විවාහය…. ආදරය සහ market වූ බැඳීම…..

wedding

“සොඳුරු  අතීතයේ නිමල  පැතුම  වී  මගේ  හද  තුල  ඔබ  ඉන්න  ඇතී……
ඒ  හින්දා  යළි   සෙනෙහෙ  සිතින්  අපි  ආදරයෙන්  හමුවෙන්න  ඇතී…..”

ආදරය  සහ  විවාහය  ඉස්සර  නම්  ඉතාම  පුජනීය සේ  සැලකූ  බැඳීමක්  වුණත්  අද  එය   හුදෙක්ම  කොළයකට  සීමාවූ, දේපළට  market  වූ  බැඳීමක්  වෙලා. දෙදෙනෙක්  ආදරය  කරන්නේ  එකිනෙකා  පිළිබඳව  අවබෝධයක්  ඇති  කරගන්න. තමන්  හා  මුළු  ජීවිතයේම  සතුට  වගේම  දුකත්  බෙදාගන්න  පුළුවන්  කෙනෙක්  තමයි  විවාහයෙදී  ඕනෑම  අයෙක්  ප්‍රර්ථනා  කරන්නෙත්. ඒත්  වර්තමානයේදී  විවාහය ,  බොහෝ  වියදම්  කර  අනික්  අයට  වඩා  grand  විධියට  අරගෙන   වැඩි  කල්  නොගොස්  ලිහා  දමන අතිශය  සාමාන්‍ය සිද්ධියක්  බවට   පරිවර්තනය  වී   තියෙන පුංචිම  පුංචි  බැඳීමක්  වෙලා.  අද  බොහෝ  දෙනෙකුගේ ජිවිතයේ  සරල  දේවල්  අතිශය  සංකීර්ණ  වෙන්නත්  සංකීර්ණ  දේවල් ඉතාම  සරල  වෙන්නත් හේතුව  තාක්ෂණය  දියුණුවද? කාර්යබහුල  ජිවිතද?  සංකීර්ණ  අවශ්‍යතා ද?

මා  සිතන  විධියට  මේ  හැමදෙයක්ම  ප්‍රශ්න  ඇතිවෙන්න  බැඳෙන  ඉනිමං ටිකක්  විතරයි. ඇත්තටම  ප්‍රධානතම  හේතුව  තමයි  ආකල්ප  වල  ඇතිවී  තිබෙන  “ඍනාත්මක”  වෙනස……

මුදලට  ගන්න  බැරි  දේවල්  ගොඩක්  තියෙන  බව  තේරුම්ගන්න….

අද  බොහෝ  දෙනා  විවාහය  කියන  බැඳීම  දකින්නේ  තමන්ගේ  අවශ්‍යතා සපුරගන්න  තියෙන  මෙවලමක්  හැටියටයි.  එදිනෙදා  මිල මුදල්  අවශ්‍යතා  පිරිමහගන්න, සැපවත්  ජිවිත  ගතකරන්න  ගොඩක්  දෙනෙක්  විවාහය  යොදාගන්නවා.අප  මුලින්ම  අවබෝධ  කරගන්න  ඕනේ  දේ  තමයි  ආදරය  කියන්නේ  මුදල්  නෙමේ….එය  හදවතින්ම  ඇතිවෙන්න  ඕනේ  සිතුවිල්ලක්. මෙය නිසිලෙස  වටහාගන්නේ  නැතිකම  නිසා   ගොඩක්  අය  දේපල  හා  වස්තු  තණ්හාවට    විවාහ  වෙලා පසුකාලීනව  බොහෝ  දුක්  විඳිනවා… විශ්වාසය,  සහයෝගය, මිත්‍රශීලි  බව,  ආදරය  මත  පදනම්  වන  විවාහය  කවදාවත්  මුදලකට  ඇස්තමේන්තු  කරන්න  නම්  එපා. ආදරය  කියන්නේ  සල්ලි  වලට  කියලා  හිතන්  ඉන්න  අයටනම්  විවාහ  ජීවිතය  කවදාවත්ම  සාර්ථක  කරගන්න  බැරිවේවි.

