ලංකාවට බතික් හඳුන්වා දුන් සෝමා උඩබාගේ

0
5712
  • මොනවද මේ බතික් කියන්නේ…?

බතික් කියන්නේ සිත් ඇදගන්නා කලාවක්. බතික් ශිල්පය දියුණු රටවල් ලෙස ජාවා දූපත් සැලකෙන අතර පර්සියානු සහ මිසර ජාතිකයන් විසින් කැඳ හා ඉටිබින්දු තැවරීමේ තාක්ෂණය හඳුනා ගෙන තිබෙනවා. ජාවා රටේ බතික් හැඳින්වෙන්නේ “තික්‍රික්” හෝ “ටැරිතික්” වැනි වචන වලින්. එහි අදහස තිත් වලින් සිතුවම් කරන ලද රෙදි කියන අදහසයි.

  • අපේ රටට බතික් ගෙනාවේ කවුද…?

ලංකාවේ බතික් ගැන කතා කරනවා නම් ඇගේ නම සඳහන් නොකරම බැහැ. ඇය නමින් සෝමා උඩබාගේ දැන් දස සිල් සමාදම් වී සිටින ඇය අපේ රටට බතික් හදුන්වා දුන්නා.රත්නපුර ප්‍රදේශයේ දැරණියගල උපන් ඇය අධ්‍යාපනය ලැබුවේ රත්නපුර සීවලී විද්‍යාලයෙන්.බාල කාලයේ පටන්ම ඇය වර්ණ වෙනුවෙන් විශේෂ ආසාවක් දැක්වුවා. පුංචි කාලයේ ඇය නිතරම මල්වල විවිධ වර්ණ, ගහ කොළ, වලාකුළු මේ හැම දෙයකම වර්ණයට විශේෂ අවධානයක් දැක්වුවා.

1950 වසරේ සෝමා උඩබාගේ විවාහ වුනේ ප්‍රේමකුමාර එපිටවෙල මහතා සමගයි. ඔහු මෙරට ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නගා ගෙන ජීවත් වුන විශේෂ චරිතයක්. “විවාහයට ඉස්සරින් ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගිහින් කලාව ඉගෙන ගෙන එන්න..” එපිටවෙල මහතාගේ යෝජනාවට ඇය එකඟ වුණා.

ශාන්ති නිකේතනයට ඇය ගියේ චිත්‍ර හා මූර්ති ශිල්පය ඉගෙනන ගන්න වුනත් නොදැනීම ඇගේ හිත ඇදුනේ බතික් කලාවටයි. මේ කාලය වෙන විට ශාන්ති නිකේතනයේ ගුරුවරුන්ටත් බතික් ගැන දැණුමක් තිබුනේ නැහැ. විෂය නිර්දේශයට ඇතුලත් වෙලා තිබුනේ කුෂන් කවරයක් වගේ ඉතාම සරල නිර්මාණයක් විතරයි.

  • බතික් කලාවට හිත ගියේ…?

මම කාමරයේ ඉටි ලිපක් තියාගෙන විවේක වෙලාවට විවිධ අත්හදා බැලීම් කලා. දැන් මගේ කාලය අවසාන වෙලා ආපහු ලංකාවට ආවා.

මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මගේ දැණුම බෙදා ගන්න. අහල පහල අයට නොමිලයේම බතික් පංති කළා. ඒත් එක්කකම මුදලට බතික් කලාව ඉගෙනගන්නා පිරිසක් ගොඩනැගුනා. මම පාඩම් 10 ක් වෙනුවෙන් රුපියල් දෙසිය පණහක් අය කළා.

bathic-art

  • බතික් වෙනුවෙන් අමුද්‍රව්‍ය ගැන…

බතික් වෙනුවෙන් යොදා ගන්නා අමද්‍රව්‍ය මිළ අධිකයි. ප්‍රමිතියෙන් යුක්ත අමුද්‍රව්‍ය නැති වුනොත් නිමාව දුර්වලයි. ඒ කාලයෙත් මී ඉටි හොයාගන්න හුඟක් මහන්සි වුණා.

