විලාසිතා ලෝලින්ගේ මන බදින විලාසිතා රජ දහන මන් මන්දීර්

0
5549
saree-mandir

කොළඹ පිටකොටුවේ මහ වීදිය (Main Street) බොහෝදෙනා අතර ජනපි‍්‍රයව ඇත්තේ සාරි විලාසිතා වෙනුවෙනි. එලෙස විරාජමානව සිටින සාරි සාප්පු වසර හතළිහ පනහ පැරැණි ඒවායි. මීට මාස දෙකකට පමණ පෙර මහජනතාව වෙනුවෙන් දොර ඇරි මන් මන්දීර් මහ වීදියේ පැරැණි සාරි සාප්පු සමූහය අතරට එක්ව ඇත්තේ ප්‍රබල තරගකාරීත්වයක් ඇති කරමිනි. “මන් මන්දීර්” වෙත ගොඩවදින ඔබට නවතම විලාසිතාවන්ගෙන් යුතු මංගල සාරි හා උත්සව අවස්ථාවන් සඳහා සුදුසු සාරි  විසිතුරු ආභරණ තෝරාගත හැකිවේ.

හෙට දිනයේ කුලගෙට පියමනින්න සිහින මවන ඔබට රූසිරි බවින් යුතු චාම් මනාලියක ලෙස සැරසෙන්නට මන් මන්දීර් හොඳ තෝරා ගැනීමක් වේවි.අතේ ඇති මුදලට මනා නිමාවකින් යුතු සාරියක් වටිනා පෙනුමකින් ලබා ගන්නට ඇත්නම් සාප්පු සවාරියේ යන ඔබේ සිත සතුටින් පිරී යනවා නේද? මනාලියකගේ සිත කියවන්නට තරමේ සමත්කම් ඇති සාරි ලොවේ දශක ගණනාවක පළපුරුද්ද ඇති නන්ද කුමාර් හා ඔහුගේ සමීපතම මිතුරකුවන නාරායන සාමි (ශංකර්) මන් මන්දීර් හි සවිමත් මුදුන්මුල්ය.

මන් මන්දීර් හි ඉලක්ක ගත පරිභෝගික පිරිස වන්නේ මනාලියන් හැඩගැන්වීමෙහි නියුතු රූපලාවණ්‍ය ශිල්පීන් හා ඔවුන් අතින් හැඩවැඩ වන සුන්දර මනාලියන්ය. ශ්‍රී ලාංකේය මනාලියන්ගේ සිතුම් පැතුම්වලට සරිලන පැහැයන්ගෙන් මෝස්තරවලින් නිමවූ සාරි වර්ගවලින් මන් මන්දීර් පිරීඉතිරී පවතී. අප බොහෝවිට පි‍්‍රය කරනුයේ චාම් පැහැයන්ගෙන් යුතු ස්ටෝන්ස් සීකුවින්ස් පර්ල්ස් නූල්වලින් චාම්ව හැඩවැඩ කළ සාරිය.

බොහොමයක් සාරි වර්ග ඉන්දියාවෙන් ගෙන්වනු ලබන නිසා මේවාහි මෝස්තර බොහෝදුරට නිමාවී ඇත්තේ එම ජනතාවගේ රුචිකත්වයට මුල් තැන දෙමිනි.සියයට 95 ක් පමණ ශ්‍රී ලාංකේය මනාලියන්ගේ තේරීමට සරිලන සාරි වර්ගවලින් යුතු නිසා මන් මන්දීර් දැනටමත් බොහෝදෙනකුගේ නෙත් සිත් පැහැරගෙන ඇත. 2017 මෙන්ම 2018 වසරේ මනාලියන් ලෙස හැඩවැඩවීමට සිටිනා බොහොමයක් යුවතියන්ගේ තේරීම උඩරට ක්‍රමයට සැරසුණු මනාලියක වීමය.මේ සඳහා බ්‍රොකේඩ් හා ලේස් රෙදිවලින් නිමවූ සාරි වැඩි වශයෙන් භාවිත වේ.උඩරට මනාලියක ලෙස හැඩවැඩවීමට සාරි තෝරමින් සාප්පු පීරා යන ඔබේ නෙත් නිසැකවම බ්‍රොකේඩ් සාරි වෙත ඇදුණා විය හැකියි. ඒ සඳහා වැය කළ යුතු මුදල පිළිබඳ සිතද්දී ඔබේ සිහිනය එතැනම බොඳ වනු ඇත.එහෙත් මන් මන්දීර් වෙත ගොඩවදින ඔබට රුපියල් 22,000 සිට බ්‍රොකේඩ් සාරි මිලදී ගත හැකිවේ.

මෙලෙස සාධාරණ මුදලකට සාරි ලබා දී යුවතියන්ගේ මනදොළ සපුරාලීමට මන් මන්දීර් වෙත හැකියාව ලැබී ඇත්තේ බ්‍රොකේඩ් ලේස් සඳහා රෙදි මෙරටින් ගෙන ගොස් ඉන්දියාවේ දී හැඩවැඩ කරලීමෙනි. ස්ටෝන්ස් පර්ල්ස් බීඩ්ස් ආදියෙන් හැඩවැඩ කිරීම සඳහා මන් මන්දීර් තෝරා ගෙන ඇත්තේ ඉන්දියාවේ වාරාණාසි ප්‍රදේශයයි. නිර්මාණාත්මක සාරි නිෂ්පාදනය සඳහා මෙම ප්‍රදේශය ජනපි‍්‍රයව සිටී. එලෙස හැඩවැඩ කරන සාරි මන් මන්දීර් වෙතට පත් වී අවසානයේ යුවතියන්ගේ අතට පත්වන්නේ නොම්මර එකේ තෝරා ගැනීමක් ලෙසිනි.සාරි විලාසිතා ලොවට අලුතින්ම එක්ව ඇත්තේ මොනවාද ? ඒ සියල්ලක්ම මන් මන්දීර් හී ඇත.

මනාලියකට පළමු හා දෙවැනි දිනයන් දෙකටම විවාහ ගිවිස ගැනීම් මධුසමය සඳහා පිටත්ව යෑම් හා උත්සව අවස්ථා සඳහා සහභාගී වන්නන්ට සුදුසු ආභරණ එකම වහලක් යටදී මිලදී ගැනීමේ අවස්ථාව මන් මන්දීර් සලසා තිබේ. සමස්තයක් ලෙස ගත්කළ මනාලිය රූපලාවණ්‍ය ශිල්පියා හා මන් මන්දීර් තිදෙනකු නොව එකකු ලෙස සිතමින් කටයුතුකර අවසානයේ සෞන්දර්යාත්මක බවින් හෙබි වැඩි විච්චූර්ණවලින් තොර සෞම්‍ය මනාලියක දොරට වඩින්නීය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here