තාක්ෂණය ඔබගේ ආදර සම්බන්ධතා වලට අහිතකර ලෙස බලපාන ආකාර 7ක්

0
5270
තාක්ෂණය ඔබගේ ආදර සම්බන්ධතා වලට අහිතකර ලෙස බලපාන ආකාර 7ක්

අප ජීවත් වන්නේ තාක්ෂණයේ විස්මිත නිමැවුම් පිරුණු යුගයකය. යහපත් පුද්ගල සම්බන්ධතා ගොඩනැගීමේදි සමහර අවස්ථාවලදී තාක්ෂණය අහිතකර අන්දමින් ක්‍රියාත්මක විය හැක. සෑම දිනකම, උද්‍යාන වලදී මෙන්ම අවන්හල්වලදී බොහෝ පෙම් යුවල් තම ස්මාට් ෆෝනය හෝ අයි පැඩ් එක දෙස දෑස් යොමු කරමින් සිටීම මා නිතරම පාහේ දකින දර්ශනයකි. අපගේ සහකාරියට හෝ සහකරුට වඩා අපේ ජංගම දුරකතනය සමඟ වැඩි කාලයක් ගත් කරන්නට පුරුදු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් නිසා සම්බන්ධතා වලදී ඇතිවන ප්‍රශ්න පිළිබඳවද අපට හොඳාකාර අවබෝධයක් ඇත.
සන්නිවේදනය යනු ඕනෑම යහපත් පුද්ගල සම්බන්ධතාවයක තිබිය යුතු වැදගත්ම දෙයකි. ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රීතිමත් ආදර සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම අනිවාර්ය වේ. ඔබ නිදහසේ සිටින විටෙක ඔබේ අත්තම්මාගෙන් ඇයට තරුණ කාලයේදි සීයාව හමුවූයේ කෙසේද යන්න විමසන්න. නවීන තාක්ෂණයේ සම්ප්‍රාප්තියට පෙර යුගයේ තමාගේ යෞවනයේ සුන්දර මතකයින් ඈ මහත් උද්යෝගයකින් ඔබ හමුවේ අවදි කරනු ඇත. දිනපතාම ඔබගේ ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කිරීමෙන් වළකින්න. එම කාලය ඔබගේ පෙම්වතා සමඟ ඵලදායි ලෙස ගත කිරීමට යොදා ගන්න. පහත දැක්වෙන්නේ තාක්ෂණය ආදර සම්බන්ධතා කෙරෙහි අයහපත් ලෙස ක්‍රියාත්මක වන ආකාර හතකි.

සමාජ වෙබ් අඩවි වල මිතුරන් සමඟ නොමනා අයුරින් චැට් කිරීම

සමාජ ජාලා වල මිතුරන් සමඟ කුලුපගව හැසිරීම නව සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ කාලය කා දමන ක්‍රියාවක් ලෙස හැඳින්විය හැක. එසේම යහපත් ආදර සම්බන්ධතා බිඳ දැමීමේ මූලික කාරයක් ලෙසද මෙය සමාජය අතර ප්‍රසිද්ධය. මාගේ අසල්වැසියකුගේ වසර 20ක විවාහ ජීවිතය අවසන් වූයේ ඔහුට අන්තර්ජාලයේ හමුවූ ආදරයක ප්‍රතිඵලයක් නිසාය. ඔහුගේ දෙවන කසාදයද අසාර්ථක වූ අතර දැන් ඔහු තනිකඩ, පාලු ජීවිතයක් ගත කරමින් සිටියි. ඔබගේ සහකරු හෝ සහකාරිය කුලුපගව වෙනත් කෙනෙකු සමඟ අන්තර්ජාලයේ හැසිරෙන්නේ නම් ඔබ ඒ පිළිබඳ විමසිලිමත් විය යුතුය. සෑමවිටකදීම මෙය අනියම් සම්බන්ධතාවක් නොවිය හැකි නමුත් ඉදිරියේදි එය කෙසේ කුමන අයුරින් කෙලවර වේද යන්න ඔබ නොදනී.

වීඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහිවීම

ඔබගේ සහකරු වීඩීයෝ ක්‍රිඩා වලට අධික ලෙස ඇබ්බැහි වී ඇත්නම් එයැ හිතකර හැසිරීමක් නොවේ. සමීක්ෂණ වලට අනුව වීඩියෝ ක්‍රිඩා ඇබ්බැහිවීම නිසා බොහෝ පවුල් සම්බන්ධතා බිඳ වැටී ඇත. කාන්තාවන් වුවද මෙසේ වීඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහිවීමේ ඉඩකඩ ඇති හෙයින් ඔබ දිනපතා එම විනෝදජනක ක්‍රියාකාරකම් වලට යොදවන කාලය පිළිබඳව සැලකිලිමත් වන්න. ස්මාට් ෆෝනයෙන් ගේම් ගසනවා හෝ පරිගණකයත් සමඟ ඔබ ගත කරන කාලය වෙනුවට ඔබගේ පෙම්වතා/වතිය සමඟ උද්‍යානයකට ගොස් නිස්කලංක කාලයක් එකට ගත කිරීම ගතට මෙන්ම සිතට සහනයක් දෙනු ඇත.

සෞඛ්‍යය

තාක්ෂණය අපගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. තාක්ෂණය නිසා ඔබ මානකික වශයෙන් ආතතිය, පීඩනය බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙනු ඇත. මෙවැනි තත්ත්වයක් තුල ඔබ සමහර විට සහකරු ඉදිරියේ කෑ කෝ ගසන්නටත්, අඩ දබර කරන්නටත් ඉඩ ඇත. මෙය ඔබගේ සම්බන්ධතාවයට තදබල ලෙස බලපායි. හැකි පමණ රූපවාහිනිය, අයි පැඩ් එක, පරිගණකය හා ස්මාට් ෆෝනයත් සමඟ ඔබ ගත කරන කාලය අවම කර යහපත් පුද්ගල සම්බන්ධතාවක් පවත්වා ගැනීමට අධිෂ්ඨාන කර ගන්න.

