ඔබ නොදත් කොහොඹ ගුණ

0
19427
kohomba

කොහොඹ ආයුර්වේදයේ සහ රූපලාවන්‍ය ශේත්‍රයේ බහුලව යොදා ගන්නා ශාකයක්. බොහෝ විට මෙය කියවන ඔබගේ නිවසෙත් කොහොඹ ගහක් ඇති. සෙවන දෙන ඉතා විශාල ලෙස වර්ධනය වෙන කොහොඹ ශාකය අඩි 50 ක් පමණ උසට වර්ධනය වෙන ඉඩෝරයට හොඳින් ඔරොත්තු දෙන ශාකයක්. ඉන්දියාව, මැලේසියාව හා ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් ලෙස හදුන්වන කොහොඹ ශ්‍රී ලංකාවේ වියලි කලාපය ආශ්‍රිතව බහුලව දකින්නට පුළුවන්.

කොහොඹ කොළ මෙන්ම කොහොඹ ගසේ සෑම කොටසක්ම පාහේ තිත්ත රසට හොඳම නිදර්ශක සපයයි. කොහොඹ ගසේ ගෙඩි වලින් කොහොඹ තෙල් හිඳ ගනී.

කොහොඹ ගහෙන් ලබා ගන්නා කොහොඹ දැව වලට කෘමින්ගෙන් හෝ ගුල්ලන්ගෙන් හානියක් සිදු වෙන්නේ නැහැ. මේ නිසා කොහොඹ ලී බොහොමයක් දැව භාණ්ඩ සඳහා ද යොදා ගන්නවා.

කොහොඹ ශාකයේ සියලුම කොටස් වල ඖෂධීය වටිනාකමක්‌ පවතින බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම ඉන්දියාවේ බොහොමයක් කාන්තාවන් කොහොඹ අත් බෙහෙතක් ලෙස පාවිච්චි කරනවා. ලංකාවේත් ආයුර්වේදයේදී කොහොඹ ශාකයේ සෑම කොටසක්ම පාහේ භාවිතයට ගනු ලබනවා.

කොහොඹ කොළ වල විෂබීජ විනාශ කිරීමේ හැකියාවක් පවතින බව අප මුතුන්මිත්තන් පවා විශ්වාශ කරා. ඒ නිසාම බෝවන රෝග ( පැපොල වැනි) සෑදුන විට නිවාස ඉදිරිපිට කොහොඹ කොළ අත්තක් එල්ලා තැබුවේ. ඒ මගින් අනිත් අයටත් පණිවිඩයක් දුන්නා මේ ගෙදර බෝවෙන ලෙඩක් තියෙන කෙනෙක් ඉන්නවා කියලාත්. පැපොල සෑදුනාම කොහොඹ කොළ ඇතිරූ ඇඳක් මත ඉන්න සැලැස්සුවේ කොහොඹ වල ඇති විෂබීජ නැසීමේ ගුණය නිසාමයි.

අද වෙලදපොලේ නීම් ෆේස් වොෂ්, නීම් ෆේස් පැක්, නීම් ටෝනර් ආදී ලෙස බොහෝ රුපලාවන්‍ය නිෂ්පාදන පවතිනවා කොහොඹ සාරය යොදා ගෙන සකස් කල. මේ රූපලාවන්‍ය නිෂ්පාදන කුරුලෑ සහිත තෙල් සමක් ඇති අය වෙනුවෙන් සකස් කල ඒවා වීම විශේෂයි. කොහොඹ දළු වල ඇති සාරය මගින් බැක්ටීරියා ආසාදන නිසා ඇති වන කුරුලෑ සහ ලප කැළැල් දුරු කර ලීමට හැකිබව ආයුර්වේදයේ විස්වාශය යි. බොහෝ ඉන්දියානු කාන්තාවන් කොහොඹ කොළ හොදින් සෝදා ඒවායේ යුෂ කහ සමඟ ආලේප කර පැහැපත් සමක් ලබා ගන්නට උත්සාහ කරනවා. කොහොඹ දළු වියලා කුඩු කර සාදා ගන්නා කුඩු ද මේ සඳහා ඔවුන් යොදා ගන්නවා. කොහොඹ ශාකය ව්ශේෂයෙන්ම සමේ ඇති වන ගැටළු සඳහා ප්‍රතිකාර වලට යොදා ගැනෙනවා.

අකලට හිස කෙස් වැටීම, හිස්සොරි සඳහාද කොහොඹ කොළ තැම්බූ වතුර යොදා ගනු ලබනවා. කොහොඹ කොළ තැම්බූ වතුරෙන් හිස සේදීමෙන් හිස්සොරි නැතිවන බව ඉන්දියානු කාන්තාවන්ගේ විශ්වාසයයි. මෙය සත්‍යක් බව පෙනී යන්නේ බොහෝ විට ෂැම්පු වර්ග සඳහා කොහොඹ සාරය භාවිතා කරන නිසාවෙනි.

කොහොඹ ඇට කෘමි නාශයක් ලෙස වගා කටයුතු වලදී භාවිතා කරයි. කුඩු කරගත් කොහොඹ ඇට වතුර සමඟ යොදා බෝග වලට ඉසිනු ලබයි. මෙය ස්වාභාවික කෘමි නාශකයක් බැවින් කිසිඳු පැකිලීමකින් තොරව ඔබට ගෙවතු වගාව සඳහා භාවිතා කල හැක.

තවද කොහොඹ සාරය මගින් නිපදවන ලද මදුරු නාශක අද වෙලදපොලේ පවතිනවා. මේ සඳහා කොහොඹ තෙල් වලින් දල්වන ලද පහන් යොදා ගනු ලබනවා.

ඔබ නොදත් කොහොඹ ශාකයේ ගුණ බොහොමයි. ලාංකික අපට වඩා ඉන්දියානුවන් කොහොඹ ශාකයේ ගුණ මැනවින් දන්නවා. මේ නිසාම ඔවුන් කොහොඹ ශාකයෙන් විවිධ නිෂ්පාදන සකස් කරනු ලබනවා. ආයුර්වේදයේත් ගුණ සඳහන් කොහොඹ විවිධ අත් බෙහෙත් සඳහාත් ඔබට යොදා ගන්නට පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here