  • බතික් නිර්මාණයේ තිබෙන ගැටළු…

බතික් සියුම් කලාවක් නිසා ඉතාම හෙමින් කරන්න ඕන. ඉල්ලුමට සරිලන විදිහට සැපයුම ලබා දෙන්න අපහසුයි. අතින්ම කරන කලාවක්. අත්උදව්වට කෙනෙක් ගත්තට කලාත්මකබව ගැන පූර්ව සහතික ලබා දීම අපහසුයි.

බතික් ඇදුමක අලංකාරය..වෙන ඇඳුම් වගේ නොවෙයි, මහන අයගේ අඩුපාඩු තිබුනොත් අලංකාරය ගැන සැකසහිතයි. මේ නිසා සමහර ශිල්පින් විසින්ම ඔවුන්ගේ බතික් ඇඳුම් ඔවුන්ම මසා ගන්නවා.

  • කාලගුණ තත්වය

බතික් වෙනුවෙන් කාලගුණය බලපානවා. හරියට වේලා ගන්න බැරි වුනොත් ඇඳුම පුස් ඇල්ලීමට තිබෙන ඉඩකඩ ඉහලයි.

  • ආදේශක රෙදි වර්ග නිසා බතික් වෙනුවෙන් ඉල්ලුම අඩු වුනාද…?

ඩෙනිම් වැනි රෙදි වර්ග නිසා  බතික් වෙනුවෙන් ඉල්ලුම අඩු වුණා. ඒත් අදටත් ලුන්ගි, කෆ්ටාන් වැනි  ඇඳුම් මැදිවියේ කාන්තාවන් අතර ජනප්‍රියයි. පිරිමින් අතරත් බතික් සරම් වෙනුවෙන් ඉල්ලුම තිබෙනවා. මේ නිෂ්පාදනවල මිළ ඉහළ නිසා ඉල්ලුම අඩුවෙනවා. ඊට සාපේක්ෂව වෙනත් ඇදුම් අඩු මිළට ගන්න පුලුවන් නිසා ඒ වෙනුවෙන් ආදේශක සොයා ගන්නවා.

සංචාරකයන් අතර බතික්වලට තිබෙන ඉල්ලුම ඒත් ඔවුන් වෙනුවෙන්ම කියල බතික් නිර්මාණය කරල තියන්න බැහැ.. සමහර සංචාරකයන් කැමැති සිනිදු රෙදි වලට. ඔවුන් ඇවිත් ඇනවුම් කළත් අපිට කාලය අනුව ලබා දීම අපහසුයි. සංචාරකයන් නැවත ඔවුන්ගේ ගම්රටවල් බලා යන විට නම් අපිට ඒ ඇනවුම් ලබා දීමට පුලුවන්. හැබැයි කාලය අනුව,සංචාරකයන් මේ රෙදි අරගෙන ගියාම ඔවුන්ගේ සම්බන්ධතාවයන් තිබෙන අයගෙනුත් ඇනවුම් ලැබෙනවා.

  • බතික් කර්මාන්තය ඉදිරියට ගෙන යෑමට නම්…

බතික් කියන්නේ සියුම් කලාවක්. මේ කලාවෙන් එක අවස්ථාවක නිර්මාණය වෙන්නේ එක් නිර්මාණයක් පමණයි.බතික් කලාවේ අද දකින්න ලැබෙන්නේ කලාවට වඩා ව්‍යාපාරයක්.ඉක්මනට මුදල් උපයන අය නිසා බතක් කලාව අද ව්‍යාපාරයක් බවට පත් වෙලා.

  • බතික් කලාවට ආදරය කරන අයට ඔබගෙන් ලැබෙන පණිවිඩය…

කිසිම දිනක කලාව මුදලට යට කරනන් එපා. තරඟයට ගියොත් එතැන කලාවක් නැහැ. ඒ නිසා මම ආදරයෙන් කරන ඉල්ලිම නම් මේ කලාව ආරක්ෂා කර ගන්න කියලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here