ස්මාට් ෆෝනයට ඇබ්බැහි වීම

ඔබත් ස්මාට් ෆෝනයට ඇබ්බැහි වූ කෙනෙක්ද? ඔබගේ සහකරු බොහෝ වේලාවක් තම දුරකතනයේ තිරයට දෑස් එල්බ ගෙන සිටින්නේද? ස්මාට් ෆෝන් දුරකතනයට අද බොහෝ පුද්ගලයින් ඇබ්බැහි වී සිටිති. මෙය සාමාන්‍ය සිදුවීමක් වූවත් එයින් මිදීමට නොයෙකුත් අය විවිධ ක්‍රියාමාර්ග පිළිපදිති. එය එතරම් ලේසි පහසු නොවේ. මීට දින කිහිපයකට ඉහතදී මා නේවාසිකාගාරයක නතරව සිටි කාලයේදි මා දුටු දෙයක් නම් එක් යුවලක් එම සන්ධ්‍යාව පුරාවට තම දුරකතනය දෙස බලමින් කාලය ගත කල අන්දමය. ඔවුන් කෙතරම් දුරට ඒ කෙරෙහි අවධානය යොමු කලාද කියනවානම්, මට ඔවුන් සමඟ මොහොතකටවත් කතා බස් කිරීමට අවස්ථාව නොලැබුණි. ඔවුන්ගේ ආදර සම්බන්ධතාව බොහෝ කාලයක් පවතීද යන්න ඔබ සිතනවාද? මට නම් එසේ සිතෙන්නේ නැත.ඔබ දෙපළ එකට කාලය ගත කරන සෑම විටකම හැකි පමණ සියලුම උපාංග අක්‍රීය කර තබන්න. මේ තුලින් ඔබට යහපත්, හිතකර පුද්ගල සම්බන්ධතාවක් ගොඩ නගා ගත හැකි වේ.

අඩ දබර ඇතිවීම

ආදර සම්බන්ධතාවයකදී දෙපළ අතර අඩ දබර, වාද විවාද ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් ඊට හේතුව තාක්ෂණය නම් තත්ත්වය ඒ තරම් හිතකර නොවේ.ඔබගේ වටිනා කාලය තම සහකරුගේ ෆේස් බුක් ගිණුම හා දුරකතනය පිරික්සීමට, යහලුවන්ගේ තතු විමසීමට හෝ පෙර පෙම්වතුන්ගේ/වතියන්ගේ විස්තර සෙවීමට යොදා ගැනීමෙන් වලකින්න.

නින්දට බාධා ඇතිවීම

ඔබ ඉන්සොම්නියාවෙන් insomnia (රාත්‍රියේදි නින්ද නොයාම ) වැනි නින්ද සම්බන්ධ ප්‍රශ්නවලින් පෙලෙන්නේ නම් ඊට හේතු කාරකය තාක්ෂණය විය හැක. නින්දට පෙර අයි පැඩ් එක හෝ ස්මාට් ෆෝනය පිරික්සීම එතරම් හිතකර හැසිරීමක් නොවේ. රාත්‍රීයේදි නින්දට පෙර රූපවාහිනිය නැරඹීමද ඔබගේ නින්ද මෙන්ම ලිංගික සම්බන්ධතා කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි සාධකයකි.

සමාජ ජාලා වල ඕනෑවටත් වඩා පුද්ගලික තොරතුරු බෙදා ගැනීම

වර්තමානයේ බොහෝ පුද්ගලයින් තම ජීවිතයේ දිනපතා සිදුවන සෑම දෙයක්ම පාහේ සමාජ ජාලා වල බෙදා ගැනීමට පුරුදු වී සිටිති. ඔබ කිසියම් පෞද්ගලික තොරතුරක් බෙදා ගැනීමට පෙර තම සහකරු ඊට කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න සොයා බැලීම වැදගත් ය. ආදර සම්බන්ධතාවේ ඇතිවන අඩ දබර, වාද වැනි ඍණාත්මක හැසිරීම් සමාජ ජාලා වල පෙන්නුම් කිරීමෙන් වැලකිය යුතුය. රහස්‍ය හා පෞද්ගලික බව ආරක්ෂා කර ගැනීමෙන් ඔබ දෙපලට ඉතා යහපත්, හිතකර සම්බන්ධතාවක් ගොඩ නගා ගත හැකි වේ.

තාක්ෂණයේ අනන්ත ප්‍රතිලාභ තිබුනත් එයින් ඇතිවන අහිතකර ප්‍රතිඵලයින් බොහෝ ය. බුද්ධිමත් ලෙස මනා පාලනයකින් ඔබ තාක්ෂණය හැසිරවන්නේ නම් ඔබට අනවශ්‍ය ප්‍රශ්න වලින් තොර හිතකර ආදර සම්බන්ධතාවක් පවත්වා ගත හැකි වේ. ඔබට වඩාත් වැදගත් වන්නේ ඔබේ ස්මාට් දුරකතනයද? ඔබගේ සහකරුද? ස්මාට් ෆෝනයට ඇබ්බැහි වීම, මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම හා සමාන බව මතක තබා ගන්න. තාක්ෂණයට ඔබගේ ජීවිතය මොහොතකින් කඩා කප්පල් කිරීමට හැකියාවක් ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here