Online අළුත් ෆැෂන් හොයන ඔබ දැන සිටිය යුතුම Online ෆැෂන් Stores

girl_online_fashion

ලොව පුරා ඉහළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින් Online ෂොපිං  ක්‍රමය මේ වන විටත් ලංකාවේ සෑම ප්‍රදේශයක් පුරාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ගෙදර ඉඳගෙන අළුත් විලාසිතා හොයන ඔබට විශ්වාසවන්තම ලංකාවේ Online ෆැෂන් Stores කිහිපයක් හදුන්වා දීමට Womanly.lk අපි හිතුවා. ඉතින්  දැන් Trend එක අනුව තරුණ  තරුණයින් ගොඩක් දෙනෙක් තමන්ට ගැලපෙන  විසිත්ත ඇදුම් ආයිත්තම් වගේම තවත් ගොඩක් දේවල් online ෂොපිං හරහා ගෙදරටම ගෙන්වා ගන්න තත්වයක් තමයි අද වන විට තියෙන්නෙ.  එහෙනම් බලන්න මේ තැන්වලත් ඔයාට ගැලපෙන දේවල්  තියෙයිද කියලා Online ගෙදරටම ගෙන්වා ගන්න.

ODEL

අපි හැමෝම දන්නවා Odel කියන නම නම්. ඔටාරා ගුණවර්ධන ආරම්භ කරන ලද මෙම Odel ව්‍යාපාරය මේ වන විට ලොව පුරා ජනප්‍රිය වෙලා තිබෙනවා. Softlogic ආයතනයේ මෙහෙයුම මත  හැමවිටම වෙනස් ආකරයේ නවීන විලාසිතා හදුන්වා දෙන මොවුන්  නිවසේ සිටම ඔන්න ඔබට ගැලපෙන දේවල් Shopping කරන්න Online ෂොපිං අවස්ථාව ලබා දීලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් හා වීසා කාඩ් මගින් ගෙවීම් කරන්න පුළුවන් අතර දිවයින පුරා ඕනෑම තැනකට මොවුන් විසින් delivery සේවාව ලබා දෙන්නත් කටයුතු කර තිබෙනවා. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඇනවුම් කර දින තුනක් තුල එය ඔබගේ නිවසටම ගෙනත් දීමට මොවුන්ගේ සේවාව මගින් කටයුතු යොදා තිබෙනවා.  Odel වෙබ් අඩවිට හෝ facebook පිටුව හරහා ඔබට වැඩි විස්තර ලබා ගන්නත් පුළුවන්.

Dress  Factory

මොවුන්  නම් නිමි ඇදුම්  වලට තමයි ප්‍රමුඛ ස්ථානයක්  ලබා දී තිබුනෙ. නමුත් මේ වෙද්දී නම්  ඔවුන් විසින් ඇදුම් වලට අමතරව තව තව විසිත්ත බඩුත් ලබා ගැනීමට ඉඩ කඩ වෙන්කර තිබෙනවා.  මොවුන්ගේ විශෙශ්ෂත්වයක් තමයි ඔබ ලබා ගන්නා ඇදුම් විලාසිතා වෙන කිසිම තැනක නෑ. මොකද මොවුන් අලෙවි කරන ඇදුම් වල නිර්මාණය ද ඔවුන්ගෙම ඒවා.  මොවුන්ගේ Online ෂොපිං සේවාවෙන් cash on delivery කරන්නත් පුළුවන්. අතේ තියෙන මුදලට ඔබට ගැලපෙනම දේ මිලදී ගන්න online ෂොපිං කරනවා නම් ඔන්න ඔයාටත් පුළුවන් dress factory  හරහා සේවාව ලබා ගන්න.  ඔබ ඇනවුම් කල දේ ලබා ගත් පසු මුදල් ගෙවීම් කරන්න ඔබට පුළුවන්.

Mirror Mirror

කාන්තා පිරිමි ඔබ සියලු දෙනාට ඇදුම් වගේම ජුවලරි වුනත් online ෂොපිං කරන්න මේ සේවාව හරහා පුළුවන්. 5000සකට අධික නිෂ්පාදනය රැසක් ඔබට එකම තැනකින් ලබා ගන්න වගේම  ලංකාවේ ඕනෑම තැනකට මෙම සේවාව හරහා භාණ්ඩ  ගෙන්වා ගැනීමට දැන් ඔබට පුළුවන්. ක්‍රෙඩිට් කාඩ්,වීසා කාඩ් හරහා ගෙවීම් සිදු කරන්න දැන් ඔබට මේ හරහා පුළුවන්.

Laydeez

කාන්තා ඔබට නම් හොඳම Online ෆැෂන් Store එක මෙය බව මට නම් විශ්වාසයි. ඇදුම් ආයිත්තම් වගේම  මේකප් බඩුත් මේ හරහා ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.  දිවයින පුරා ඕනෑම තැනකට මේ අයගෙ සේවාව ලබා ගන්න පුළුවන්.  ඔබ කොළඹ අවට කෙනෙක් නම් භාණ්ඩ ඇනවුම් කර දින දෙකෙන් ඔබේ නිවසටම ඒවා ලැබීමට ඔවුන් කටයුතු කරනවා. භාණ්ඩ ඔබඅතට පත් වූ පසු මුදල් ගෙවීම සිදු කරන්න පුළුවන් වගේම ක්‍රෙඩිට් කාඩ් වීසා කාඩ් හරහාද ගෙවීම් සිදු කර හැකිය.

Dilly

වසර 29ක අතීතයක් තියෙන මොවුන් Online ෂොපිං Stores අතර විශ්වාසවන්තම නාමයක්. වෙනස් විදියට අදින්න පළදින්න කැමති ඔබට මේ මගින් ගැලපෙනම දේවල් තෝරා ගන්න ඔන්න ඔබටත් දැන් ඉඩකඩ තියෙනවා.  මේ අය මේ වන විටත් පිරිමි පාර්ශවය සදහා carlo නමින් අළුත් බ්‍රෑන්ඩ් එකක් හදුන්වා දී තිබෙනවා . දිවයින පුරා මෙන්ම ලෝකය පුරාම Delivery සේවාව ලබා දීමට මොවුන්ට හැකියි. ඔබට පහසු ඕනෑම  ආකාරයෙන් ගෙවීම් කරන්නත් ඔබට පුළුවන්.

ඉතින් Online Shopping කරන ඔබට Online Shopping සදහා විශ්වාසවන්තම Stores කිහිපයක් ඔන්න අද අපි Womanly.lk තුලින් හදුන්වා දුන්නා. මේ Stores හරහා ඔබට පුළුවන්  ඔබට අවශ්‍ය බඩු භාහිරාදිය ඔබේ නිවසටම විශ්වාසදායී ලෙස ගෙන්වා ගන්න.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here