තම ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් උපකාරයක් ඉල්ලන්නේ මෙහෙමයි

0
3755
තම ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් උපකාරයක් ඉල්ලන්නේ මෙහෙමයි

ගැහැනුන් සහ පිරිමින් එකිනෙකාගෙන් උපකාර ඉල්ලන ආකාරය වෙනස්ය. සමහර විට ඔබේ පෙම්වතා හෝ සැමියා ඔබට උදව් නොකරනවා යැයි ඔබ පසුතැවිල්ලෙන් පසු වෙනවා ඇති. ඔබට අවශ්‍ය දේ ඔහුගෙන්  ලැබෙන්නේ නැතිනම් ඒ ඔබ ඉල්ලන ක්‍රමය තුල පවතින වැරද්දක් නිසාය.ඉල්ලන අකාරය වෙනස් කර ගැනීමෙන් අවශ්‍ය දෙය ලබා ගැනීමට පුළුවනි.ඔබගේ සන්නිවේදනයේ සාර්ථක බවේ තේරුම ඔබට ලැබෙන ප්‍රතිචාරයයි.

පිරිමියාට වඩා ගැහැනියට මෙම ප්‍රශ්නය තදින් බලපානවා.පිරිමියා තමන්ට ආදරය ඇති නම් තමාට අවශ්‍ය දේ ඔහු කර දෙනවා යන හැගීම ගැහැනිය සතුව පවතිනවා.ගැහැනිය සමග වාසය කරන විට ද පිරිමියා ඇය උපකාර ඉල්ලන්නේ නැතිනම් සියල්ල හරි ඇතැයි නිගමනය කරනවා.ඇයට අවශ්‍ය නම් අවශ්‍ය දෙය ඉල්ලාවි යැයි ඔහු සිතනවා.නමුත් ඇය ඔහුගෙන් දේවල් ඉල්ලන්න කැමති නැහැ.ගැහැනු අය අතර එකිනෙකාගෙන් උදවු ඉල්ලන්න කලින් කර දෙනවා.පිරිමියා තමන්ට ඇත්තටම ආදරේ නම් තමාට අවශ්‍ය දෙය ඉල්ලන තුරු නොසිට “ටිකක් හොයලා බලලා වැඩ කරයි”යන හැගීම ගැහැනිය සතුව පවතිනවා.

පිරිමියාගෙන් උදව්වක් ඉල්ලන අකාරය වටහා ගැනීමෙන් ඔහුගෙන් දෙයක් සාර්ථකව ඉල්ලා ගත හැකිය.පිරිමින්ගෙන් දෙයක් ඉල්ලන විට එය,

  • කෙටියෙන්
  • පැහැදිලිව
  • ක්‍රියාකාරී වචන වලින් ඉල්ලන්න

පිරිමින්ගෙන් ඉල්ලන දෙයක් කෙටියෙන් ඉල්ලන්න.ඔහුට එය කල හැකි දෙයක් නම් ඔහු එය කර දෙන බව විශ්වාස කරන්න.දෙයක් කර ගැනීමට පෙර එය ඔහුගෙන් ඉල්ලන්නේ මන්ද යැයි විස්තර කිරිමිට හේතු රාශියක් නොකියන්න.”මට අද වැඩ ගොඩයි.මට වැඩ කරලම එපා වෙලා.කාමරයේ හැම තැනම කුනු.කොච්චර අස් කලත් වැඩක් නෑ.අද මට වැඩත් වැඩි නිසා මේක පොඩ්ඩක් අස් කරලා දෙන්න පුලුවනි ද “දිගින් දිගටම කාමරය අස් නොකිරීම පිලිබදව කතා කිරීමෙන් ඇය ඔහුට දොස් පවරනවා යැයි ඔහුට සිතිය හැකිය.එම නිසා දීර්ඝ විස්තර නොකියා “මට කාමරය අස් කරලා දෙනවාද”ලෙස ඇසිය හැකිය.

වටින් ගොඩින් දේවල් පැවසීමෙන්,කල යුතු දේ ඔහුගෙන් ඉල්ලනවා යැයි ගැහැනිය සිතනවා.පැහැදිලිව නොකියන දේවල් පිරිමියාට වැටහෙන්නේ නැහැ.ඔහුට ඇය කියන දෙය තේරුම් යන්නේ වෙනත් අකාරයකටයි.හැකි තරම් අහන්න අවශ්‍ය දෙය පැහැදිලිව ඔහුගෙන් ඇසීමෙන්,ඔහුට එය තේරුම් යන ප්‍රමාණය,එය ඔහුගෙන් සිදු කෙරෙන් ප්‍රමාණය වැඩි වෙනවා.

හැකි තරම් කරන්න පුලුවන්ද කියා අසනවා වෙනුවට “කරලා දෙනවාද” යන්න ප්‍රශ්න අසන්න.

උදාහරණයක් වශයෙන්,

  • කඩෙන් බඩු ටික ගෙන්න පුලුවන්ද වෙනුවට “කඩෙන් බඩු ටික ගෙනත් දෙනවා ද”
  • මිදුල අතුගාලා දෙන්න පුලුවන්ද වෙනුවට” මිදුල අතුගාලා දෙනව ද”

වැනි ප්‍රශ්න ඇසිය හැකිය.පිරිමියා මේ දෙක අතර වෙනස හදුනා ගත්ත ද බොහෝ විට ගැහැනියට මෙම වෙනස දැනෙන්නේ නැත.කෙටියෙන් ඉල්ලීම,පැහැදිලිව ඉල්ලීම සහ ක්‍රියාකාරී වචන වලින් ඉල්ලීමෙන් පිරිමියාගෙන් ලබා ගත යුතු දෙය ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා.

පිරිමියා කරලා දෙවි යැයි සිතන දෙයක් ඔහුගෙන් කර ගැනීමට ඇයට කල හැකි දේවල් දෙකක් තියෙනවා.

  • ඔහු බැරි බව කිවූ පසු “හොදයි කියා”අමනාපයක් නොපෙන්වා සිටීම.
  • ඇයට අත්‍යවශ්‍ය දෙයක් නම් ඔහුට කල නොහැකි බව කිවූ පසුවද කිසිවක් නොකියා ඔහු එය කරන තුරු තමා එය බලාපොරොත්තු වෙන බව ඔහුට තේරුම් ගැනීමට ඉඩ දි බලා සිටීම.

මෙකි උපක්‍රම භාවිතා කිරීමෙන් තමා බලාපොරොත්තු වන උදව් ඔහුගෙන් ඇයට ලබා ගත හැකි වේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here