි. අපට ලැබෙන දෙයයි. ඔබ පළමුවෙන්ම තම ස්වාමියා, බිරිද පිලිබදව පුර්ණ අවබෝධයක් ඇති කර ගන්න. ඔහු හෝ ඇය කැමති අකමැති දේවල් පිලිබදව ඔබට අවබෝදයක් තිබිය යුතුය. ඇතැම් කාන්තාවන් තමා ආහාර ගන්නා තෙක් පෙම්වතා හෝ ස්වාමියාද ආහාර නොගත යුතු යැයි සිතනවා. නමුදු එය ප්‍රායෝගික නෑ. විවාහයේදී අප කොතරම් නීතියෙන් බැද තිබුනද දෙදනාට දෙදනා අවබෝධ කර ගත නොහැකි නම් හිතේ සතුට නැති වන්නේ තප්පරයකිනි.

ඔබේ සැමියා හෝ බිරිද යනු දෙදෙනෙකු මිස එක් අයෙකු නොවේ. ඇතැම් කාන්තාවන් තම ස්වාමියා අනෙක් පිරිමින් සමග සසදයි. “ එයාගේ මහත්තයා නම් එයාට හැමවෙලාවේම call කරනවා. එයාට ගොඩක් ආදරෙයි. ඒ උනාට ඔයා එහෙම නෑ. “ පිරිමින්ද මේ ආකාරයට සැසදීම සිදු කරයි. නමුදු පිරිමින්ට වඩා කාන්තාවන් මේ ආකාරයට සසදනු ලැබේ.

එසේම එදිනෙදා ජිවිතයේ සතුට ඔබට දිගටම පවත්වා ගෙන යෑමට හැකිය. ඒ සදහා විශේෂ දෙයක් සිදු කල යුතු නොවේ. සමහර කාන්තාවන් මෙන්ම පිරිමින් තම බිරිද හෝ ස්වාමියා නිවසින් එලියට බැහැපු මොහොතේ පටන් call කරනවා. එවිට ඔබව ඇයට එපා වීම සාධාරණයි. ඒ නිසාමයි ආදරය බන්ධනයක් කර ගන්න එපා කියන්නේ. තම ස්වාමියාට, බිරිදට නිදහස ලබා දෙන්න. ඔබ ඇය කොටු කල පමණින් ඇය වෙනත් සබදතාවයක් සොයා යන්නේ යැයි කිව නොහැකිය. අනවශ්‍ය ආකාරයට නිදහස සිමා කරන විට ඕනෑම කෙනෙකු ඒ නොලබන නිදහස තවත් තැනකින් බලාපොරොත්තු වෙනවා. නමුදු එමගින් ඇගවෙන්නේ ඇය ගැන සොයා බලන්න එපා කියන එක නෙමේ. සොයා බලන්න. ආදරේ කරන්න. ආරක්ෂා කරන්න. නමුදු එහි සීමාවක් තබා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here