තාක්ෂණයෙන්  ගිලිහී  ගිය  අන්‍යොන්‍ය අවබෝධය  සහ  විශ්වාසය ….

අද  සමාජය  තාක්ෂණයත්  එක්ක  ඉස්සරට  වඩා  හුඟක්  දියුණුවෙලා… ඒ  නිසා අපේ  ජිවිත  ගොඩක්  පහසු  වෙලා  තියෙනවා.  ඇත්ත,  තාක්ෂණයත් එක්ක  අපිට  එකතැන  ඉන්න  බැහැ.  ඉදිරියට  යන්න  ඕනේ.  ඒත්  පහසු  වුන  අපේ  ජිවිත  බොහෝ  සංකීර්ණ  කර  විනාශ  කර දමන්නත්  තාක්ෂණයට  අද  හැකිවෙලා  තියෙනවා කියලා  ඔබට  හිතෙන්නේ  නැද්ද? රාජකාරි  සඳහා  නිවසින්  හැමදාම  උදැසන  පිටත්වන  සැමියා  නැවත  ගෙදර  එන තෙක්  නිවසට  වී  සමාජ ජාල  වලින්  අලුත්  මිතුරන්  සොයාගෙන  පසුව  හෝටල්  කාමර වලින්  නවතින  බැඳීම්  ඇතිකරගනිමින්  සිය  විවාහයට  සදහටම  තිත  තබා  ජීවිතය  සහ  ආත්ම  ගෞරවය  විනාශ  කරගත්  බිරින්දෑවරුන්  කොතෙකුත්  සමාජයේ  ඉන්නවද?  මා  මේ  ලියන  මොහොතේත්  ඔබ  මෙය  කියවන  මොහොතේත්  එවන්  සිදුවීම්  දහස්  ගණනක්  ලොව  පුරා  සිදුවෙනවා. එමෙන්ම  කාන්තාවන්  පමණක්  නොවේ… පිරිමින්  පවා  සිය  රාජකාරි  ස්ථානයේ  ඇතිකරගන්නා  සම්බන්ධතා  නිසා  ඛේදවාචකයකින්  විවාහය  විනාශ  කරගන්න  අවස්ථා  අපට  සුලබ ව   අහන්න  දකින්න  ලැබෙනවා.  මෙයට  මුලිකම  හේතුව  දියුණු  වන  ලෝකයේ  කාර්යබහුල  ජිවිතය  නෙවෙයි.  තාක්ෂනය  නිවැරදි ලෙස  භාවිතා කිරීමේ අවබෝධය  ඉතාම  අල්ප  වීම සහ  තාක්ෂණයට  සහ  හැඟීම්  වලට සිය  ජිවිත  පාලනය  කරන්න  ඉඩ  දීමයි.. ඇත්තටම  තාක්ෂණය  කියන්නේ  හුදෙක්ම  facebook, youtube, skype, twitter විතරයි  කියලා  හිතාගන  ඉන්න  පිරිස  තමා  අද  වැඩිම. විවාපත්  මැදිවියේ  සහ  මහලුවියේ  කාන්තාවන් වඳුරාට  දැලිපිහිය  හම්බවුනා  වගේ  facebook සහ  ජංගම  දුරකතන   භාවිතා  කර  වැඩ  වරද්දගන්නා  අවස්ථා  අද  තරුණියන්ටත්  වඩා  සාපේක්ෂව  වැඩිවී  තිබෙනවා. ඇත්තටම  facebook  වගේ  සමාජ  ජාල  හරහා  ලොව  සිදුවන  වැදගත්  සිදුවීම්  ඉතා  ඉක්මනින්  දැනගන්න  අවස්ථාව  වැඩි  නිසා  හරිහැටි  සමාජ  ජාල  සහ  තාක්ෂණය  භාවිතා  කරන්නාට  එයින්  ලැබෙන  ප්‍රයෝජනය  ඉතාම  පුළුල්.  එහෙත්  ස්මාර්ට් ෆෝන්  භාවිතා  කරන  හරිහැටි  තාක්ෂණය  ගැන  හෝ  සමාජ  ජාල  ගැන   හෝ සමාජය  ගැනවත්  අවබෝධයක්  නැති  බොහෝ  කාන්තාවන් , පිරිමින්    ඒ  නිසාම  සිය  විවාහය  සහ  බැඳීම්  සදහටම  කටුගා  දැමීමත්    simple  වෙන්න  තරම්  අද  සමාජය  වල්බිහිවෙලා.  ඔබ  මුල්තැන  දිය  යුත්තේ  භෞතික  අවශ්‍යතා  හෝ  ස්මාර්ට්  ෆෝන්  එකකට  නෙමේ.  ඔබේ  බැඳීම්  වලටයි.  මන්ද  නැතිවූ  විශ්වාසය  සහ  ආත්ම  ගෞරවය ඔය  කියන ෆෝන්  එකෙන් හෝ  තාක්ෂණයෙන්  හෝ  සමාජ  ජාලයේ  ඔබට  හමුවන්නන්  මඟීන්  හෝ  සකස්  කරගන්නට  බැහැ.

