ගංවතුරින් පීඩාවට පත්වූ නිවෙස් නැවත යථා තත්වයට පත් කරගන්නේ කෙසේද?

ගංවතුරින් පීඩාවට පත්වූ නිවෙස් නැවත යථා තත්වයට පත් කරගන්නේ කෙසේද?

මුළු මහත් හුදී ජනයාම අවතැන් කරමින් ලෝකයක් කම්පා කරලූ ස්වාභාවික ආපදාවන් නිසාවෙන් අපේ රටේ වැඩි පිරිසක් මේ වන විටත් කර කියා ගත නොහැකිව තවමත් අනාථ කඳවුරු තුල දිවි ගෙවති.  ගංවතුර වගේම නාය යෑම් නිසා වූ හානිය මෙතෙකුත් කියා පෑමට නොහැක. ඒ පීඩාවෙන් දින පහ හයක් දුක්ඛිත ඉරණමකට මුහුණ දි සිටින අපේ ජනතාවගේ මීළඟ  වෑයම නම් මෙම සිදු වූ හානි අවම කොට නැවත සිටි තත්වයට එන්නේ කොහොමද කියාය. ඔබද මෙම ආපදා වලින් පීඩාවට පත් කෙනෙකුන් විය හැකිය එසේම එසේ නොවන අයෙකුද විය හැකිය නමුත් මේ මගින් තවත් අයෙකුට පණිවිඩයක් දීමට ඔබටද පුළුවන්. මේ මොහොතේ යන එන මං නොමැතිව අසරණ වුන අපේ මිනිසුන්ට වචනයකින් හෝ  සහණයක් දීමට ඔබට මට හැකි නම් එය මහත් කරවූ කුසලයකි.  ඉතින් අවතැන් වූ ජනතාවගේ ජන ජීවිතය නැවත ගොඩ නැගීමට මේ කියන්න යන පොඩි පොඩි කරුණු ටික වුනත් ගොඩක් වටින්න පුළුවන් මේ අවස්ථාවේ හැටියට.

ඔබ මෙම ස්වාභාවික ආපදාවන් නිසා පීඩාවට පත් වූ අයෙක්ද? එසේ නම් ඔබ මූලිකව සිතිය යුතු වන්නේ ඔබගේ ඔබගේ පවුලේ අනෙක් සාමාජිකයන්ගෙන් ජීවිත ගැනයි. කෙටියෙන්ම කිවහොත් ඔබගේ පවුල ගැනය.  ඔබ මෙම අවදාන තත්වය නිසා ඔබගේ පවුල තුල සිටින සාමාජිකයන් තැන් තැන් වල විසිර ගියා වෙන්න පුළුවන්. එසේ විසිර ගිය ඔබේ පවුලේ සියලු දෙනා එක් තැනකට එක් කර ගැනිමට උත්සහා වන්න. වුන දේ නිසාවෙන් සිත අධෛර්යමත් නොකර ගන්න ඔබේ දරුවන්ගේ මානසික තත්වය ගැන ද සිතා මේ අවස්ථාවේදි කටයුතු කරන්න.

ඒ වගේම තමයි ගංවතුර තත්වය හෝ වෙනත් ආපදා තත්වයක් නම් එය පහව යන තුරු ඔබ ඒ ආපදා තත්වය තිබෙන ස්ථාන කරා ලගා නොවන්න. මන්ද යත් හදිසි අවස්ථා ඇති වීමට ඉඩ ඇති බැවින් ඔබ පලමුව සිතිය යුතු වන්නේ ඔබගේත් අන් අයගේත් ජීවිත ගැනය . ඔබගේ නිවස තිබෙන භූමිය පවා අවදානම් කලාපයක ඇත්නම් එහි හෝ නොයෑම වටිනවා. එම අවදානම් තත්වය පහව ගොස් පැය 6ක් වත් ගත වන තුරු එම ස්ථාන කරා ළගා නොවන්න.

