උයන පිහන අයට පුංචි හෝඩුවාවන්..

0
4760
cooking-tips
  • පාන් නොකැඩෙන විදිහට කපා ගැනීමට නම් පිහිය උණුසුම් වතුරේ දමා ටික වේලාවකින් පිටතට ගෙන පිහදා ගන්න. එවිට පෙති නොකැඩී ලස්සනට පාන් කපා ගත හැකියි. ඒ වගේම බ්ලෙන්ඩරයේ තල මුවහත් නැත්නම් ලුණු හෝ හාල් ටිකක් දමා විනාඩි දෙකක් පමණ බ්ලෙන්ඩර් කරන්න. එවිට බ්ලෙන්ඩරයේ තලය මුවහත් වේවි.
  • අනේ මේ කූඹින්ගෙන් සීනි බෝතලේ බේරා ගන්නම බැහැ. මේ විදිහට ඔබත් මැසිවිලි නගා ඇති. ඉස්සර නම් වතුර බේසමක එහෙම නැත්නම් මේසයේ කකුල්වලට වගුරබේසම් තබා සීනි බෝතලය තිබ්බත් දැන් මේ ඩෙංගු මදුරුවා නිසා ඒකටත් පුංචි අවදානමක් තිබෙනවා. හදිසියේවත් වතුර මාරු කරන්න බැරි වුනොත්..ඒ හින්දා සීනි බෝතලයට කරාබු නැටි දෙක තුනක් දමා තබන්න.
  • ගෙදර දොර පිරිසිදුව තිබුනත් මැස්සන්ගෙන් ඇති වෙන කරදරයට පිලියම් එපායැ. රෝග අරගෙන එන හින්දා මැස්සන් ගැනත් අපිට කිසිම විශ්වාසයක් නැහැ. කෑම මේසයේ ආහාර තිබියදීත් මැස්සන් එහේ මෙහේ ඉගිලෙනවා නම් මේසයේ ඉටිපන්දම් දල්වා තබන්න. අම්බලන්ගොඩ ප්‍රදේශයේ බොහෝ නිවෙස්වල ආහාර මේසයේ මේ විදිහට ඉටිපන්දම් දල්වනවා. ඒ වගේම වතුරට කුරුදු තෙල් බින්දු කීපයක් එක් කරල ස්ප්‍ර් කරන්න. එයිනුත් මැස්සන් පලවා හරින්න පුලුවන්.
  • නිවස අවට මදුරුවන් ඉන්නවා නම් මදුරුතලා කොල කීපයක් කුඩා කැබලිවලට කඩා භාජනයකට දමා පුච්චන්න. මේ ගන්ධයට මදුරුවන් විකර්ශනය වෙනවා.
  • අද කාලයේ නම් සර්පයන් ගෙවල්වලට ඇතුලු වෙන ආරංචි බොහොම අඩුයි. එහෙම වෙලාවක සුදුළූණු සහ වියලි මිරිස් ගිනි අගුරු මත තබා පුච්චන්න . සර්පයාට මේ සැර දරන්න අපහසු නිසා නිවසෙන් පිටව යනවා.
  • දාන මානවැනි කටයුතුවලදී විශාල පරිමානයෙන් ළූණු කපන විට ඇස් දැවිල්ල නම් වතුර බේසමක් තබා ගන්න. එහෙම නැත්නම් කපන්න විනාඩි 15 කට පමණ පෙර ශීතකරනයේ තබාගන්න. එවිටත් කඳුලු නැතුව ළූණු කපා ගන්න හැකියි.
  • සමහර අයට කේක් කන්න අප්‍රිය වෙන්නේ එයින් වහනය වෙන බිත්තර ලන්ධය නිසයි. ඒ නිසා කේක් පිලියෙල කිරීමේදී කහ මදයේ අයිනේ තිබෙන ඝනකම සහිත සුදුපාට කැබැල්ල ඉවත් කරන්න. පිලි ගඳ නිදහස්.
