සාමයෙන් පිරුණු පවුල් ජිවිතයක් ගත කරන්නේ කොහොමද

0
4687
happy_family_life

දෙදෙනෙකු ප්‍රේම සම්බන්ධතා පටන් ගෙන විවහා ජිවිතයක් ගත කරන විට රණ්ඩු ඇති වීම සාමාන්‍ය දෙයකි. බොහෝවිට දෙදෙනෙකු විවහා වූ විට ගැටළු ඇති වීමේ ප්‍රවනතාවය වැඩියි. ආදරේ කරන කාලයේදී ඉතාමත් ආදරයෙන් ප්‍රකාශ කල දේවල් ටික කලක් ගත වන විට එම තත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. දෙදෙනාටම එකම මතයකට පැමිණීමට නොහැකි වූ විට තමා හරි යැයි පැවසීමට දෙදෙනාම උත්සහා කරනවා. අනිත් කෙනා කියන දෙයට තමා  එකග නොවන්නේ නම් තරහා යන අවස්ථාව වැඩියි. දෙදෙනාම තමාගේ මතය හරි යැයි ඔප්පු කරන්න උත්සහා කරනවා. එසේ නොවූ විට එකිනෙකට දෝෂාරෝපණය කර ගන්නවා. දෙදෙනාගේම වැරදි එකිනෙකා අතර කියවමින් බහින් බස්වීම් ඇතිවෙනවා. දැන හා නොදැන ඇතිවන මෙම බහින්බස්වීම් නිසා දෙදනා අතර තිබෙන බැදීම් එකිනෙකාට දුරස් කරනවා. එවිට සම්බන්දතා එපා වෙනවා.

මුලදී මෙය ඉදහිට සිදු වුවත් කාලයක් ගිය පසු මෙය නිතර නිතර සිදු වෙනවා. එසේම මුලදී ලොකු ලොකු ප්‍රශ්නවලට බහින් බස්වීමක් ඇති වුවත් පසුව පුංචිදේටත් රණ්ඩු වෙනවා. දෙදනා අතර නිතර නිතර රණ්ඩු ඇති වීම වර්ධනය වන විට එය දෙදෙනාටම ස්වභාවික දෙයක් බවට පත් වෙනවා. දෙදනා අතර ඇති වන මෙවැනි රණ්ඩු නිසා මුලදී පැවති ආදරය ගිලිහිලා යනවා. එසේම මෙලෙස රණ්ඩු ඇති වීම නිසා එය දෙදෙනාම වේදනාවට පත් කරනවා.

ගැහැණිය යමක් ප්‍රකාශ කරන විට පිරිමියා එය පිළිගන්න කැමති නෑ. එය පිරිමිකමට අභියෝගයක් යැයි සිතන්න පුළුවනි. එවිට ගැහැණිය කියන දේ නිවැරදි කරන්න, ඊට විසදුම් ලබා දෙන්න පිරිමියා උත්සහා කරනවා. ඇය කියන දේ තුල පවතින අඩුපාඩු පෙන්වා දෙනවා. ඇතැම් විට ඇයගේ අදහස් අවතක්සේරු කරනවා. මෙසේ තම නිවැරදි බව ඔප්පු කිරීමට උත්සහා කරන පිරිමියා ගැහැනියගේ හැගීම් පිලිබදව කිසිම තැකීමක් සිදු කරන්නේ නෑ. ඇයව ගණන් නොගන්නා තත්වයට පත් කරනවා. ගැහැණියට වඩා පිරිමියාට දේවල් තේරෙන බව අගවනවා. පිරිමියාගේ මෙම ක්‍රියාකාරකම් නිසා ගැහැණිය වේදනාවට පත් වෙනවා.

බොහෝ දුරට රණ්ඩු ඇති වන්නේ ගෙදර දොරේ ප්‍රශ්න, ළමුන්ගේ ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න, මුදල් , ආකල්ප වල ඇතිවන වෙනස්කම් වලටයි. යම් දෙයකට එකග නොවීම පිලිබදව පිරිමියා එක ආකාරයකටත් පිරිමියා තවත් ආකාරයකටත් ප්‍රතිචාර දක්වනවා. මෙමගින් රණ්ඩු ඇති වීමේ අවස්ථාව වැඩිය.

ගැහැනුන් එකිනෙකාට ගරු කරනවා. බොහෝ විට අනෙක් කෙනා කෙරෙහි අකමැත්තක් තිබුනත් එය පෙන්වනු ලබන්නේ නෑ. කිසිම දෙයක් සිදු නොවූ ආකාරයට කතා කරනවා. බොහෝ දුරට ගැහැනුන් කතා කරන වචනවලට වඩා කතා කරන ස්වරුපය, හඩ, විලාශය, කතා කරන ස්වරුපය, කතා කරන තැනැත්තාගේ ඉරියව් වැනි කතාව සමග සිදු වන දේවල් පිලිබදව අවධානය යොමු කරනවා. මේ නිසා කතා කරන පුද්ගලයා කියන දේවල් වලට වඩා ඇය සැලකිල්ලක් දක්වන්නේ කතා කරන ආකාරය පිලිබදවයි.

නමුදු පිරිමියා කතා කරන ආකාරය පිලිබදව කිසිම සැලකිල්ලක් නොදක්වයි. ඔහුගේ අවධානය වැඩි වශයෙන් පවතින කාරණය අනුව ඔහුගේ කතා විලාශය වෙනස් වෙනවා. ඇය සමග කතා කරන විට ඔහු කලබලෙන් සිටිනවා නම් ඔහු කලබලෙන් කතා කරනවා. ඒ පිරිමින්ගේ ස්වභාවයයි. බොහෝ විට ගැහැණිය තමාට ආදරෙයි, ගරු කරනවා, මම කියන දේවල් පිලිගන්නවා යන හැගීම් පිරිමියෙකු තුළ ඇතිවෙනවා ගැටළු ඇතිවෙනවා ඉතාමත් අඩුයි. බොහෝ පිරිමින් ක්‍රියා කල යුතු ආකාරය පිලිබදව ගැහැනුන් කියා දෙන්න උත්සහා කරනවාට පිරිමින් කැමති නෑ.

ගැහැනුන්ට බොහෝ විට තමා කරන දේවල් පිලිබදව ප්‍රශංසා අවශ්‍යයි. එසේ නොවූ විට මම කොච්චර වැඩ කලත් එයාට ගානක් නැතැයි සිතමින් ගැටළු ඇති වෙනවා.

සම්බන්දතා පවත්වා ගෙන යන විට වැදගත් වන්නේ ඔබ දෙදෙනා කතා කරන ස්වරූපයයි. ගැටුම් ඇති වන විට අනෙක් කෙනාටත් ඔහුට සතුටු විය හැකි දෙයක් පැවසිය හැකිය. ඔබට සිතෙන දෙය සිතන ආකාරයට පවසන්න යන්න එපා. ඔහුගේ සිත නොරිදෙන ආකාරයට එය වටහා දෙන්න. එනම් අවශ්‍ය වන්නේ ඔබ කතා කරන ස්වරූපය වෙනස් කිරීමයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here