සොබාදමේ සත්කාරයක් සමගින් සුන්දර රූ සපුවකට උරුමකම් කියන්නට ඔබත් කැමතිද?

0
9790
mother-and-baby

කාන්තාවක් සඳට සම කරන්නේ එහි ඇති සුන්දරත්වය නිසාමය. ලප කැළැල් නොමැති පිරිපුන් සුන්දරත්වය කාන්තාවකට ආභරණයක් බඳුමය. සැබෑ සුන්දරත්වය සොබාදහම හා බැඳී පවතිනවා.නිරෝගී සුමුදු දිදුලන සමක් කාන්තාවකගේ සුන්දරත්වය කෙරේ කොයිතරම් නම් වටිනා අංගයක්ද යන්න ඔබ නොදන්නවා විය නොහැකිය. ලොව උතුම්ම පදවිය ලෙස සැලකෙන මව්පදවියට උරුමකම් කියන කාන්තාව සුන්දරත්වය ගැන අනිවාර්යෙන්ම සිතිය යුතුය. එවිට ඔබ කාන්තවක් ලෙස ඔබ පිළිබඳවත් මවක් ලෙස ඔබේ දරුවන් පිළිබඳවත් සිතිය යුතුමය.

සුන්දරත්වයේ මුලිකාංගය වන්නේ අපේ සිරුරේ විශාලතම ඉන්ද්‍රිය ලෙස හඳුන්වන සමයි. නිරෝගී, පැහැපත් සමක් ඔබේ සුන්දරත්වය රැකගන්නවා නිසැකය. ඒ සඳහා සම හොඳින් පෝෂණය කිරීමේ වගකීම පැවරෙන්නේ ඔබටමය. ඔබේ පමණක් නොව, දස මසක් කුස හොවා මෙලොවට බිහිකරන කිරිකැටියාගේ මුදු සුමුදු සමට අවැසි නිසි පෝෂණය ලබාදෙමින් රැකගැනීමේ යුතුකමද ඉටුකළ යුත්තේ මවක වන ඔබමය.

නිරෝගී සමක්, සැමවිටම පිරිසිදු විය යුතුයි, තෙතමනය සහිතව පැහැපත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන පෝෂණය බාහිරවත් අභ්‍යන්තරවත් ඔබත් බිලිඳාත් ලබාගැනීම අනිවාර්ය වේ. මේ සටහන ඔබේ මෙන්ම බිලිඳාගේත් සමට අවැසි පෝෂණය පහසුවෙන්ම ලබාගත හැකි ආමන්ඩ් පිළිබඳවයි.

arlmond

ඔබෙත් බිලින්දාගේත් නිරෝගී සම වෙනුවෙන් ආමන්ඩ් ලබාදෙන සේවාව

ආමන්ඩ් ආහාරයට ගැනීමෙන්,

  • නිරෝගී පැහැපත් සමක් ලබාදෙයි
  • හිස කෙස් හා නිය පෝෂණය කරයි
  • ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරයි
  • තන්තු සහිත බැවින් මලබද්ධය වලකයි

ආමන්ඩ් බාහිරව ආලේප කිරීමෙන්,

  • සම පෝෂණය කර දිදුලවයි
  • ඝර්ම කලාපීය රටක වෙසෙන අපේ සමට ආමන්ඩ් ඔයිල් හොඳින් අවශෝෂණය වී තෙතමනය සුරකී
  • අඳුරු ලප කැළැල් ඉවත් කරයි
සුන්දරත්වයෙන් පිරුණු කාන්තාවක/මවක ලෙස ජීවිතය දිනන්නට ඔබ සූදානම්ද?

කාන්තාවක්/මවක් ලෙස පැහැපත් නිරෝගී සමක් ඔබට ආභරණයක් බඳුය. හැම කාන්තාවක්ම තම සමේ ස්වභාවය හඳුනා අවශ්‍ය සත්කාර වෙත යොමු විය යුතු වන්නේ ඒ නිසාමය. ආමන්ඩ් ඔයිල් මගින් පැහැපත් සමක් පතන ඔබට හිමිවන ප්‍රතිලාභ රැසකි. මන්ද ආමන්ඩ් ඔයිල් විටමින් E බහුලව අන්තර්ගත තෙල් වර්ගයක් වන නිසාම UV කිරණවලින් පවා ඔබේ සම රැකගැනීමේ හැකියාව ආමන්ඩ් ඔයිල් සතුය. නිරෝගී සමක් පවත්වා ගැනීම සඳහා තිබිය යුතු පෙර සඳහන් කළ විටමින් E වලට අමතරව විටමින් A, B2, B6 යන සංගටකද ආමන්ඩ් ඔයිල්වල අන්තර්ගත වේ.  එමගින් ඔබ නොසිතන ආකාරයේ සත්කාරයක් ආමන්ඩ් ඔයිල් මගින් ඔබේ සමට ලැබේ.

සම පිළිබඳව කතා කිරීමේදී විටමින් E යනු මග හැරිය නොහැකි සංගටකයකි. විටමින් E, ඔබේ සම සුමුදු කරයි. ආමන්ඩ් ඔයිල් හරහා නිරෝගී පැහැපත් සමක් සඳහා අවශ්‍ය විටමින් E සංගටකය කිසිදු අඩුවක් නොමැතිව ඔබට හිමි වේ.

විටමින් E ඔක්සිකාරකයක් වන නිසාම සමෙහි සෛල රැක ගැනීමට සහය වේ. එසේම සමට හොඳින් අවශෝෂණය වන නිසාම වියලි බව දුරලා පැහැපත් පෙනුමක් සමට ලබා දේ. සම මත තෙතමනය රඳවා ගනී. ආමන්ඩ් ආහාරයට ගැනීමෙන් මෙන්ම ආමන්ඩ් ඔයිල් ආලේප කිරීම මගින්ද ඔබේ සමට අවශ්‍ය විටමින් E සාරය හිමිවන බව සැබෑවකි. විටමින් E අනූන නිසාම ආමන්ඩ් ඔයිල් මොයිස්චර්යිසර් එකක් ලෙසද භාවිත කළ හැකිය. ආමන්ඩ් ඔයිල්, සම තුළට උරා ගනිමින් තෙතමනය ආරක්ෂා කරමින් සම පෝෂණය කරයි.

ආමන්ඩ් ඔයිල් ඔබේ සම මත ගැල්වීම සඳහා මේ පියවර අනුගමනය කරන්න

  • ඔබේ මුහුණ ඇල් මැරුණු ජලයෙන් හොඳින් පිරිසිඳු කරන්න
  • ආමන්ඩ් ඔයිල් මේස හැන්දක පමණ ප්‍රමාණයක් ගෙන එය මදක් රත් කරගන්න
  • ඉන් පසු එයට විටමින් E කරලකින් බින්දු දෙකක් පමණ මිශ්‍ර කරන්න
  • දැන් මේ මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කර මෘදුව සම්බාහනය කරන්න
  • විනාඩි දහයකට පසු තෙත් තුවායක් ගෙන පිසදමන්න
  • ඉන්පසු ඔබේ මුහුණ ඇල්මැරුණු ජලයෙන් සෝදා වියලෙන්නට හරින්න

ඔබේ මෙන්ම ඔබේ බිලිඳාගේ සමටද බාහිරව මෙන්ම අභ්‍යන්තරව මනා පෝෂණයක් ගෙන එන ආමන්ඩ් සමග ඔබේත් බිලිඳාගේත් නිරෝගී බව සහ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරගන්න.

arlomnd-2


About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here