ඔබේ දුරකථනයෙත් සිංහල පෙන්වන්නේ නැද්ද? එහෙනම් මෙය කියවන්න

0
2902

Sinhalascreenඅපේ පාඨකයින්ගෙන් ගොඩක් අය අපේ වෙබ් අඩවියට පිවිසෙන්නේ ජංගම දුරකථනය උපයෝගී කරගෙනයි. Samsung, Huawei වැනි සමාගම් වලින් නිපදවන නවීන දුරකථනවල සිංහල පහසුකම් ඇති නමුත් සමහරක් දුරකථන තවමත් සිංහල සහය නොදක්වනවා. එම නිසා සමහරක් පාඨකයින්ට ජංගම දුරකථනය ඔස්සේ අපේ ලිපි කියවීමේදී සිංහල සහය දුරකථනය හරහා නොලැබීම යන ගැටලුවට මුහුණ දීමට සිදු වී තිබෙනවා. අද ලිපියෙන් අපි කතාකිරීමට යන්නේ ඔබේ ජංගම දුරකථනය හරහා Womanly.lk වැනි වෙබ් අඩවි වල පළවන සිංහල ලිපි කියවීම සඳහා ජංගම දුරකථනය සකස් කරගත හැකි පහසු ක්‍රම 3ක් පිළිබඳවයි.

1.SETT Browser

SETT browser

Image Courtesy – Google Play

ස්මාට් දුරකථන භාවිතා කරන ගොඩක් පරිශීලකයින් දන්නවා හෙලකුරු කියන ඇප් එක සහ ඒ ඇප් එක නිර්මාණය කළ Bhasha ආයතනය පිළිබඳව. මේ SETT browser කියන ඇප් එක නිර්මාණය කළෙත් ඒ අයමයි. මේ ඇප් එක සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයකට සමානයි. එහෙත් මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙය සිංහල මෙන්ම දමිළ සහය දැක්වීමයි. ඔබේ දුරකථනය සිංහල සහය නොදැක්වුවද මෙම ඇප් එක හරහා ඕනෑම වෙබ් අඩවියක් සතුව පවතින සිංහල ලිපි කියවීමට හැකියාව පවතී.

App Link – https://play.google.com/store/apps/details?id=lk.bhasha.sett

2. UC බ්‍රවුසරය තුළ සිංහල ක්‍රියාත්මක කිරීම

UC Browser කියන්නේ දැනට ලෝකයේ පවතින හොඳම ජංගම දුරකථන වෙබ් බ්‍රවුසර වලින් එකක්. ඔයා මේ බ්‍රවුසරය භාවිතාකරන අයෙක් නම් මෙහි සිංහල ක්‍රියාත්මක කරගන්නේ මේ ආකාරයටයි.

uc_browser

පියවර 1: “iskoola pota” (iskpota.ttf) නම් Unicode font එක පහත ලින්ක් එකෙන් download කරගන්න

downloadපියවර 2: ඉන්පසු ඔබේ file explorer එක හරහා SD card එක තුළ ඇති “UCDownloads” folder එක තුළ “Font”නමින් Folder එකක් නැතිනම් “Font” යන නමින් Folder එකක් සකසා ගන්න.

ucbro_settings_1

පියවර 3: එම “Font” folder එකට පියවර එකෙහිදී Download කරගත් “iskoola pota” (iskpota.ttf) font එක paste කරගන්න.

ucbro_settings_2

දැන් ඔබේ UC බ්‍රවුසරය තුළ සිංහල ක්‍රියාත්මකයි.

3.Opera Mini තුළ සිංහල ක්‍රියාත්මක කිරීම

Opera Mini කියන්නේ 2G phones භාවිතා කරන අවධියේ පටන් ජනප්‍රිය ජංගම දුරකථන බ්‍රවුසරයක්. ඔයාලා Opera Mini බ්‍රවුසරය තුළින් වෙබ් අඩවිවලට පිවිසෙනවානම් පහත ඇති සරළ පියවර කිහිපය භාවිතා කරලා පහසුවෙන් සිංහල ලිපි පෙනෙන ලෙස සකස් කර ගැනීමට පුළුවන්.

operaපියවර 1 : Opera mini බ්‍රවසුරයේ Address bar එක තුළ “opera:config” ලෙස ටයිප් කර enter ඔබන්න.

opera_settings_1

පියවර 2 : එවිට ලැබෙන තිරය තුළ පහළටම ගමන් කර “Use bitmap fonts for complex scripts” යන්න ඉදිරියෙන් ඇති No යන්න මත වරක් tap කර ලැබෙන menu එකෙන් yes යන්න තෝරන්න.

opera_settings_2

පියවර 3 : අනතුරුව opera:config තිරයේ පහළින්ම ඇති save බොත්තම tap කරන්න.

opera_settings_3

පියවර 4 : දැන් ඔබ Opera Mini බ්‍රවුසරය තුළ සිංහල සකස් කරගෙන අවසානයි. දැන් opera:config තිරයෙන් ඉවත් වන්න.

opera_4

ඉහත ක්‍රම 3න් එකක් භාවිත කර ඔබට ඔබේ දුරකථනය තුළ සිංහල සහය ලබාගැනීම හැකියාව ඇත. ඒ වගේම මේ ක්‍රම 3 භාවිත කිරීමේදී දුරකථනය root කිරීම වැනි විශේෂ කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය නොවන නිසා ඔබට මෙම ක්‍රම අත්හදා බැලීමේදී අවදානමක් ගැනීමටද අවශ්‍ය නොවේ. මේ ක්‍රම 3න් එකක් හෝ භාවිතයෙන් ඔබට ඔබේ දුරකථනයේ සිංහල සහය ලබාගැනීමට හැකිවේ යැයි මා බලාපොරොත්තු වෙමි. ඔබට සුබ දවසක්!

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here