එකිනෙකා  තේරුම්  නොගැනීම…

සිය  ස්වාමියාගේ  හෝ  බිරිඳගේ හෝ  දෙදෙනාගේම   කාර්යබහුලත්වය  මත  එදිනෙදා  තමන්ට  ඇතිවන  ගැටළු  කතාකරගන්න තරම්වත්  ඉඩක් ලැබෙන්නේ  නෑ  කියලා    බොහෝ  දෙනා  කියනවා.  එහෙත්  ඇත්තටම  යථාර්තය  එයමද?  දවසකට  පැය  24ක්  තියෙනවා.  ඔබ  රුපවාහිනිය  නරඹන්න, සින්දුවක්  අහන්න, අන්තර්ජාලය  පිරික්සන්න, කැමති  චිත්‍රපටයක්  බලන්න  කොහොමහරි  වෙලාවක්  හොයාගන්නවා  නේද? එහෙනම්  ඇයි  තමන්ගේ  එදිනෙදා  ප්‍රශ්න, හිතේ  තියෙන  කරදර  පවුලේ  අයත්  එක්ක  කතාකරන්න  වෙලාවක්  හොයාගන්න  බැහැ  කියන්නේ?   එය එතරම්  ප්‍රයෝගික  නැහැ  නේද? කාලය  කළමනාකරණය  කරගත්තොත්  දෙදෙනාටම  දෙදෙනා  වෙනුවෙන්  සහ  පවුලේ  අන්  සාමාජිකයන් වෙනුවෙන්  වෙලාවක්  හොයාගන්න  බැරිවෙන්නේ  නැහැ. මොකද  අපට  කොයි  දේටත්  වඩා  වටින්නේ  බැඳීම්  සහ  ආදරයයි. අනික බොහෝ  දෙනා  රාජකාරි  ජීවිතය  සිය  පුද්ගලික  ජීවිතය  එක්ක  පටලවා  ගන්නවා. එවිට රාජකාරි  වෙලාවේදී  ඉවර  කරගන්න  නොහැකි  වුණු  වැඩ  ගෙදරට  ගෙනවිත්  කරන්න  පුරුදු වෙනවා. මෙන්න  මේ  වගේ  අවස්ථා වලින් තමයි   ඔබට පවුල , විවාහය  සහ බැඳීම  කියන  සංකල්ප  අමතකවෙන්න  පටන්  ගන්නේ. ඒ  නිසා  ඔබේ  සමීපතමයන්  ඔවුන්  ගැන  සොයන  අය  සමඟ  වැඩියෙන්  සම්බන්ධතා  ඇතිකරගන්නවා. ඇත්තෙන්ම  එය  ඔබේ  වරදම  නොවේ. හරිනම් කොච්චර   කාර්යබහුල  වුණත්  විවාහය  තරම්  අන්  කිසිම  යහළුකමක්  වටින්නේ  නැති  බව  දෙදෙනාම තේරුම්ගත  යුතුයි. එමෙන්ම  කොතරම්  වැඩ  අධික  වුණත්  පවුල  වෙනුවෙන්  වෙලාව  හොයාගන්න  එක  ඔබේ  ප්‍රධාන  වගකීම විය  යුතුයි.

