C.V එකක් හදන්නේ කොහොමද

0
9974
cv

රැකියාවක් දිනා ගැනීමේ ප්‍රධාන අදියර දෙකක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණක් ලබා ගැනීම එහි පළමු අදියර වන අතර එය ජය ගැනීම දෙවන අදියරයි. එහි පළමු අදියර ජය ගන්න නම් අනිවාරයෙන්ම ඔබේ C V එක එයට උදව් වනු නියතය. ඔබේ අනාගත රැකියාව සමග ඔබ කරන පළමු සන්නිවේදනය සිදු වන්නේ C V එක හරහාය. ඔබ පිළිබදව යම් අදහසක් ප්‍රථම වතාවට ආයතනය ඇති කර ගන්නේ මෙකි ජිවදත්ත ලේඛනය හරහාය. රැකියා වලට අයදුම් කිරීම සදහා කලකට පෙර භාවිතා වූ ආකාරය මේ වන විට යල් පන ගිය දෙයක් බවට පත් වී තිබේ.

මුලින්ම දකින කියන දෙය මනසට තරයේ කාවදින බව අප කවුරුත් දනී. මේ නිසාම ඔබගේ ජිවදත්ත ලේඛණය හරහා කල යුත්තේ උපරිම මට්ටමෙන් එය සිතට කා වදින ආකාරයට සකස් කිරීමය. ඔබගේ ජීව දත්ත ලේඛනය සසදන්නේ තවත් බොහෝ දක්ෂයන්ගේ ඒවා සමග විය හැකිය. සාමාන්‍යයෙන් හොද ඇබෑර්තුවක් ප්‍රකාශයට පත් කල වහා සිය ගණන් අයදුම්පත් අදාළ ආයතනයට ලැබේ. ඒ සියල්ලන්ම සම්මුඛ පරීක්ෂණය සදහා කැදවන්නට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් ආයතනයට නැත. ඒ නිසාම මුලින්ම සිදු වන්නේ ගොඩ අඩු කර ගැනීමය. එහිදී අසතුටුදායක අයදුම්පත් කුනු කුඩයට ගමන්කරයි. ඕනෑවට එපාවට ජිවදත්ත ලේඛණය සකස් කල අයට රැකියාව ලැබීමේ අවස්තාව එතැනින්ම අවසන් වේ.

ජීව දත්ත ලේඛණයේ නිමාව ආකර්ශනීය නම්, අවශ්‍ය කරුණු සියල්ල පැහැදිලිව තිබේ නම්, හා අවශ්‍ය සුදුසුකම් ඔබට තිබේ නම් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවීමක් ඔබට ලැබීම නවතන්නට  සමත් කිසිවෙකු නැත. ඔබගේ සියලුම වැදගත් තොරතුරු මෙහි අඩංගු විය යුතුය. දැනට ඔබ සුදුසුකම් සහිතව ජීව දත්ත ලේඛණයක් වහාම සාදා අනතුරුව එතැන් සිට ලබා ගන්නා සුදුසුකම් එකින් එක එයට එකතු කිරීම දියුණු වීම සදහා තිබෙන කදිම නිදසුනකි. එහිදී සෑහෙන කාලයක් ජිවදත්ත ලේඛණයට යමක් එකතු නොවී තිබීම එක තැන පල්වෙමින් සිටින බවට සාක්ෂියක් වේ. සෑම මාස 3කට වරක්ම ඔබගේ ජීව දත්ත ලේඛනය යාවත් කාලීන කල යුතුය.

සෑම පුද්ගලික විස්තරයක්ම සදහන් කල යුතුය. ඔබ සාදන ජීව දත්ත ලේඛණය A4 ප්‍රමාණයේ යුක්ත විය යුතුය. මෙහිදී අකුරු ප්‍රමාණය පිළිබදවද සැලකිලිමත් විය යුතුය. ප්‍රමාණයෙන් අකුරු විශාල වීම හොදය. භාවිතා කරන අකුරු ප්‍රමාණය ගැනද යමක් කියන්නට තිබේ. මෙහිදී තමන්ට කැමති මෝස්තරයක් භාවිතා කල හැකිය. නමුත් professional වැඩ කටයුතු වලදී Times new roman වැනි සම්මත අකුරු භාවිතය වඩාත් හොදය. ජිවදත්ත ලේඛණය සකස් කිරීමේදී වැදගත් වන පොදු උපදෙස් මාලාවකි.

ඔබේ තොරතුරු ඔබට වාසිදායක වන ආකාරයට ඉදිරිපත් කරන්න. සම්මුඛ පරීක්ෂණය සදහා කැදවීමක් හෝ එසේ නොවීමක් තීරණය වන්නේ මෙමගින් බව සිහිපත් කර ගන්න.

CV  එකක වැදගත්ම කොටස වන්නේ රැකියාවට අදාළ තොරතුරුය. එබැවින් ඒවා පැහැදිලිව ඉස්මතු වන ආකාරයට සදහන් කරන්න.

  • තොරතුරු සියල්ලම කෙටිව කියවීමට පහසු වන ආකාරයට ලියන්න
  • ඔබට වඩා වාසිදායක වන දෑ Highlight කල හැකිය
  • යම් වැඩක් සංවිධානාත්මකව කල හැකි බව මෙමගින් දක්වන්න
  • එක මත එක් නොවන ආකාරයට සකස් කරන්න
  • ප්‍රධාන topic වෙන වෙනමත් Sub topic වෙනම පෙනෙන ආකාරයට ඉදිරිපත් කරන්න
  • තොරතුරු කොතරම් තිබුනත් පිටු 02කට වඩා දිග වීම සුදුසු නැත

ඔබේ CV එක අවසානයේදී කියවන්නේ හා අවසන් තීරණය කරන්නේ ඒ පිලිබදව මනා දැනුමක් ඇති තැනැත්තෙකි. ඒ බව වටහා ගෙන CV එක සකස් කරන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here