A/L වලින් පසු මේ දේවල් ගැන බලන්න

after_A/L

උසස් පෙළ කියන්නේ ජිවිතේ එක කඩඉමක් විතරයි.ඉන් පිරිසක් සරසවි වරම් ලබද්දී බහුතරයකට ඒ අවස්ථාව හිමිවන්නේ නැහැ.ඉතින් අතලොස්සක් සතුටු වෙද්දී බහුතරයක් දුක්වෙද්දී අමතක කරන්න එපා කාලය ගලා යන බව.කාලය හැම ප්‍රශ්නයකටම බොහෝ විසඳුම් ලබාදෙනවා.ඉතින් මම හිතන්නේ මම මේ කියන කරුණු උසස් පෙළ නිමකළ ඔයාල හැමෝටම වගේම අනාගතයේ උසස් අධ්‍යාපනය ලබාගන්න ක්‍රම හොයන ඔබටත් හුඟක් වටිනා කරුණු වේවි…අපි එහෙනම් කතාකරමුකෝ…

(1) උසස් අධ්‍යාපනය ද නැත්නම් රැකියාවක්ද?

මුලින් තීරණය කරන්න ඕනේ දේ තමයි උසස් අධ්‍යාපනය සඳහා උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හෝ ලබාගන්නවා ද නැතිනම් වෘත්තීය සුදුසුකම් එකතු කරගැනීම මෙන්ම මුදල් ඉපයීම සඳහා රැකියාවක් කරනවාද යන්න ගැන.ඇත්තෙන්ම ඉගෙනගන්න ගමන් ඔබට විවිධ පාඨමාලා කරන්නත් පුළුවන්.ඒවගේම මතක තියාගන්න ඕන දේ තමයි හොඳ රැකියාවකට යන්න නම් හොඳ අධ්‍යාපනයක් තියෙන්නත් ඕනේ කියන එක.ඒ නිසා මේ කාලය තුලදී උසස් අධ්‍යාපන කටයුතු කරගන්න එක තමයි හුඟක්ම වැදගත්.

(2) නැවත උසස් පෙළ කරන්න

හොඳ රැකියාවක් ලබාගන්න වගේම උපාධියක් සඳහා වුනත් උසස් පෙළ සමත් වීම අවශ්‍ය වෙනවා.ඒ නිසා ප්‍රමාණවත් Z අගයක් නොමැතිනම් ඔබට නැවත උසස් පෙළ විභාගයට පෙනී සිට උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලබාගන්න හැකියි.

(3) මුලික කරුණු ඉගෙනගන්න.තොරතුරු තාක්ෂනය,ඉංග්‍රීසි ආදී ලෙසින්

හොඳ රැකියාවක් සඳහා ඉංග්‍රීසි භාෂාව,පරිගණක තාක්ෂනය වැනි සුදුසුකම් අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා අදාළ පාඨමාලා සම්පුර්ණ කරන්න ඔබට පටන්ගන්න පුළුවනි.ඒ සඳහා අවශ්‍ය විස්තර ලබාගන්න මා දුටු වෙබ් අඩවි පහතින් දැක්වෙනවා

(Link : http://studentlanka.com/2011/10/05/learning-english-in-sri-lanka-select-classes-and-courses/)

(4) ජාතික විශ්ව විද්‍යාල උපාධි

ඔබේ ප්‍රතිඵල අනුව ඔබට විශ්ව විද්‍යාල වරම් පිලිබඳ සැකයක් නොමැතිනම් ඒ වෙනුවෙන් බලාපොරොත්තුවෙන් සිටින එක වැදගත්.එසේ නොමැති වුනත් ඔබට විශ්ව විද්‍යාල හරහා බාහිර උපාධි මෙන්ම ඩිප්ලෝමා හදාරන්නත් මේ වනවිට අවස්ථා තිබෙනවා.පහත දැක්වෙන්නේ එවන් විස්තර කිහිපයක්.
(Link : http://studentlanka.com/higher-education/national-universities/)

(5) විවෘත විශ්ව විද්‍යාලය/නීති විද්‍යාලය උපාධි

මේ දිනවල විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය සඳහා ලියාපදිංචි වීම් සිදුකෙරෙනවා.ඒ සඳහා දිවයිනෙන්ම තරග විභාගයක් කැඳවන අතර ඉන් සුදුසුකම් ලබාගන්න අය උපාධියට කැඳවෙනවා.ඒ සඳහා වැඩි විස්තර පහත වෙබ් ලිපිනයෙන් ලබාගන්න පුළුවන්.

(Link : http://www.ou.ac.lk/home/ )

ඒවගේම නීති විද්‍යාලය සඳහා සෑම වසරකදීම සිසුන් බඳවා ගැනෙනවා.ඒ සඳහාත් තරග විභාගයක් සෑම වසරකම අගෝස්තු හෝ සැප්තැම්බර් මස එක දිනක පැවැත්වෙනවා.සෑම වසරකම පෙබරවාරි/මාර්තු මාසවලදී ඒ සඳහා අයදුම්පත් කැඳවෙනවා.ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ඔබට නීති විද්‍යාල වෙබ් අඩවියෙන් ලබාගන්නත් පුළුවන්.ඒ වගේම ඒ සඳහා උපකාරක පන්ති දිවයින පුරාම විවිධ ආයතන වලින් පැවැත්වෙනවා.ඒ ගැනත් සොයා බලන්න.

(6) කළමනාකරණ වෘත්තීය සුදුසුකම්

මේ සමඟ ගමන් කරන්නේ කළමනාකරණ,අලෙවිකරණ,බැංකුකරණ,ගණකාධිකරණ සහ තොරතුරු තාක්ෂණ පාඨමලාය.

(Link : http://studentlanka.com/2013/02/06/institute-of-chartered-accountants-of-sri-lanka-a-quick-guide/

CIMA,ACCA,AAT පාඨමාලා ඔබට NIBM  ආයතනය හරහා හදාරන්න හැකියි. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ Bsc  බාහිර උපාධි අංශය මඟින් වුවද හැදෑරිය හැකියි.

ගණකාධිකරණ පාඨමාලා කියන්නේ මොනවද කියල දැනගන්න මා දුටු විස්තරාත්මක ලිපියක් මේ
(Link : http://studentlanka.com/2013/02/04/accountancy-courses/ )

(7) IT  පාඨමාලා

SLIIT, NIBM,APIIT ,Informatics,Esoft,IDM යන විවිධ ආයතන මඟින් ඔබට BCS/ACS/NCC ආදී වෘත්තීය උපාධි හදාරන්නත් අවස්ථාව ලබාගන්න හැකියි.

(8) තාක්ෂණ පාඨමාලා

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය,තාක්ෂණ විද්‍යාල,විද්‍යා පීඨ හරහා මේ සඳහා ඔබට විස්තර ලබාගන්න පුළුවන්.
(Link : http://www.dtet.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=NQ==)

(sources from – studentlanka )

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here