බැඳීම් අඩුවෙන තරමට ජීවිතේ පහසුයි

girl_thinking

බැඳීම් අඩුවෙන තරමට ජීවිතේ හරිම පහසුයි. විවිධ මතිමතාන්තර විවිධ අදහස් දරණ පුද්ගලයින් සමග ජීවත්වෙන්න සිදුවන නිසා කා සමගින් වුවත් වැඩි වශයෙන් බැඳීම් අැති කරගත්විට කෙසේ වුව ද අවසානයේ දුක උරුමවීම අතිශය සරළ සාමාන්‍ය සිදුවීමක්.

බැඳීම් අඩු පුද්ගලයා නිදහසේ ප්‍රශ්න නැතුව ජීවත් වෙනවා. අපි අැසුරු කරන පුද්ගලයන් අතේ දුරින් තියාගෙන ජීවත් වෙන තුරාවට හිසට බරක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.

කල්පනා කර බලන විට මිනිසුන්ට අැත්තේ තම තමනගේ ප්‍රශ්නවලට වඩා තමන් බාහිරින් අැසුරු කරන පුද්ගලයින්ගේ ප්‍රශ්න බව පහසුවෙන් ම වටහාගත හැකි ය. තමන් යම් පුද්ගලයෙක් ළඟින් ම අැසුරු කරයි නම් ඔහුට හෝ අැයට යම් ගැටළුවකට මුහුණදීමට සිදු වේ නම් ඒය තමාගේ හිතටත් මානසික වදදෙන සිදුවීමක් බවට පත්වන අවස්ථා තිබේ. මිනිසුන් හැඟීම්බර බැවින් යමෙක් ළඟින් අාශ්‍රය කළ විට ඔවුන්ගේ කුඩා වෙනස්වීමක් වුව ද දරා ගැනීම ඉතා අපහසු ය.

මිනිසුන් ජීවිතේ වටිනා තීරණ ගැනීමේ දී බැඳීම්, හැඟීම් අාදිය මුල් කාෙට ගන්නවා. ඒ නිසා ම කාලයත් ඒක්ක විඳවන්න පටං ගන්නවා. සමාජයෙක් ගත්විට ඒහි බොහෝ දේ තීරණයවනනේ බැඳීම් මත පදනම් වෙමිණි. සෙසු රටවල මිනිසුන් දෙස බැලීමේ දී තරමකට හෝ ශ්‍රී ලාංකික මිනිසුන් වෙනස් බව පාෙදු අදහසකි. ඒහි දී ඔවුන් වෙනස්වන්නේ ඔවුන්ගේ මනුෂ්‍යත්වය හේතුෙවන් බව සඳහන් කළ හැකි ය.

මනුසත් බව අතින් ඉහළ මිනිසුන් කොටසක් ශ්‍රී ලංකාව තුළ ජීවත් වුව ද බහුතරයක් මිනිසුන් බැඳීම් නිසා විඳවමින් කල් ගත කරයි. අැතැම් විට ඒ් මනුස්සකම නිසාවෙන් ම බහුතරයක් මිනිසුන් විඳවන බව පෙනේ.

නොගැලපෙන මිනිසුන් සමගින් ජිවත් වනවිට ගැලපෙන මිනිසුන්ගේ වටිනාකම දැඩි සේ දැනෙන්න පටන් ගන්නවා. ගත කරන ජීවිතයේ අපාඩුකම් තිබේ නම් ඒ් සඳහා නිසි විසඳුම් ලබා ගැනීමට කල් ගන්නේ නැති ව කළ යුතු දෙයකි. ඒහෙත් තීරණයක් ගැනීමට අපහසු දුරක් ගොස් තීරණ ගැනීමට බෙහෝ දෙනෙක් ක්‍රියා කරයි. ඒ් හේතුවෙන් ද විඳවන පිරිස වැඩිවෙයි.

තම තමන්ගේ වාසිය වෙනුෙවන් අද වෙනකොට මිනිස්සු නොකරන දෙයක් නැති තත්ත්වයට පත්වෙලා. තමන් ගැන විතරක් හිතලා තීන්දු තීරණ ගන්න අතරේ ඒ් සඳහා කාගේ හිත ද රිදෙන්නේ, ඒ් නිසා තැලෙන්නේ කවු ද, දුක් විඳින්නේ කවු ද කියන දේ තීරණය ගන්න කෙනාට අදාල වෙන්නේ නෑ.

මිනිසෙකුට තම වාසිය වෙනුවෙන් වෙනස්වීමට ගතවන්නේ ක්ෂණයකි. ඒලෙස ක්ෂණයෙන් වෙනස්වන මිනිසා ඒ් වෙනස්වීමට මනා ලෙස හේතු ගලපා ගනී. ඒහි දී කෙසේ හෝ තමා සාධාරණීයකරණය කර ගැනීමට කටයුතු කරයි. ඒහි දී ඔවුන් අසාධාරණ ලෙස කටයුතු කළත් මතු යම් දිනෙක ඒවැනි සිදුවීමටකට කුමන අාරයකින් හෝ මුහුණ පෑමට සිදුවන බව බොහෝ දෙනෙක් සිතකට නොගනී. තමන් යමක් හේතුවෙන් විඳවයි නම් ඒ් තමා මින් පෙර සිදු කරන ලද දෙයක් හේතුවෙන් බව කලපනා කළහොත් ඒ් කවරක් නිසා ද යන්න විටෙක සිහියට නැගෙනු අැත.

නෑහිත මිතුරන් සමගින් වුවත් වැඩි වශයෙන් බැඳීමක් අැති කර ගත් විට ඒහි අවසානය ද දුකක්ම පමණනක් වෙනවා. මොක ද අපි බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි තවත් කෙනෙක් සිදු කරන්නේ. ඒ් අය සිදු කරන්නේ ඒ් අයට අවශ්‍ය දේවල් පමණක් මිස තවකෙකුට අවැසි දේවල් නොවේ.

කවුරුන් සමගින් වුව ද අවශ්‍ය බැඳීම් පමණක් අැති කර ගන්නා තුරාවට දුකකින් තොරව කල් ගෙවන්න පුළුවන්. පාරේ ගමන් කරන සාමාන්‍ය පුද්ගලයෙක්ට කුමන හෝ කරදරයක් වූ විට අපිට ඒය වේදනයවන්නේ ඒක් අාාරයකට ය. ඒ් සම්බන්ධයෙන් හැඟීමක් ද නොමැත. ඒහෙත් අප සමීපතමයෙකුට කුමන හෝ කරදරයක් වූ විට ඒය අපට විශේෂයෙන් වේදනය වෙයි. ඒසේ නම් අවශ්‍ය සහ අනවශ්‍ය බැඳීම් හඳුනාගෙන ඊට අනුරූප ව ජීවත් වෙන තුරාවට ජීවිතේ පහසුවෙන් ගෙවන්න පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here