සිතන්න…. නොගැලපීම්  ගලපාගන්න….විවාහය  පිවිතුරු  බැඳීමක්  මිස  test කිරීමක්  නොවේ….

පිට  කෙනෙක්  වගේ  නොවෙයි.  තමන්ගේ බිරිඳගේ  හෝ  ස්වාමියාගේ සහෝදර  සහෝදරියන්  හා  අනියම්  සම්බන්ධතා  ඇතිකරගන්න  එක  සැකයකින්  තොරව ගෙන  යා  හැකි  බැඳීමක් නිසා  අනියම්  සම්බන්ධතා  හොර  රහසේ කාලයක්     පවත්වාගන්න  බොහෝ  අය  පෙළඹෙනවා.  විවාහය  කෙතරම්  සදාචාරාත්මක  බැඳීමක්  වුවත්  අනියම්  සම්බන්ධතා  සොයා බොහෝ  දෙනා   ගමන්  කරන්නේ  සිය  ආත්ම  තෘප්තිය  පමණක්  ලබාගැනීම යන  ආත්මාර්ථකාමී  හැඟීම  නිසා  පමණයි. කොයි  ලෙසින්  හෝ   අනියම්   සබඳතා  ඇතිකරගන්න කලින්  සිතන්න…. ඔබ  එවන්  සම්බන්ධතා  වලින්  බලාපොරොත්තු  වන්නේ ඇත්තටම  ආදරය  නම්…. ඔබ  විවාහ  වූ  පුද්ගලයාට  ඔබේ  ජිවිතේ  දී  ඇත්තේ  කොතරම්  පහත්  ස්ථානයක්ද?  ඔහු  හෝ  ඇය  ඔබව  තේරුම්  අරන්  ඉන්නා  තරමින්වත්   සැබෑවටම  ඔබේ  අනියම්  සැමියා  හෝ  බිරිඳ  ඔබව  තේරුම්  අරන්  ඉන්නවද?  ඇත්තටම  ඔබෙන්   මේ  ප්‍රශ්න අහද්දී  ඔබ  ලබාදෙන  උත්තරය  “ඔව් තේරුම්  අරන්  ඉන්නවා… ඒකනේ  මම  සම්බන්ධතාවක්  ඇතිකරගත්තේ”  කියා  සිතෙනවා  ඇති…එය  එලෙසනම්  කලක්  යද්දී  තවත්  හොඳ  අයෙකු  හමුවුණොත්  ඔබ   තවත්  සම්බන්ධතාවක්  ඇතිකරගන්න  එකක්  නැහැ  කියා  සිතන්න  පුලුවන්ද?  ඔබ  සොයන්නේ  perfect  ගැලපීම  මිස   සැබෑ ආදරයක්  නොවේ.  ඉන්  හුදෙක්  සිදුවන්නේ  ඔබත්  විනාශ  වී  ඔබ  වටා  ඔබට  සැබෑවටම  ආදරය  කරන  අයත්  විනාශ  වීමක්  පමණි. perfect  යැයි  කිව  හැකි  කිසිවෙකු  මෙලොව  නැත.  එසේනම්  වියයුත්තේ  නොගැලපීම්  ගලපාගෙන  ජීවත්වීම  මිස  විවිධ  ගැලපීම්  හඹායාම  නොවෙයි. විවාහ  වෙන්න  පුළුවන්…එහෙත්   බැඳීම  ශක්තිමත්ව  පවත්වාගෙන  යන්නේ  කීයෙන්  කී  දෙනෙක්ද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here