මැයි මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්

0
3438

1–  Office Lens – ස්මාර්ට් ෆෝන් එක ස්කෑනරයක් කරමු

1

මේක ගොඩක් වැදගත් වෙන්නේ ඉගෙනගන්න අයට සහ ලිපිත් සමග ගනුදෙනු කරන අයට. මේ ඇප් එක ස්කෑනර් යන්ත්‍රයකට තරමක් දුරට සමානයි. මේ ඇප් එක මගින් තමන් සතුව ඇති ලිපි වැනි දෘඩ පිටපත් (Hard Copies) වල ඡායාරූප ඉතාමත් පැහැදිලි ලෙස ලබාගන්න පුළුවන්. ලිපි වලට පමණක් නොව පුවරුවක සටහන් කර තිබෙන දෙයක ඡායාරූප ලබාගැනීමට මෙන්ම Business Card එකක පැහැදිලි සේයා රුවක් ලබාගැනීමටත් මෙය භාවිතා කිරීමට හැකිය.

මෙතනින් ලබා ගන්න

2Airdroid – දුරකථනය හා පරිගණකය වයර්ලස් ලෙස සම්බන්ධ කරමු2

ඔබේ දුරකථනයේ ඇති ඡායාරූප, වීඩියෝ වැනි ෆයිල් පරිගණකයට එක් කිරීමට හෝ පරිගණකය සතු ෆයිල් දුරකථනයට එක් කිරීමට ඔබ බොහෝ විට ඩේටා කේබලයක් භාවිත කිරීම සිදුකරයි. මෙය තරමක් අපහසු කාර්යයකි. එහෙත් මෙම ඇප් එක මඟින් කේබලයක් රහිතව ගොනු හුවමාරු කිරීමෙන් එම අපහසුතාවය නැත්තටම නැති කරගත හැකිය.

මෙතනින් ලබා ගන්න

3 – Droid Lock – ස්වයංක්‍රීයව වෙනස් වන PIN Code එකක්

3

Android දුරකථන භාවිත කරන සැවොම වගේ තමන්ගේ දුරකථනය වෙනත් අය භාවිත කිරීම අවම කිරීමට PIN Code එකක් හෝ Pattern Lock එකක් භාවිත කරයි. එහෙත් මෙම lock එක විනාඩියෙන් විනාඩියට හෝ දවසින් දවසට හෝ තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට වෙනස් වන PIN Code එකක් නම් මෙම ආරක්ෂාව තවත් වැඩිවේ. Droid Lock ඇප් එක මඟින් එම කාර්යය පහසුවෙන් කළ හැකිය. මෙම ඇප් එක තුළදී ඔබේ දුරකථනයේ PIN එක දැන් වේලාව, අද දිනය, එම දෙකෙහිම මිශ්‍ර කිරීමක් හෝ තවත් විවිධ අංග එකතු කර ස්වයංක්‍රීයව වෙනස් වන PIN Code එකක් ලෙස නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.

දැනට මෙම app එක පර්යේෂණ මට්ටමේ (Beta) පවතින බැවින් Google play තුළින් සාමාන්‍ය අයුරින් භාගත කර ගත නොහැකිය. එහෙත් මෙම ඇප් එක සුරක්ෂිතව භාගත කර ගැනීමට පහත ලින්ක් එක භාවිත කළ හැකිය.

මෙතනින් ලබා ගන්න

4‍– MSQRD – ඩිජිටල් වෙස් මුහුණු

4

මේක තරමක විනෝදාස්වාදයක් ගෙනදෙන App එකක්. මෙම ඇප් එක මඟින් ලබාදෙන විවිධාකාර වෙස් මුහුණු යොදාගෙන ඡායාරූප ගන්න වගේම වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාවක් ලබාදෙන අතර ඒ ලබාගත් වීඩියෝ සහ ඡායාරූප ඇප් එක හරහාම Instagram, ‍Facebook වැනි සමාජ ජාල වලට share කිරීමේ පහසුකමත් ලබාදී තිබෙනවා.

මෙතනින් ලබා ගන්න

5 – ReadIttome – නොටිෆිකේෂන් කියවමු

5

මෙම ඇප් එක මඟින් තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට ලැබෙන SMS,Whatsapp පණිවුඩ සහ නොයෙකුත් Notification දුරකථනය ඔස්සේ ස්වයංක්‍රීයව කියවීමට සැලැස්වීමට පුළුවන. මීට අමතරව Notification කියවිය යුත්තේ දවසේ කිනම් වේලාවකට පමණක්ද යන්න වගේම තමන් තෝරාගත් දුරකථන අංක මඟින් ලැබෙන පණිවුඩ කියවීම නතර කිරීම වැනි පහසුකම්ද මෙම ඇප් එක සතුවේ.

මෙතනින් ලබා ගන්න

6- Manything – ස්මාර්ට් ෆෝන් එක CCTV කැමරාවක් කරමු.

6

මෙම ඇප් එක මඟින් ඔබේ දුරකථනය සතු කැමරාව ආරක්ෂක කැමරාවක් බවට පත් කර ගත හැකි අතර ඔබට තවත ස්මාර්ට් දුරකථනයක් ඇත්නම් එම දුරකථනයෙන් කැමරාව බවට පත් කළ දුරකථනයේ දර්ශන නැරඹිය හැකිය.

මෙතනින් ලබා ගන්න

Image Courtesy – Google Play

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here