වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් ව්‍යායාම් සදහා අනිවාර්යෙන්ම යොමු විය යුත්තේ ඇයි?

0
4434
වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් ව්‍යායාම් සදහා අනිවාර්යෙන්ම යොමු විය යුත්තේ ඇයි?

වයස අවුරුදු 30 ඉක්මවා වූ කාන්තාවන් දිනපතා ව්‍යායාම් සදහා යොමු නොවන්නේ නම් ඔවුන්ට  හෘද්‍යාබාධ වැළදීමේ වැඩි අවදානමක් ඇත.

ඔබේ ජීවිතය ඉහල තලයකට නැංවීම සදහා කල යුතු සරල ක්‍රියාකාරකම් ඇත. එය ව්‍යායාමයයි. බොහෝ අයට තරුණ බවේ අගය දැනෙන්නේ වයසට ගිය විටය. ව්‍යායාම් නොකිරීමෙන් වයස අවුරුදු 40 වන විට ඖෂධ මත යැපෙන්නට සිදු වන බව අද වන විට සොයා ගෙන ඇත. එම නිසා සෑම දිනකම සුළු හෝ වෙලාවක් තුල ව්‍යායාම් වල යෙදීම වැදගත් වේ. වයස අවුරුදු 30 පසු කරන තරුණ තරුණියන් විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ බැලු  විට කායික යෝග්‍යයතාවයෙන් 10%ක් අඩු වන බව තහවුරු කර ගෙන ඇත.

ඉහල විධායකයන්, ලෝක නායකයන් සහ අනෙකුත් විශිෂ්ඨ ජයග්‍රාහකයින් සියලු දෙනාටම පොදු ලක්ෂණයක් ඇත. දිනපතා ව්‍යායාම් කිරීමෙන් තමා සතු අපුර්ව බලය වර්ධනය කර ගත හැකි බව ඔවුන් විස්වාස කරයි. ඔබ කොතරම් කාර්ය බහුල වුවත් ව්‍යායාම් කිරීමට කාලයක් වෙන් කර ගන්න.

යම් දෙයක් තමන්ට අවශ්‍ය කරනවා නම් එය ලබා ගැනීමට කාලය කළමනාකරණය කර ගැනීම තමයි බුද්ධිමත් මිනිසාගේ වගකීම. ඒ අනුව තමන් උත්සහා කරන ඉලක්කය වෙත ලගා වෙන්න පුළුවන්. යම් අයෙක් බොහෝ කාලයක් ව්‍යායාම් කොට කාලයක් ගොස් එය අත්හැර දමන්නේ නම් එය ව්‍යායාම් නොකළ පුද්ගලයාට වඩා අවධානම් වේ. එයට හේතුව වන්නේ කාලයක් පුරා  ව්‍යායාම් සිදු කොට එය තම සිරුරට හුරුකොට තිබීමයි. ව්‍යායාම් කල අයෙකුගේ සිරුර කැලරි දහනයට හොදින් හැඩ ගැසී තිබෙනවා. නමුත් ඔවුන් එම ක්‍රියාවලි වලින් ඉවත් විමේ දී හැඩ ගැසී තිබුන සිරුර ගැටලුවකට මුහුණ දෙනවා. එවිට සිදු වන්නේ ලබා ගන්න කැලරි දහන නොවී අහිතකර මේදය ලෙස තැන්පත් වීමයි.

කිසිදු ව්‍යායාමයක නොයෙදෙන පිරිසගේ තරුණ බව වේගයෙන් පිරිහීමකට ලක් වී තිබෙනවා. වයස අවුරුදු 30 ඉක්මවා වූ කාන්තාවන් දිනපතා ව්‍යායාම් සදහා යොමු නොවන්නේ නම් ඔවුන්ට  හෘද්‍යාබාධ වැළදීමේ වැඩි අවදානමක් පවතින බව නවතම පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා. මෙය පවුල් සංස්ථාවට ද ප්‍රබල බලපෑමක් එල්ල කරන්නේය. එයට හොදින් මුහුණ දෙන්නට නම් තම සිරුර ක්‍රියාශීලී කල යුතුයි. එකවර තම දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට නොහැකිය. එවිට ව්‍යායාම් වෙනුවෙන් කැප කල යුතු කාලය ඊලග දිනයේදී ක්‍රමයෙන් වැඩි කර ගත හැකිය. දිනපතා ව්‍යායාම් වලින් ඔබට ලැබෙන වාසි කිහිපයක් සදහන් කරනවානම්,

01 දුෂ්කරතා විද දරා ගැනීමට ඇති ශක්තිය සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු වීම.

02 සාමාන්‍යයෙන් තරුණ බව හා බර වර්ධනය වේ.

03 මාංශ පේශි ශක්තිමත්ව වර්ධනය වේ. සිත් ඇද ගන්නා සුළු සිරුරක් ඇති කර ගත හැකිය.

04 ලිහිල්, ශාන්ත මානසික භාවයක් පිටතට ප්‍රදර්ශනය වේ.

05 ලෙඩ රෝග අඩු සහ උසස් ඵලදායිතාවයක් අත් කර ගැනීම.

06 පිඩනයට සහ සංකාවට දක්වන විශිෂ්ට ප්‍රතිරෝධය.

07 වඩා වැඩිපුර උද්යෝගය සහ විශ්වාසය ඇති වේ.

අනෙක් සියලුම මුලධර්මයන් ක්‍රියාත්මක කරනවාට වඩා නිරෝගී කයක් නිර්මාණය කර ගැනීම, සජීවී ප්‍රබෝධමත් ජීවිතයකට අත්‍යවශ්‍යය. ඒ සදහා මිලක් නොයයි. ඒ පිලිබදව නිවැරදි ආකල්පයක් ඔබ තුල ගොඩ නැගුනොත් එය පුදුමාකාර විනෝදජනක කාර්යයක් වනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here