අළුත ගෘහ ජීවිතයකට පිවිසූණ ඔයාට අපෙන් අරපරිස්සම ගැන පුංචි ටිප්ස් ටිකක්

girl_shoping

ඇත්තටම ගෙදර ඉන්න කාලෙ නම් අම්මා උයා දුන්නම කාලා අපි අපිට හිතෙන හැටියට නිදහසේ ජීවත් වුනත් විවාහා වුනාට පස්සෙ එහෙම ඉඳලා බෑ කියලා ඔයාටත් ගෙදර වැඩිහිටියන් කියලා ඇති. තනිකඩ ජීවිතේදී අත දිග ඇරලා වියදම් කරත් පවුලක් තුලට ගිහින් වගකීම් අතට ගනිද්දී නම් ටිකක් පරිස්සමට අපට වියදම් දරන්න වෙනවා නේද?  ඇත්තෙන්ම කිව්වොත් විවාහා වුනාට පස්සෙ තමයි අපට වගකීම කියන දේ දැනෙන්නෙ. අපේ අම්මලා ගෙදරදි අරපරිස්සමට වැඩ කළාම  ලෝභ නැතුව මෙහෙම කරමු අරෙහෙම කරමු කියලා අපි කිව්වත් අපේම ගෙදරක තනියම වගකීම් දරද්දි අපේ අම්මලාගෙ අරපරිස්සම අපිට ගොඩක් දැනෙනවා. ඉතින් ඔයත් අලුත් යුග දිවියකට අත තබපු කෙනෙක් නම් නැත්නම් අත තබන්න ඉන්න කෙනෙක් නම් මෙන්න මේ කරුණුත් ඔයාගෙ අළුත් ජීවිතය අරපරිස්මෙන් අරන් යන්න ඔයාට වැදගත් වේවි.

අවශ්‍ය දේ පමණක් මිළට ගන්න

ඔයා තනිකඩව ඉන්න කාලෙ නම් හම්බකළාට වඩා වැඩියෙන් වියදම් කරන්න ඇති. ඕන ඒවා එපා ඒවා සේරම අරන් තියා ගත්තත්. විවාහා වුනාට පස්සෙ නම් එහෙම බෑ නේද?. ඔයා විවාහායෙන් පසුව ඔයාලගෙම කියලා  ගෙදරකට යන්න හිතන් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අලුත් නවාතැනට යන්න කලින් එතනට අවශ්‍ය දේවල් මම කිව්වෙ ඔයාගෙ ගෙදරට අවශ්‍ය ප්‍රධානම බඩුබාහිරාදිය වල ලිස්ට් එකක් හදා ගන්න. ඒ ලිස්ට් එකට අත්‍යවශ්‍යම දේවල් පමණක් ඇතුලත් කරලා මුලින් ඒ දේවල් ටික මිලට ගන්න. අනිත් අත්‍යවශ්‍ය දේවල් ඒ ඒ දේවල් වල අවශ්‍යතාව අනුව  අවශ්‍ය වෙලාවට විතරක් අර ගන්න. ඇත්තටම අත්‍යවශ්‍ය දේ විතරක් ගැනීමට මුල සිටම පුරුදු වීම ගොඩක් හොද පුරුද්දක්.  මොකද ගෙදරක අය වැය පාලනය කරද්දි ගෙදර කාන්තාවගෙ අරපරිස්සම තමයි ගොඩක් වැදගත් වෙන්නෙ.එහෙම නොවුනොත් නම් ලෝකෙටම ණය වෙන්න වෙනවා. අත්‍යවශ්‍ය දේට පමණක් වියදම් කළොත් හදිසි අවස්ථාවකට වුනත් ගන්න ඔයාට කීයක් හරි ඉතුරු කර ගන්න පුළුවන්.  දකින දකින ඒවා පස්සෙ නොයා අවශ්‍යතාව අනුව අවශ්‍ය දේ පමණක් මිළදී ගන්න ඔබ නුවණක්කාර විය යුතුයි කාන්තාවක් විදියට.

එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර පාන

ඇත්තටම ඔයා ගෙදර ඉන්න කොට වුනත් ඔයාට පේනවා ඇති ගෙදරකට කොච්චර නම් බඩු ඕනද කියලා. සබන් කෑල්ලක්, දත් බෙහෙත් එකක් ගෙනාවත් ඒකත් එක වියදමක්. ඇත්තටම ගෙදරකට මාසෙකට කොච්චර කන්න බොන්න යනවද කියලා  අලුත බැඳපු කෙනෙක්ට නම් හිතා ගන්න අමාරුයි. ඒත් තමන්ට මාසෙට කොච්චර බඩු යනවාද කියලා හරි විදියට ලිස්ට් එකක් හදා ගන්න මුලින්ම. හාල්, පිටි, සීනී, තුනපහ වගේ කන බොන බඩු  නම් ඔයාලට සරිලන ප්‍රමාණයෙන් මාසෙට හරි යන්න ගෙනත් තියා ගන්න. මොකද දිනපතා කඩෙන් බඩු කිරණවාට වඩා ඔයාට  ගොඩක් ලාභයි මාසෙට සෑහෙන විදියට කන බොන බඩු ටික ගෙනත් තියා ගන්න එක. මාස් පඩියෙන් කීයක් හරි ඉතිරි කර ගන්නත් එතකොට ඔයාට පුළුවන්.

කාලය

සාමාන්‍යයෙන් කාලය කියන්නෙත් අරපරිස්මෙන් ගෙවන්න ඕන දෙයක්. සල්ලි යන්නෙ නැති වුනාට කාලය කියන දේ ඔයාට සල්ලි කියන දේ ගෙනත් දෙනවා. ඇත්තටම අළුත ගෙදරකට ගියාම වැඩ පල ටික කර ගනිද්දී ඔයාට දවස මදි වෙයි ගෙදර දොරේ වැඩ ටික කර ගන්න. ඒ නිසා අළුත බැඳපු ඔයාට කාලය කියන දේ ගොඩක් වටිනවා. මහත්තයා එක්ක ටිකක් කාලය ගත කරන්න වුනත් පුළුවන් වෙන්නෙ ඔයා කාලය කියන දේ ඉතිරි කර ගත්තොත් විතරයි. ඒ නිසා එදිනෙදා වැඩ එදිනෙදාම කරන්න පුරුදු වෙන්න. වැඩ ගොඩ ගහ ගත්තොත් නම් අමාරුවෙ වැටෙන්නෙ ඔයාමයි. ගෙදර දොරේ වැඩ ටික ඒ සැනින් කරන්න. එදිනෙදා එකතු වෙන රෙදිපිළි එදිනෙදාම සෝදන්න. උයන පිහන වළං වුනත් එදිනෙදාම පිරිසිදු කරන්න. එතකොට ඉතිරි වෙන කාලය තුල ඔයාට ආදායමක් එන වැඩකට වුනත් අත ගහන්න පුළුවන්. එදිනෙදා වැඩ එදිනෙදාම කරනවා කියන්නෙ නිවාඩු දවසට මහත්තයා එක්ක නිදහසේ ගත කරන්න පුළුවන් කියන එක.

ලයිට්, වතුර, ටෙලිෆෝන් බිල්

මාසෙට එන ලයිට් , වතුර, ටෙලිෆෝන් බිල් ඒ මාසෙම ගෙවලා දාන්න. මොකද බිල් එකතු වෙලා එකතු   වෙලා තිබිලා ගෙවන්න තියන් උන්නොත් නම්  මාසෙ පඩියෙන් ඔයාගෙ පවුල නඩත්තු කරන්න වත් බැරි වෙනවා. ඒ නිසා මාසෙට එන බිල් ඒ මාසෙ ඇතුලතම ගෙවලා ඉවර කරන්න.

මාස් පඩිය

හම්බ කරන පඩිය කන්න බොන්න බිල් ගෙවන්න ජොලි කරන්නම වියදම් නොකර අවශ්‍ය දේට විතරක් යොදවලා පඩියෙන් කොටසක් අනාගතය     උදෙසා ඉතිරි කර ගන්න ඔයා නුවණක්කාර විය යුතුයි. ලෙඩකට දුකකට වුනත් අනිත්     අයට අත නොපා වියදම් කරන්න ඔයා ළඟ සල්ලි ටිකක් ඉතිරි කර ගන්න.

කාන්තා ඔබ ගෙදරට එළියක්  වෙන පහනක් වෙන්න නම් සැමියා ණයකාරයෙක් නොවෙන විදියට අරපරිස්සමෙන්   වැඩ කරන්න මුල සිට හුරු විය යුතුයි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here