පිරිමියකු බලාපොරොත්තු වන ගැහැනියකගේ ගුණාංග

0
19258
love

සැබවින්ම කාන්තාවක් කියන්නෙ කාගේත් සිත් දිනා ගැනීමට උපන් හපන්කම් ඇති චරිතයක්. නමුත් බොහොමයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නෙත් කොහොමද  මම මං කැමති කෙනාගෙ අවධානෙ, ආදරය දිනා ගන්නෙ කියලා. ඇතැම්  පෙම්වතුන් අතර නම් පෙම්වතිය හිතන්නෙ මම ලස්සනට ඉන්න කොට එයා මට තවත් ආදරේ කරයි කියලා.  ඇත්තටම  කාන්තාවගෙ පෙනුමෙන් පමණක් පිරිමි හදවතක් දිනා ගන්න අමාරුයි.  ඇතැම් අය රූපෙට පෙම් බැන්දත් කාන්තාවකගෙන් පිරිමියෙක්  ලස්සනට  වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම මේ කියන්න යන දේවල් ඔයා තුලත් වරධනය කර ගෙන බලන්න. ඔයාගෙ සැමියා, පෙම්වතා ඔයාට තව තවත් ආදරය කරාවි.  එයාට නැතුවම බැරි චරිතයක් විදියට එයාගෙ ලෝකෙ සහකාරිය ඔයාම වේවි.

අවංක බව

තමන්ගෙ බිරිඳ , පෙම්වතිය නිරතුරුවම තමාට අවංක වෙනවටයි පිරිමි අය කැමති. කවදාවත් ඔබෙන් සිදු නොවේ යයි ඔහු බලාපොරොත්තු වන දේවල් සිදු නොකරන්න. කතාවටත් පිරිමි කියනවා නේ  හැම තැනම අරන් යන්න පුළුවන්  කෙනෙක් නෙවෙයි  බය නැතිව තනියම හරි ගෙදර දාලා යන්න පුළුවන් කෙනෙක් කියලා එයාලා හොයන්නෙ කියලා. ඉතින් එයාලා ඒ  බලාපොරොත්තු වෙන අවංක බව ඔයාට පුළුවන් රකින්න. එදිනෙදා සිදු වෙන, යන එන හැම  දෙයක්ම ඔයාගෙ සැමියා, පෙම්වතා එක්ක කතා බහ කරන්න. කිසි විටකත් ඔහුට බොරු කීමෙන් වැළකෙන්න. මොකද එක පොඩි බොරුවකින් සම්පූර්ණ විශ්වාසය බිදෙන්න වුනත් බැරි නෑ.

සංවර බව

ගැහැනියකගේ හැදිච්චකමට පිරිමි උදවිය ගොඩක් ගරු කරනවා. ඒ වගේම පිරිමියකු බලාපොරොත්තු වෙන්නෙ සංවරනමෙන් යුත් තැන්පත් චරිතවත් කාන්තාවක්. මහා හඩින් කතා කරන, පිරිමින් සිටින තැන නොගැවසෙන , වැඩි පිරිමි ඇසුරට නොයන, තමන්ගෙ සැමියම පමණක්  සීමා වූ කාන්තාවක් වීම ඔහු ඔබෙන් බලාපොරොත්තු වන තවත් දෙයක්.  ඇත්තටම දඟකාර කෙල්ලෙක් වෙන්න ඕන හැබැයි ඔබේ සැමියාට, පෙම්වතාට පමණයි. වෙනත් අය ඉදිරියේ  අාකර්ශණය වන චරිතයක් වෙනවට නම් පිරිමි උදවිය කැමති නෑ. ඒ නිසා සංවර බව හොඳින්ම තිබෙන්න ඕන කාන්තාවක් උනාම නම්.

ගුණ ගරුක බව

කාන්තාවක් උනාම ගුණ ගරුක වෙන්න ඕන. මොකද පිරිමියා කැමති ගුණ ගරුක භාර්යාවකට, ගුණ ගරුක පෙම්වතියකට. තමාට වගේම තම දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට,  නෑයින්ට උපස්ථාන කරන  එයාලට ගරු කරන කෙනෙක් වෙනවා දකින්න පිරිමි උදවිය ගොඩක් කැමතියි. ඉතින් ඔබ ඔබේ පවුලෙ උදවියට වගේම ඔබේ සැමියගෙ පවුලෙ උදවියටත් යහපත් දියණියක් වීම ඔහු ඔබෙන් බලාපොරොත්තු වන තවත් දෙයක්.

චාම් බව

කාන්තාවක් වුනාම සරල වගේම චාම් කෙනෙක් වෙනවට පිරිමි අය කැමතියි. ඇතැම් කාන්තාවන් හිතන්න පුළුවන්  එක එක විලාසිතාවන් කරලා තම සහකරුවගෙ හිත ගන්න පුළුවන් කියලා.  ඇත්තටම එය මෝඩ අදහසක්. මොකද පිරිමියෙක් වුනත් හිතනවා එයා උපයන දේ නැති නාස්ති නොකරන කාන්තාවක් තමයි හොද කියලා. ඉතින් එයා උපයන මුදලින් ඔයා විලාසිතා කරන්න ගත්තොත් එයාට ඔයා විතරක් නෙවෙයි   එයාගෙ ජීවිතෙත් එපා වෙයි. ඔය වැඩි වැඩ කරලා රටට ලෝකෙට පේන්න විලාසිතා කරලා  ණයකාරයො වෙලා අන්තිමේ ජීවිත පවා නැති කර ගත්ත උදවිය මේ සමාජෙ නැතිව නෙවෙයි. ඉතින්  කාන්තාවක් විදියට ඔයා සරල චාම් කෙනෙක්  වෙනවා බලන්න පිරිමි අය කැමතියි. විලාසිතාවන් කරන්න ඔයාට ගැලපෙන තැනට ගැලපෙන විදියට.  මොකද උප්පත්තියෙන් ඔයාට ලැබුන රූපයට එයා ආදරේ කරපු නිසා නේ ඔයාව තෝර ගත්තෙ.

නිරහංකාර වන්න

පිරිමි උදවිය නම් කොහෙත්ම කැමති නෑ  ගැහැනු අපේ ලොකුකම් බලන්න. අපි ධනයෙන්, බලයෙන්  එයාට වඩා කොයි තරම් උස තැනක උන්නත් පිරිමි අයට ඒවා අදාළ  නෑ. වංශෙ කබල් ගගා  මාන්නෙන් හිත උදුම්මවා ගත්ත අයට නම් පිරිමි කැමති නෑ. ඒ නිසා කවදාවත් සැමියා පෙම්වතා ඉදිරියෙ ඔයාගෙ ලොකුකම පෙනවන්න එපා. එහෙම වුනොත් එයාට ඔයාව එපා වෙයි. ඒ නිසා සෑම විටම ඔබ කාන්තාවක් ලෙස නිරහංකාර ගති ඇත්තෙකු ලෙස ජීවත් වන්න.

ඉතින් මම මේ කියපු දේවල් ඔයත් ඔයාගෙ ජීවිතේට එකතු කර ගන්න. ඔයාගෙ සැමියගෙ , පෙම්වතාගෙ හිත දිනා ගන්න එයා බලාපොරොත්තු වුන චරිතය ඔබත් ඔබ තුලින් ගොඩ නගා ගන්න උත්සහා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here