අගෝස්තු මස හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්

0
2378

Swiftmoji

Swiftmoji

Swiftmoji කියන්නේ ඔයාලා කවුරුත් දන්න Swiftkey කියන ලෝකප්‍රසිද්ධ Keyboard app එක නිර්මාණය කළ සමාගම විසින්ම හඳුන්වාදුන් ඇප් එකක්. මේ ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා type කරන වචන තේරුම් ගෙන ඊට ගැලපෙන Emojis ලබාදෙන එක. මේ feature එක Swiftkey ඇප් එකෙත් අඩංගු වුණත් Swiftmoji ඇප් එකේදී මේ feature එක තවත් වැඩි දියුණු කරලා තියෙනවා.

Link : Swiftmoji

Storm It

Storm It

ට්විටර් කියන්නේ ලෝකයේ දැනට පවතින ප්‍රසිද්ධතම සමාජ ජාලයක්. මේ සමාජ ජාලය මෙතරම් ප්‍රසිද්ධ වන්නට එක් හේතුවක් වන්නේ එහි පෝස්ට් එසේත් නැතිනම් ට්වීට්ස් අකුරු 140ට වඩා අඩුවෙන් ටයිප් කළ යුතු වීමයි. ඒත් සමහරුන්ට මේ ප්‍රමාණය මදියි. ඒ අයට සරිලන ඇප් එකක් තමයි Storm It කියන්නේ. මේ ඇප් එකෙන් ඔයාලාට කැමති විදියට ඔයාලාගේ ට්වීට් එක ටයිප් කරන්නට ඉඩ සලසා දෙනවා. ඊට පස්සේ මේ ඇප් එක මඟින් ඔයාලාගේ ට්වීට් එක කොටස්වලට බෙදලා twitter හි post කිරීමට සල්සවනවා.

Link : Storm It

Alt-C

Alt-C

Alt-C කියන්නේ ඔයාගේ phone එකේ තියෙන text එකක් හෝ link එකක් ඉතා පහසුවෙන් පරිගණකයට copy කිරීමට සලස්වන ඇප් එකක්. මේ සඳහා ඔයාට මේ ඇප් එක සමඟ register වීමටද අවශ්‍ය නොවීම විශේෂත්වයකි.

Link : Alt-C

Third Eye

Third Eye

Third Eye කියන්නේ ඔයාගේ දුරකථනය ආරක්ෂා කිරීමට යොදාගත හැකි ඇප් එකක්. මේ ඇප් එකෙන් කරන්නේ වෙන අයෙක් ඔයාගේ ෆෝන් එක unlock කරන්නට සාදන විට එය අසාර්ථක වුවහොත් ඒ කෙනාගේ photo එකක් Front Cam එක භාවිතාකර ලබාගෙන, ඔයා එසේත් නැතිනම් දුරකථනයේ හිමිකරුවා දුරකථනය unlock කළ විට වෙනත් අයෙක් ඔයාගේ දුරකථනය unlock කිරීමට උත්සහ කළ බවට Notification එකක් එවීම සිදුකිරීමයි.

Link : Third Eye

Pintasking

Pintasking

Pintasking කියන්නේ phone එකෙන් Multi-tasking කරන අයට නිර්මාණය කරන ලද ඇප් එකක්. මේ ඇප් එක සාදා තිබෙන්නේ Facebook Chat heads වල ආකාරයටයි. ඔයා කැමති ඇප් එකක් ඔයාගේ phone screen එකේ පැත්තකියන් Pin කර තබාගැනීමට මේ ඇප් එක ඉඩ සලස්වයි.

Link : Pintasking

Lisn Audio Books

Lisn Audio Books

Lisn Audio Books කියන්නේ අපේ රටේ පිරිසක් විසින් නිර්මාණය කරන ලද ඇප් එකක්. මේ ඇප් එක audio books ඇප් එකක්. මේ ඇප් එක මඟින් ඔයා කැමතිම සිංහල, ඉංග්‍රීසි හෝ දමිළ පොත් වල Audio books සංස්කරණයක් ඉතාමත් අඩු මුදලකට download කරගෙන අහන්න ඉඩ සලස්වාදෙනවා. ඒ වගේම මේ ඇප් එක මඟින් එම audio books වලට ගෙවීම සිදුකිරීමද ඉතාමත් පහසුයි. ඔයාට credit card එකක් නැතිනම් ඔයාගේ දුරකථන ජාලය හරහා ගෙවීම සිදුකරන්නට හැකියාව පවතී.

Link : Lisn Audio Books

Timehop

Timehop

Timehop කියන්නේ ඔයා Facebook, Twitter වගේ සමාජ ජාල වෙබ් අඩවි වල Post කර අවුරුදු ගණනාවක් පරණ Posts නැවතත් පෙන්නුම්කරන ඇප් එකක්. සරළවම කිව්වොත් මේ ඇප් එක කාල යන්ත්‍රයක් එසේත් නැතිනම් Time machine එකකට සමාන ඇප් එකකි. ඔබ සමාජ ජාල වෙබ් අඩවි එකක් නිතර ඉන්න අයෙක් නම් මේ ඇප් එක ඔබට වඩාත් සුවිශේෂ ඇප් එකක් විය හැකිය.

Link : Timehop

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here