මිතුරන්ගේ සිත් දිනා ගැනීමට නම්, ඔබ නිතර අනුගමනය කලයුතු දේ 12ක්

0
5934
මිතුරන්ගේ සිත් දිනා ගැනීමට නම් ඔබ නිතර අනුගමනය කලයුතු දේ 12ක්

බොහෝ කාන්තාවන් පමණක් නොව පිරිම් පාර්ශවයද අනෙක් අය අතරේ කැපී පෙනීමට බොහෝ කැමැත්තක් දක්වති. ඇතැම් කාන්තාවන්, පිරිමින් විවිධ ඇදුම් අදින්නේ, ඔවුන්ගේ කතාබහ වෙනස් ආකාරයට කතා කිරීමට උත්සහා කරන්නේ, ඇවිදින ආකාරය පිලිබදව සැලකිලිමත් වන්නේ මෙකි කැපී පෙනීමේ අරමුණෙන් මෙන්ම අනෙක් අය ආකර්ෂණය කර ගැනීමටය. ඒ කොහොම වෙතත්  අනෙක් අය අතරේ කැපී පෙනීමට මුදල් වියදම් කිරීමට අවශ්‍ය වන්නේ නෑ. පහත සදහන් කාරණා අනුගමනය කර බලන්න. එවිට ඔබ නොදැනුවත්වම කා අතරත් ප්‍රචලිත ආකර්ෂණ පුද්ගලයෙක් බවට පත් වේවි.

  1. මිනිසුන්ගේ නම් මතක තබා ගන්න. ඔවුන් දන්නා මිහිරිතම වචනය එයයි.
  2. නිතර සිනාසෙන්න. විහිලු තහලුවෙන් ඉන්න. විහිලු කරන්න. සිනා මුසු මුහුණ දිගටම පවත්වා ගෙන යන්න. මේ සදහා මුදල් වැය වන්නේ නැත. (මදකට සිතන්න. ඔබ අතරේ සිටින විහිලුම පුද්ගලයා පිලිබදව නොවේ ද ඔබ වැඩි පුර කතා බහ කරන්නේ)
  3. නිතරම සවන් දෙන පුද්ගලයෙක් බවට පත් වන්න. 70/ 30 නිතීය අනුගමනය කරන්න. 70%ක් සවන් දෙන්න. 30% කතා කරන්න. කොතරම් අකමැති දෙයක් වුවත් හොදින් සවන් දෙන්න. සවන් දීම උසස් පුද්ගලයන් අතර පවතින ගුණාංගයකි.
  4. 04. ඔබේ ඇවතුම් පැවතුම් නිරවුල් කර ගන්න. දීප්තිමත් චරිතයක ලක්ෂණ පෙන්වන්න.
  5. සෑම දිනකම මිනිසුන් වෙත කාරුණික කුඩා දෙයක් හෝ කරන්න. දිනපතාම එවැන්නක් කිරීමට වග බලා ගන්න.
  6. කිසිවිටෙක අන් පුද්ගලයන් පිලිබදව වැරදි කියන්න යන්න එපා. අපි කිසිවෙකු පරිපූර්ණ නැත. ඔබ අන් අයගේ වැරදි කියනවා මෙන්ම ඊට වඩා වැරදි ඔබ ලග තිබීමට පුළුවනි.
  7. මිනිසුන් පුබුදු කරන්න. දිරිමත් කරන්න. ඔවුන්ට පිහිට වන්න.
  8. ඔබේ සම්බන්දතා වර්ධනය කර ගන්න. ( සතියකට එක සැරයකට හෝ ඔබේ contact list එකට අලුත් number එකක් එකතු කර ගන්න. එසේම සබදතා වර්ධනය කර ගැනීමේ දී බුද්ධිමත් ලෙස කටයුතු කිරීම ඔබ සතු දෙයකි.)
  9. ඔබ දන්නා ඉතා අවංක පුද්ගලයා බවට පත් වන්න.
  10. ඔබ ලබනවාට වඩා දෙන්න. එය නිතර ආපසු ගලන්නේ ගංගාවක් ලෙසටය.
  11. සමාව දෙන්න.
  12. අනුන්ගේ දුර්වලතා නොසලකා හරින්න.

ඉහත ආකාරයට ඔබේ ජීවිතය සකස් කර ගැනීමට උත්සහා කරන්නේ නම් ඔබ නොදැනුවත්වම අන් අය අතරේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත් වේවි. එසේම ඔබ මිය ගිය විට ද බොහෝ පුද්ගලයන් ඔබ පිලිබදව කතා කරාවි. ඔබේ ගුණ අගයාවී. බාහිර රූපයෙන් ඔපවත් වෙනවාට වඩා අභ්‍යන්තරය පිරිසිදුව තබා ගන්න. ඔබ කොතරම් ඇදුමෙන්, කතා බහෙන් අන් අය අතර කැපී පෙනීමට උත්සහා කලත් ඔබ අභ්‍යන්තරයෙන් අනුන්ගේ වැරදි කියන, නිතර බොරු කියන, අකාරුණික පුද්ගලයෙක් නම් ඔබ නොදැනුවත්වම දිනක ඔබේ සැබෑ රූපය මතු වනු ඇත. එම නිසා සෑම විටම තමාට අවංක වන්න. එවිට ජනප්‍රියත්වය ඔබ වෙත ගලා එනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here