සුපර් මාකට් වලින් බඩු ගන්න ගිහින් ඔබත් මෙම වංචනික උපායන්ට හසු විය හැකියි.

0
3240
shopping

අද සමාජයේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක බොහෝ පිරිසක් තම නිවසට අවශ්‍ය  අඩුමකුඩුම මිලදී ගැනීමට  යන්නෙ සුපර් මාර්කට් වලට. වෙනදා සති අන්තෙ හෝ සති පොලේ ගිහින් මුදලාලි තරාදියට දාලා කිරලා දෙන බඩු ටික අරන් එන අපේ ගෘහණියන් බහුතර පිරිසක් දැන් සුපර් මාර්කට් එකට ඇදෙනවා.  මොකද සති පොලේ වගේ දහඩිය පෙරා ගෙන තෙරපි තෙරපි බඩු හොයන්න දේකුත් නෑ නේ. ඒසී කරපු  වෙන්  වෙන්ම බඩු අඩුක්කු කරපු නිස්කලංක විදියට තමන්ට ඕන දේවල් හිතේ හැටියට තෝරා ගන්න පහසුකම් සුපර්මාර්කට් වල තියෙනවා කියලා අපි හිතුවට අපිටත් කොලේ වහලා කූට උපායන් සිදු කරන සුපර්මාර්කට් ඔබගේ ප්‍රදේශයෙත් තියෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මෙන්න මේ කියන්න යන  දේවල් ගැන කල්පනාකාරීව මින් ඉදිරියට සුපර්මාර්කට් වලින් බඩු මිලදී ගන්න කියලා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙ බොහෝම ආදරණීයව.

  • ලේබලය
    ඔබ මිලදී ගන්නා සමහර ලේබල් කරපු භාණ්ඩ වල මුල් ලේබලයට උඩින් තවත් ලේබලයක් අලවා තිබෙන අවස්ථා ඔබට හමුවෙලා ඇති. එසේත් නැතිනම් ඔබට එවැනි භාණ්ඩ හමුවේවි. කිසිම විටක එවැනි භාණ්ඩ මිලට ගන්න යන්න එපා. මොකද ඔය සබන්, සැමන් ටින්, තේ කොළ පැකට්, රින්සො, ෆේෂ් වොෂ් , මෙන්න මේ වගේ දේවල් වල තමයි වැඩිපුර මේ වගේ ලේබල් අලවන්නෙ. වැඩිපුර තොගේට ගේන භාණ්ඩ ඉතුරු වෙලා ඒවායෙ කල් ඉකුත් වූ පසුත් සමහර අලෙවි සැල් වල එම භාණ්ඩයේ මුල් ලේබලයට උඩින් තව අලුත් ලේබල් එකක් අලවලා ඒ බඩුත් ඔයාලට විකුණනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සුපර්මාර්කට් වලින් භාණ්ඩ මිලදී ගනිද්දි ඒ භාණ්ඩයේ ලේබල් එක නම් බලන්න අමතක කරන්න එපා.
  • කල් ඉකුත්වීමේ දිනය
    සමහර සුපර්මාර්කට් වල නම් මාස ගානකට ඒ ඒ බඩු භාහිරාදිය අඩුක්කු කරපු රාක්ක පරික්ෂා කරන්නෙ නෑ. ඉතින් මේ අතර කල් ඉකුත් වෙලා භාවිතයට නුසුදුසු බඩුත් තියෙන්න පුළුවන්. නිසි කළමනාකරණයක් නොමැති වීම මෙයට හේතුවක්. කාර්ය බහුලත්වය මැද්දෙ සුපර්මාර්කට් වලට ගොඩ වෙලා බඩු ගන්න අපේ උදවිය සුපර්මාර්කට් එකේ විශ්වාසය මත බඩු ගන්නෙ කල් ඉකුත්වීමේ දිනය නොබලා වෙන්න පුළුවන්. ඉතින් කවදාවත් ආයෙ නම් සුපර්මාර්කට් එකකින් බඩු ගත්තත් කල් ඉකුත්වීමේ දිනය නම් බලන්න අමතක කරන්න එපා.
  • එකක් ගත්තොත් තව එකක් නොමිලේ
    අපේ අය නම් ඉතින් නිකන් දෙනවා නම් කියවන්න බැරි වුනත් දෙමළ පත්තරේ හරි උස්සන් එනවා නේ. ඒ වගේ තමයි ඔය සුපර්මාර්කට් වලත් සමහර බඩුවල කල් ඉකුත්වීමේ දිනය ලං වෙලා ඒවා විකුණා ගන්න කල් මදි වුනාම පාරිභෝගිකයන් වැඩියෙන් මිලදී ගන්න භාණ්ඩ එක්ක අලලා ඒවා ඔයාලගෙ ඇගේ ගහන්න ඉඩ තියෙනවා. ඉතින් වට්ටම් වලට රැවටිලා ලාභෙට කල් ඉකුත්වෙන්න තියෙන බඩු ගන්න නම් එපා.
  • ආහාර පාන
    ඔබ සුපර්මාර්කට් එකකින් මිලදී ගන්න එළවළු , පළතුරු , මස් මාළු, බිත්තර , සොසේජස් වගේ දේවල් මිලට ගනිද්දි දෙතුන් වතාවක් වත් හොඳට බලලා ගන්න . මොකද සමහර අවස්ථාවල ඔය රාක්ක වල අසුරපු එළවළු පළතුරු වල අලෙවි මිල හරියට පාරිභෝගික ඔබට දක්වා නොතිබෙන්න පුළුවන්. එහෙම උනාම ඔයාගෙන් වැඩිපුර අය කරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මිල ගණන් නොදක්වපු අවස්ථා වල මිල ගණන් දැනගෙන ඒ භාණ්ඩ මිලදී ගැනීමට කල්පනාකාරී වෙන්න. ඒ වගේම තමයි බිත්තර , මස් මාළු වල මිල ගණන් සුපර්මාර්කට් වල වෙනස් වෙන අවස්ථා තිබෙනවා. ඔබ ගෙවන මිලට සාධාරණ ලෙස භාණ්ඩ ලබා ගැනීමේ අයිතිය පාරිභෝගිකයන් ලෙස ඔබට තිබෙනවා. ඉතින් සමස්ත වෙලඳපොළෙහි එදිනෙදා මිල දර්ශකයන් ගැන අවබෝධයක් ඇතිව සුපර්මාර්කට් වලින් භාණ්ඩ මිලදී ගැනීමට ඔබ කල්පනාකාරී වෙන්න.
  • ඔබගේ බිල
    සුපර්මාර්කට් එකකින් බඩු මිලට ගත්තම නම් ඔබට බිලක් ලැබෙනවා. ඔබ ගත්ත නොගත් සියලුම දේවල් බිලෙන් බලා ගන්න පුළුවන්. ඉතින් බඩු ටික අරගෙන අවසානේ බලන්න බිලේ සඳහන් වුන සියල්ල ඔබ ඒ විදියටම අරගෙනද කියලා.

අද ඉඳන් වත් සුපර්මාර්කට් වල පෙනුමට රැවටිලා බඩු මිලට ගන්නෙ නැතිව ඔබ ඔබ ගැන හිතලා සුපර්මාර්කට් වලින් භාණ්ඩ මිලදී ගන්න කල්පනාකාරී වෙන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here