සැප්තැම්බර් මස ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්

0
3347
android_sep

Clean Master

clean_master

Android phone පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Phone slow වෙන එක. මේ ප්‍රශ්නයට එක් විසදුම්ක් තමයි Clean Master කියන්නේ. මේ Clean Master ඇප් එකෙන් මූලිකව ඔයාගේ phone එකේ තියෙන අනවශ්‍ය files ඉවත් කරනවා. මේ නිසා ඔයාගේ ෆෝන් එක වේගවත් වෙනවා වගේම මීට අමතරව ඔයාගේ Phone එකේ කුමන හෝ වෙනත් ප්‍රශ්නයක් තියෙනවානම් ඒ පිළිබඳවත් මේ app එක මඟින් ඔයාට දන්වනවා.

Link : Get it on Google Play

Opera Max

opera_max

Smartphone භාවිතාකරන කාටත් තියෙන ගැටලුවක් තමයි තමන්ගේ Data package එක අරපරිස්සමෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. Opera Max කියන්නේ Data අරපරිස්සමෙන් භාවිතාකරන අයට ගැළපෙන ඇප් එකක්. මේ ඇප් එකෙන් අපේ ෆෝන් එකේ භාවිතා කරන Facebook, Youtube වගේ තවත් ගොඩක්  apps වලට වැයවන Data ප්‍රමාණය තරමක් දුරට අඩු කරනවා.

Link : Get it on Google Play

Pocket

pocket

මේ ඇප් එක නිතරම අන්තර්ජාලයෙන් ලිපි කියවන්න කැමති අයට ගැළපෙන ඇප් එකක්. මේ pocket ඇප් එක ඔයාට ලිපියක් කියවන්න බැරි වෙලාවක ඒ ලිපිය සේව් කරගෙන පසුවට කියවන්නට ඉඩ සලසා දෙනවා. මේ ඇප් එකේ විශේෂත්වයක් තමයි මේ ඇප් එක PC, Smartphone වගේ ඕනෑම උපකරණයක භාවිතා කරන්නට පුළුවන් වීම.

Link : Get it on Google Play

Forest

forest

Forest කියන්නේ app එකකට වඩා Game එකක්. මේකේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ඔයා ඔයාගේ දුරකථනය භාවිත කිරීම අඩු කරවීම. මේ සඳහා මේ ඇප් එක කරන්නේ යම් කිසි කාල සීමාවකට ගසක් වැවෙන කාටූන් ඇනිමේෂන් එකක් තිරයේ දර්ශනය කිරීම. ඔයා ඒ කාල සීමාව තුළ ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැතිව සිටියොත් එම ගහ වැවී අවසන් වන අතර ඔයා ඒ කාල සීමාව තුළ ෆෝන් එක පාවිච්චි කළොත් ඒ ගස මැරෙනවා. ෆෝන් එක භාවිත කිරීම අඩු කිරීමට අවශ්‍ය අයට Forest කියන්නේ ගොඩක් වටින ඇප් එකක්.

Link : Get it on Google Play

Google Keep

google_keep

Google Keep කියන්නේ Notes ඇප් එකක්. මේ ඇප් එකෙන් ඔයාට අමතක වෙනවා කියලා හිතෙන ඕනෑම දෙයක් ලේසියන් සටහන් කරලා තබාගන්නට ඉඩ සලස්වා දෙනවා. ඒ වගේම ඔයාට දෙයක් යම් කිසි වේලාවක නැවත මතක් කරවීමට අවශ්‍ය ඒ සඳහාද පහසුකම් මේ ඇප් එක සතුවෙනවා.

Link : Get it on Google Play

Greenify

greenify

මේ ඇප් එකත් ඔයාගේ ෆෝන් එක වේගවත් කරන්නට සාදන ලද ඇප් එකක්. මේ ඇප් එකෙන් ඔයා නිතරම භාවිතා නොකරන ඇප්ස් තාවකාලිකව අක්‍රියකිරීම නැතිනම් hibernate කිරීම සිදුකරනවා. මේ නිසා ඔයාගේ ෆෝන් එක තරමක් දුරට වේගවත් කර ගැනීමට හැකිවෙනවා.

Link : Get it on Google Play

Shazam

shazam

Shazam කියන්නේ මේ වන විට ගොඩක් ජනප්‍රිය ඇප් එකක්. මේ ඇප් එකෙන් කරන්නේ සිංදු නිවැරදිව හඳුනාගන්නා එක. උදාහරණයක් විදියට ඔයාට රේඩියෝ එකේ දැන් වාදනය වන සිංදුව මොකක්ද කියලා දැනගන්න ඕන නම් ඔයාට කරන්නට තියෙන්නේ මේ ඇප් එක open කරලා ෆෝන් එක රේඩියෝ එකට ලං කරන එක විතරයි. එතකොට මේ ඇප් එක මඟින් සිංදුව නිවැරදිව හඳුනාගනීවි.

Link : Get it on Google Play

Flipboard

filpboard

Flipboard කියන්නේ ඔයාගේ Facebook, twitter වගේ social media feeds එක තැනකට ගෙනෙන app එකක්. මේ ඇප් එකෙන් මීට අමතරව වෙනත් වෙබ් අඩවි වල පළවන ලිපිද ඔයාට අවශ්‍ය නම් පෙළගස්වාගන්නට පුළුවන්. ඒ සියල්ලම මේ ඇප් එකේ සඟරාවක් ආකාරයෙන් grid layout එකක ලස්සනට පෙන්වනවා. App එකෙන් app එකට website එකෙන් website එකට ගිහින් කාලය කාදමන්නේ නැතිව මේ ඇප් එකෙන් ඒ සියල්ලම අත්විඳගන්න

Link : Get it on Google Play

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here