ආපදා තත්වය නිසාවෙන් හානී වූ ඔබේ ගෙදර දොර මේ වන විටත් අනතුරුදායක මට්ටමක ඇත්නම් එහි ප්‍රවේශමෙන් ඇතුළු වන්න.ඔබේ කුඩා දූ දරුවන් එහි රැගෙන නොයන්න. හානියට පත් ඔබගේ දේපොළ නැවත ගොඩ නංවන තුරු කුඩා දරුවන්ට එහි පැමිණිමට ඉඩ නොතියන්න. මන්ද යත් ගැලවී ගිය විදුලි රැහැන්, කැඩී බිදී ගිය වීදුරු වැනි දේවල් නිසා ඔවුන්ට තවත් අනතුරු වෙන්න පුළුවන්. ජර මර පිට බර කරත්ත නොදමා ගෙන වැඩ කිරීමට නුවණැති වෙන්න.
ඔබේ නිවසට වුන හානි මොනවාද යන්න හොදින් නීරීක්ෂණය කර එය ඔබගේ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි මහතාට දැනුම් දෙන්න. ඔබට මෙම ආපදාවන් නිසා වුන හානි අතර ජල විදුලි කටයුතු රජයේ එම ආයතන මගින් නොමිලේ සිදු කර දීමට කටයුතු යොදා තිබෙනවා. ඔය අතර ඔබගෙන් වංචනික ලෙස මුදල් සූරා කෑමකට ලක් කරන්න සමහර සේවකයන් මාන බලාවි.අසුනොවන්න ඔබ විපතට පත් අයෙක් නම් සියල්ල නොමිලේ ඔබ හට සිදු කර දේවි.

ඔබ යම් කිසි ආකාරයෙකින් හෝ ඔබගේ නිශ්චල දේපල මෙවැනි ආපදා තත්වයක් නිසා පෙරදි හෝ රක්ෂණ කර ඇත්නම් එය ඔබගේ රක්ෂණ නියෝජ්තයාට දන්වා ඔබට වූ අලාභය ඇස්තමේන්තු කොට ජායාරූප සමඟ බාර දී ඔබට අයිති රක්ෂණාවරණය ලබා ගන්න. මෙම ආපදා නිසා ඔබට වූ පූර්ණ හානි, අර්ධ හානි පිලිබඳ ලයිස්තුවක් සාදා එය ඔබට රාජ්‍ය ආධාර ලබා ගැනීමට පහසු වන සේ ආරක්ෂිතව තබා ගන්න. මෙතෙක් ඔබ පිළිබඳ කිසිවෙකු හෝ විමසිල්ලට ලක් නොකරේ නම් හැකි විගස රාජ්‍ය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතන්න.

මෙම ආපදාවන් නිසා හානියට පත්  ගෙදර දොර බඩු මුට්ටු  තෙත සහිත සියලු දෑ ඉවත් කිරීමේදි ඔබගේ අත් දෙකටද මේස් එකත් පලදින්න. එහි ඉතිරි වූ මඩ විෂ සහිත වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ශරීර සෞඛ්‍යද ආරක්ෂා වෙන පරිදි වැඩ කටයුුතු කරන්න. මෙම මඩ සහිත සියලුම බඩු භාණ්ඩ තද අව්වේ වේලා ගැනීමෙන් පසුව හොදින් පිරිසිදු කිරීමට පටන් ගන්න. ඩෙටොල් යොදා නැවත නැවත පිරිසිදු කරන්න.
එමෙන්ම තෙත සහිත ඇදුම් පැළදුම් හොදින් සෝදා පිරිසිදු කරන්න. මඩ සහිත    ඇදුම් ඉවත් කර දමන්න. යට ඇදුම් නැවත පාවිච්චියට නොගන්න.

මේ ආකාරයෙන් මූලික දේවල් ගොඩ නගා ගැනීමට ඔබත් කටයුතු     කරන්න. තවත් කෙනෙක් දැනුවත් කිරීමට මෙය share  කරන්න. Womanly.lk අපි සැමදා ඔබගේ යහපත වෙනුවෙන් කැප වන්නෙමු.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here