ඔබ දැනගත යුතු පිරිමි ගති 4ක්

0
6324
ඔබ දැනගත යුතු පිරිමි ගති 4ක්

පිරිමි අවවාද නුරුස්සන්නේ ඇයි?

පිරිමියෙකු තමාගේ ප්‍රශ්න විසදා ගැනීමේ හැකියාව තමාට ඇතැයි යන හැගීම ඇති කර ගැනීමට කැමතිය. ඒවා තවත් අය හා සාකච්ජා කිරීම ඔහු දකින්නේ අන් අයට පිට බරක් පැටවීමක් ලෙසයි. තමාගේ ඉතාම හොදම මිත්‍රයා සමග තම ප්‍රශ්ණය සාකච්චා කිරීමෙන් ඔහුට කරදර කිරීමට ඉදිරිපත් වෙන්නේ ද ඔහු වෙත වඩා හොද විසදුම් ඇතැයි කියා සිතන්නේ නම් පමණි.

පිරිමි රූපවාහිනී චැනල් මාරු කරන්නේ ඇයි?

පිරිමි remote එකකින් රූපවාහිනී නාලිකා දිගින් දිගටම මාරු කරමින් සිටීම ගැහැණියට ඉවසුම් නොදෙන්නෙකි. ඔහු එහි වාඩි වී බාගෙට මැරුණු අයෙකු සේ කිසිදු වැඩසටහනකට අවධානය යොමු නොකරමින් නාලිකා මාරු කරයි. පිරිමියෙකු එසේ කරනවානම් ඔහු බොහෝ විට මනසින් සිටින්නේ වෙන තැනකය. චැනල් මාරු කිරීමෙන් ඔහුට ඔහුගේ ප්‍රශ්න ගැන අමතක කල හැකි අතර අනෙක් අයගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය හැකිය.

වැරදි සිදුවීමට පිරිමි අකමැති වන්නේ ඇයි?

පිරිමි වැරදීම් සිදුවීමට ඉතා අකමැති මන්දැයි තේරුම් ගැනීම වැදගත්ය. පිරිමියෙකුට වැරදීමක් වූ විට ඔහුට තමා පරාජය වුවෙකු යැයි හැගේ. මන්ද ඔහුගේ කාර්යය නියමාකාරව කිරීමට ඔහු අසමත් වූ බැවිනි. බොහෝ ගැහැනුන් නොදන්නා දෙයක් නම් පිරිමියෙක් තනිව වාහනයක් පදවා ගෙන යන විට ඔහු වාහනය නවත්වා තවත් කෙනෙකුගෙන් පාර ඇසීමට බොහෝ විට ඉඩ කඩ ඇත. නමුත් ඇය වාහනය තුළ සිටින්නේ නම් ඔහු එසේ සිදු කරනවා ඉතාමත් අඩුය. ඔහු එසේ සිදු කරොත් තමා පරාජිතයෙකු යන හැගීම ඔහුට ඇති වේ. මන්ද ඇය නියමිත ස්ථානයට ගෙන යාමට ඔහුට හැකියාවක් නොමැති වන නිසාය.

අපි පාර කාගෙන් හරි අහමු. බොහෝ විට කාන්තාව පවසයි. එවිට ඔහුට සිතෙන්නේ ඇගේ එම වචනය තුළ අසාර්ථක මිනිසෙක් බව හගවන බවයි. නමුදු ගැහැනියගේ අරමුණ වන්නේ ඔහුට කිසිදෙයක් බැහැ. පරාජිතයෙකු යන්න බව කීම නොව බව ඔහු තේරුම් ගත යුතුය. ඇයට අවශ්‍ය වන්නේ ඔහුට උදව් කිරීමයි. වැරදි පිළිගන්නේ නම් එවිට ඇය ආදරේ නොකරන්නේ යැයි ඔහු සිතයි. නමුත් සැබෑව නම් පිරිමියා වැරදි පිළිගන්නා විට ගැහැණියට ආදරේ කරයි.

පිරිමින්ට එකවර වැඩ දෙකක් කළ නොහැක්කේ ඇයි?

පිරිමින්ගේ මොළය සැකසී ඇත්තේ එක් නියමිත කාර්‍යයක් කැප වී අවධානය යොමු කොට කල හැකි පරිදිය. ඔවුන්ට එක වරකදී කල හැක්කේ එක දෙයක් පමණි. මාර්ගයේ ඇති යම් පෝස්ටර් එකක් පිරිමියෙකු කියවන විට වාහන මදකට නවත්වා ඔහු මුලින්ම කරන්නේ  කුමක්ද? රේඩියෝවේ හඩ මදකට අඩු කිරීමයි. බොහෝ ගැහැනුන්ට මෙසේ වන්නේ මන්දැයි තේරුම් ගැනීමට නොහැකිය. ඇයට සවන් දී කතා කරන අතර කියවිමටද පුළුවනි. ඉතිං ඔහුට එසේ බැරි ඇයි. එයට හේතුව ඔහුගේ මොලයේ වම් හා දකුණු අර්ධ ගෝල සම්බන්ධ කරමින් ඔහුට ඇත්තේ ඉතා අඩු ස්නායු තන්තු ප්‍රමාණයක් වීමය. එසේම එය එක් එක් කාර්ය සදහා කොටස් වලට බෙදී ඇත.

මේ ආකාරයට පිරිමින්ට අවේණික ලක්ෂණ බොහොමයක් ඇත. කාන්තාවක් ඒවා හදුනා ගෙන සිටීම වැදගත්ය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here