මේ වගේ රෝගයක් ගැන මීට කලින් අහලා තියෙනවද?

cassy_graves

ගැහැණු දරුවෙක් පිරිසිදුවට සුවඳ  හමන විදිහ ඉන්න ඕන.ඒත් කැසි ග්‍රේවිස් ට මේ වාසනාව තිබුනේ නැහැ. ඇගේ සිරුරෙන් නිතරම මාළු පිළි වැනි  අපුල ගන්ධයක් නිකුත් වෙන්න පටන් ගත්තා. මුලින්ම මේ ගැන චෝදනාව නැගුනේ ඇගේම නැගණියගෙන්.

අක්කාත් එක්ක මට නිදා ගන්න බැහැ. ගන්ධස්සාරේ බැහැ.එක බඩවැල කා ගෙන උපන් නංඟිගෙන් මේ විදිහට ඇහුවාම හුඟක්ම දුක හිතුනේ අම්මාට. ලොකු දෝණි ගැන මේ වගේ දේවල් අහන්න ඇය සතුටු වුනේ නැහැ. ඇත්තටම කැසි ග්‍රේවිස් අපිරිසිදු දැරියක් නොවෙයි. ඇය නිතරම සිරුර සෝදා පිරිසිදුව සිටියා. එත් ගඳ කිසිම අඩුවක් නැහැ.

අම්මා තම දියණිය වෛද්‍යවරයෙක් වෙතට කැ ඳවා ගෙන ගියා. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා කියා සිටියේ මෙය Trimethylaminuria  රෝග තත්වයක් බවයි. මේ රෝගය ඉතාම විරලයි. ආහාර පරිවෘත්තික ක්‍රියාවලියේ දුර්වලතාවය නිසා ඇති වෙන මේ රෝග තත්වය පාලනයට අවශ්‍ය අවවාද වෛද්‍යවරයාගෙන් ලැබුණා. ඇගේ සිරුරෙන් නිපදවන රසායනයක් නිසා මේ තත්වය ඇති වෙන අතර ඇයට මාංශ ආහාර පරිභෝජනයෙන් දුරස්ථව සිටින්නට අවවාද කළා.

කෙසේ වුනත් පාසලේදි මිතුරුමිතුරියන් අතර මේ නිසා තම දියණිය අතරමං වෙතැයි සිතූ මව්පියන් ඇය දිනපතා පාසලට ඇතුලත් කළේ නැහැ.ලන්ඩනයේ පරිවෘත්තික වෛද්‍ය විද්‍යාව පිලිබඳ  වෛද්‍ය විශේෂඥ රොබින් ලැස්මන් සඳහන් කරන අන්දමට  මේ රෝග තත්වය තවමත් පවතින්නේ හදුනා ගැනීමේ අදියරකයි.

කෙසේ වුනත් කැසී තමන්ගේ ජීවිතය ගොඩ නගා ගැනීමට මෙම අපුල ගන්ධය බාධාවක් කර ගත්තේ නැහැ.තමන්ගේ හැකියාවෙන් ඇය ප්‍රයෝජන ගත්තා. ඇය තමන්ගේම ගීත ඇල්බමයක් නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් දැන් සූදානම් වෙමින් සිටිනවා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here