ඔබගේ ප්‍රශ්නය ඔබට සුදුසු රැකියාවක් සොයා ගැනීමද? එසේ නම් මෙන්න ඔබට සුදුසු රැකියාව සොයා ගැනීමට ඇති විශ්වාසදායී වෙබ් අඩවි කිහිපයක්.

0
13561
looking_for_job

ඔබත් රැකියාවක් නොමැති කමින් අසරණ වූ අයෙක්ද ? එසේත් නැතිනම් ඔබගේ සුදුසුකම් වලට සරිලන රැකියාවක් සොයා ගැනීමට තවමත් නොහැකි වුවාද ?  තිබෙන සුදුසුකම් වලට  නොගැලපෙන රැකියාවක් කිරීමට ඔබටත් සිදුවූවාද ? දැන් පසුතැවිලි වුනා ඇති නේද ?. අද Womanly.lk මගින් මම ඔබට කියන්න යන්නෙ ඔබට ගැලපෙනම රැකියාව තෝරා ගන්න අපේ රටේ තියෙන ප්‍රධානම  වෙබ් අඩවි කිහිපයක් ගැන.

ඇත්තටම කිව්වොත් අපි මොන තරම් දුරට ඉගෙන ගත්තත් මොන තරම් සුදුසුකම් අපට තිබුණත්  අපට ඕන කරන රැකියාව අපේ ළඟට එන්නෙ නෑ.ඉතින් රැකියාවක් අපේක්ෂා කරන ඕනම කෙනෙක් ටිකක් මහන්සි වෙන්න ඕන තමන්ට ගැලපෙන  රැකියාවක් තෝරා ගන්න. ඔබේ සුදුසුකම් වලට අනුව ඔබ කැමති රැකියා සඳහා කොහොමද ඔබ අයදුම් කරන්නෙ. දැන් මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු  ඔබට මෙම ලිපිය මගින් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. මං මේ කියන්න යන වෙබ් අඩවි අපේ රටේ වගේම විදෙස් රටවලත් රැකියා පුරප්පාඩු  සඳහා  රැකියා අපේක්ෂිත ඔබට ඔබේ සිහිනය සැබෑ කර ගන්න උදව් වේවි. ඉතින් එහෙනම් ඔබට කරන්න තියෙන්නෙ මේ වෙබ් අඩවි අතරින් ඔබට ඔබගේ සුදුසුකම් වලට සරිලන රැකියාව තෝරා ගෙන ඒ හරහා ඔබගේ ජීව දත්ත පත්‍රිකාවක් එම  රැකියා පුරප්පාඩු ඇති ආයතනය වෙත යොමු කිරීම පමණයි.

  • top jobs
    ශ්‍රී ලංකාවෙ වගේම විදෙස් රටවලත් අති දැවැන්ත ඔබ අප කවුරුත් දන්නා ආයතන බොහෝ ප්‍රමාණයක රැකියා පුරප්පාඩු මෙම වෙබ් අඩවියෙන් ඔයාට බලා ගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය , කාර්යාල සේවක, බැංකු, ජන මාධ්‍ය , ගිණුම්කරණ, ගුරු පුරප්පාඩු වැනි විශාල රැකියා ප්‍රමාණයක පුරප්පාඩු මෙම වෙබ් අඩවියේ තිබෙනවා. දිනකට අති විශාල පුරප්පාඩු ප්‍රමාණයක් මේ හරහා ආයතන වලින් දන්වා සිටිනවා.www.topjobs.lk යන වෙබ් අඩවිය හරහා දැන් ඔබට පුළුවන් ඔබට ගැලපෙන රැකියාව තෝරා ගෙන එයට සම්බන්ධ වීම සඳහා අයදුම්පත්‍රයක් යොමු කරන්න.
  • ලක්බිම රැකියා
    මෙම ලක්බිම රැකියා වෙබ් අඩවියෙහි ඔබට සුදුසු රජයේ රැකියා පුරප්පාඩු සොයා බැලීමට හැකිය. මෙය හුදෙක් රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශයන්හී රැකියා පුරප්පාඩු දැන ගැනීමට ඇති වෙබ් අඩවියකි.www.lakbimajobs.com යන ලිපිනය හරහා ඔබටද මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වීමට හැකිය.
  • ikman job
    ඔබ සිටින ඔබට ළඟම ප්‍රදේශයේ තිබෙන ආයතන වල පුරප්පාඩු දැන ගැනීමට නම් ඔබට පුළුවන් ikman.lk වෙබ් අඩවියෙහි රැකියා පිටුව හා සම්බන්ධ වෙන්න. සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි රැකියා පුරප්පාඩු දහස් ගණනක් මෙහිදී ඔබටම බලා ගැනීමට හැකිය. ඔබට ගැලපෙනම රැකියාව තෝරා ගන්න ඔබත් ikman job පිටුව හා සම්බන්ධ වෙන්න.
  • My jobs
    පෞද්ගලික අංශයේ උසස් ආයතන බොහෝමයක රැකියා පුරප්පාඩු මෙම වෙබ් අඩවිය හරහා ඔබට තෝරා ගැනීමට හැකිය.www.myjobs.com යන වෙබ් ලිපිනය හරහා ඔබට සුදුසු රැකියාව තෝරා ගැනීමට දැන් ඔබට පුළුවන්.

ඉතින් මෙතෙක් කල් රැකියාවක් සොයන්න මහන්සි වුන ඔයාට මෙම ලිපිය සහනයක් වේවි. ඔබගේ රැකියාව සිහිනයක් නොව සැබෑවක් කර ගැනීමට ඔබත් අදම ඔබට සුදුසු රැකියාව තෝරා ගන්න මෙම වෙබ් අඩවි සමඟ සම්බන්ධ  වෙන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here