ඔබ මුදල් පාලනය කරනවාද …… මුදල් ඔබව පාලනය කරනවාද

0
4491
money

පිරිමින් ගොඩාක් වෙලාවට හිතන්නේ කාලයක් එක්ක මුදල් ඉදිරියේදී තිබිය යුතුයි කියලා. ඒ අදහසේ බැලු බැල්මට නම් වැරද්දක් නෑ. නමුත් අපිට අවශ්‍යම වෙලාවට මුදල් නැති කම එක්තරා ගැටළුවක්. සල්ලි නැති වෙන විට හිතේ සැනසුමද නැති වන අවස්තා ද තිබෙනවා. බොහෝ අවශතා වල තරුණයන් මුදල් පිටු පස්සේ යන්නේ එය අහිමි වීමෙන්, අවශ්‍ය වියදම් කල නොහැකි වූ විටය.

බුද්ධිමත් තරුණයෙක් නම් හැමවිටම මුදල් හම්බ කරන්න පටන් ගත් දවසේ ඉදන්ම ඉතිරි කරන්න කටයුතු කරනවා. දෙවනුව ඔහු තම අවශ්‍යතාවයට අඩුපාඩු නොවන්නට මුදල් ඉතිරි කරයි. ඔහු අවශ්‍ය ප්‍රමාණයට මදක් මුදල් වැඩිපුර එකතු කරයි. ඒ සමගම මුදල් ආයෝජනය කිරීම ආරම්භ කරන්නේ තරුණ කාලේ සිටමය. ඒ ඉඩම් හෝ රථ වාහන මිලදී ගැනීමෙනි. මුදල් සම්බන්ධයෙන් එම ක්‍රමය අනුගමනය කිරීම හොදය. මන්ද මැදිවියට පැමිණෙන විට අවශ්‍ය තරමට මුදල් සහ දේපල ඔහු සතුය. එවිට මැදිවියේදී කල යුත්තේ බුද්ධිය මෙහයවිම පමණි. ඔහුට මුදල් වර්ධනය කර ගැනීමට හැකිය.

වයසට අනුකුලව මුදල් සහ දේපල රැස් කිරීම ගොඩක් හොදය. එවැනි අයට කලබල වීමට අවශ්‍ය නොවේ. බොහෝ නිදහස්ව ඉපයීම් කරයි. යම් පුද්ගලයෙක් ධනවත් යැයි අප පවසන්නේ ඔහුට තම අවශ්‍යතා වලට ඉහලින්ම මුදල් තිබීමෙනි. ඔහුට ඕනෑම අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට හැකිය. කොතරම් මුදල් තිබුනත් ඔහුගේ  ජිවිතේ අවුල් නම් එම මුදල් වලින් වැඩක් නැත. ඔහුට එම සාමකාමී සැහැල්ලු සිත ලැබෙන්නේ ඔහු තම මුදල් පාලනය කරන්නේ නම් පමණි. මුදල් විසින් එම පුද්ගලයා පාලනය කරන්නේ නම් එම තත්වය බොහෝ දුරට වෙනස් වේ.

බොහෝ අය මුදල් උපයන්නේ අනෙක් අයට ප්‍රදර්ශනය වෙමින් ජිවත් වීමටය. එය බොහෝ අහිතකර හැගීමකි. එසේ වූ විට ඔහු මුදල් වලට දක්වන අධික ගිජුකම නිසා කරදර ගණනාවක පැටලිය හැකිය. මුදල් ලක්ෂ ගණන් උපයපු අය එක්වරම බංකලොත් වෙනවා අප අනන්තවත් දැක ඇත. එසේ වුවේ ඇයි දැයි බලන විට ඇතැම් විට ඔහු අනෙක් මිනිසුන්ට පෙනෙන්ට අධික ලෙස මුදල් වියදම් කොට ඇත. මුදල් වල සතුට දැනේනේ එය නිවැරදිව ආයෝජනය කල විට පමණි. මුදල් හෝ එයින් ලද දේවල් සම්බන්ධයෙන් පම්පෝරි දොඩවන්නා මානසික දුර්වලයෙකි.

ධනවත් පුද්ගලයන් හැම වෙලාවේම බියෙන් පසු වන්නේ තම මුදල් තවත් කෙනෙකු අත්කර ගනීවි කියා. එම බිය නිසාම බොහෝ පුද්ගලයන් තමා සතු ධනය මෙන් දස ගුණයක් ගොඩ ගසා ගනී. ඔහු සිතන අන්දමට එවිට ඔහුගේ මුදල් අනෙක් අයගේ අතට ගියද කොටසක් ඉතිරි වේ. මිනිසුන් පමණට වඩා මුදල් රැස් කරන්නේ ඒ නිසාය. ඇතැම් පිරිසගේ සැනසීමද නැති කරන්නේ මේ සල්ලිය. සල්ලි හරියට හතුරෙක් වගේ. සමහරුන්ගේ ශරීර වල එල්ලී එල්ලී වද දෙනවා.  බොහෝ පිරිස් ආදරේ කරන්නේ සල්ලි වලට විතරයි. ඇතමුන්ට සිතේ සැනසුම මුදල් හම්බ කිරීමෙන් සිදු කර ගත නොහැකි බව තේරුම් යන්නේ බොහෝ මුදල් රැස් කිරීමෙන් පසුවය. සමහර තරුණයෝ එය තේරුම් ගනී. සමහර පුද්ගලයන් එය තේරුම් ගන්නේ බොහෝ අද්දැකීම් ලද මැදි වියේ පුද්ගලයන් වූ විටදීය. සමහරු නම් මුළු ජිවිත කාලයේම එය තේරුම් ගන්නේ නැත.

මුදල් අවශ්‍ය වන්නේ යම් පුද්ගලයෙකුට ඉතා ඉහල ජිවිතයක් ගත කිරීම සදහාය. එමෙන්ම ඔවුන් එම මුදල් වලින් තම ජීවිතය විදිය යුතුය. එහෙයින් මුදල් ඉපයීමේදී ඉලක්ක කර ගත යුත්තේ එවැනි කාරණාය. සිතේ සැනසිලිදායක බව ගිලිහෙන්නට නොදී මුදල් ඉපයීම කල යුතුය. සිතේ සැනසීම විදගෙන මුදල් උපයන පුද්ගලයන්ට කොතරම් මුදල් තිබුනද එය ශාපයක් බවට පත් නොවේ. ඔහු ජිවත් වන ආකාරය දනී. ඔහු ජීවිතය පුළුල්ව දකි.

About The Author

Previous articleගහට පොත්තක් වෙමු අපි දෙන්නා
Next articleඔබ නොදත් කොහොඹ ගුණ
මේ මාලිනි යාපා.දැනට ඇය කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලී මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරමින් සිටිනවා. මේ ඇගේ අවසාන අවූරුද්දයි. අවූරුදු හතරක් තිස්සේ නිදහස් ජනමාධ්‍යවේදිනියක් හැටියට විවිධ මාධ්‍ය ආයතනවල වැඩ කරමින් සිටිනවා. මේ වන විට ඇය "Young Media" සඟරාවේ ද වැඩ කරමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here