  • කොස් , පොළොස් නම් කන්න කැමැතියි. ඒත් පිහියේ කොහොල්ලෑ…? කලබල වෙන්න එපා. කපන්න පෙරාතුව පිහියේ පොල්තෙල් ටිකක් ආලේප කරන්න. එහෙම නැත්නම් කොහොල්ලෑ සහිත කොටස ලිපට අල්ලා පොල් මුඩ්ඩකින් හෝ රෙදි කැබැල්ලකින් පිහදාන්න. දැන් ඉතින් කොහොල්ලෑ කරදරය අවසානයි.
  • නූඩ්ල්ස් පිළියෙල කරන විට රැල් එකට එක ඇලෙන හෙවත් බෙරි ගතියක් ඇතිවීම වලක්වා ගැනීමට නම් වතුර පෙරන්න පෙරාතුව ඇල්වතුරට අල්ලා ගෙන පෙරන්න. බතට දෙහි ඇඹුල් ස්වල්පයක් හෝ විනාකිරි එක් කළ විටත් බෙරි ගතිය නැතුව ඇට එකටෙක නොඇලෙන විදිහට බත පිසගන්න පුලුවන්. ඒ වගේම පිලුනු වීමෙනුත් වැලකෙනවා.
  • ආප්ප පිලියෙල කරන විට නොකැඩී සකස් කර ගැනීමට නොහැකි වුනාම ඇති වෙන්නේ මහත් අපහසුතාවයක්. ඉස්සර නම් මේ තත්වය වලක්වා ගැනීමට තාච්චියේ තඹ සතයක් අතුල්ලනවා. දැන් නම් මේවා ගැන බොහොම දෙනෙක් දන්නෙත් නැහැ. ඒ වගේම තඹ සත ඇත්තෙත් නැහැ. ඒ නිසා ආප්ප පිළියෙල කරන තාච්චිය වෙනත් වැඩ කටයුතුවලට යොදා නොගන්න. ඒ වගේම ඊට පෙරාතුව බිත්තරයක් පිසගත් විටත් ආප්ප නොකැඩී පිසගැනීමට පුලුවන්.
  • කට්ලට් නොකැඩී හදා ගැනීමට නම් තදින් ගුලි කරන්න. ඒ වගේම බිතත්ර සාරු දවටා දෙවරක් පාන් කුඩු තවරා ගැනීමත් හොදයි. තෙල් ලිප තැබීමට පෙරාතුව ලුනු කැට ටිකක් අතුල්ලා ගැනීමෙනුත් කට්ලට් නොකැඩී පිළියෙල කර ගැනීම අපහසුවක් නැහැ.
  • පලා වර්ග ශීතකරනයේ තබන විට කිසිම විටෙක මුද්‍රිත කඩදාසි කොලයක දවටන්න එපා. මුද්‍රිත තීන්තවල අන්තර්ගත ලීඩ් (lead) රසායනය මේදයේ දියවෙන නිසා අආහාරයට එකතු වෙනවා. ඒ නිසා 2013 වසරේ පටන් මුද්‍රිත කඩදාසිවල ආහාර දැවටුම තහනම් කරනු ලැබුවා. ඒ නිසා සව් කඩදාසියක හෝ තනි සුදු කඩදාසියක දවටා තබන්න.
  • කරපිංචා කොළ වැඩි කාලයක් අලුත් බවින් තබා ගැනීමට නම් සෝදා ගත් කොළ වෙන් කරගෙන බෝතලයක අසුරා ගන්න. දෙහි අලුත් බවෙන් තබා ගැනීමට නම් වැලි කොරහක වලලා තබාගන්න. එවිට හොදින් යුෂ ලබා ගත හැකියි.
  • කරවල වුනත් පෙට්ටියක අසුරාගෙන අධිශීතකරනයේ තබා ගත් විට කාලයක් නරක් නොවී තබා ගැනීමට පුලුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here