මිතුරු ඇසුර හොඳ වුනත්…

මිනිසුන් විදිහට අපට කිසිම දවසක හුදෙකලාව ජීවත් වෙන්න අමාරුයි. අපි නොදැනම මේ සම්බන්ධතාවය අපේ ජීවිතයට ඇති කරන බලපෑම නිසාම අපි මුහුණුපොත හෙවත් ෆේස් බුක් ඔස්සේ පවා මිතුරු සමාගමක් ගොඩ නගා ගැනීමට කැමැතියි.

මිතුරු සමාගම අපේ ජීවිතය වෙනුවෙන් මොනතරම් සමීප බලපෑමක් ඇති කරනවාද කිවහොත් ලේ ඥාතීන් අතර ඇති වෙන බන්ධනයටත් වඩා මෙම සම්බන්ධතාවය ප්‍රබල බව ඇමරිකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.අද බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ නෑයෝ…වේයෝ ..කාවෝ…අපේ ජීවිත වෙනුවෙන් හිරිහැරදායක වෙන අවස්ථාවන් ඇති බවයි. මේ තත්වයම ඉහත අධ්‍යනය සිදු කරන ලද කායික විද්‍යාව පිලිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය විලියම් ටොයින් පෙන්වා ‍දෙනවා. ඔහු සඳහන් කරන්නේ නෑදෑයන් සමග වූ බන්ධනය ඇතැම් අවස්ථාවල සෘන සිතුවිලි ඇති කළත් මිතුරන් සමග වූ ඇසුර ඒ අන්දමින් පීඩාකාරී නොවන බවයි.

ඔහුගේ මෙම අධ්‍යනය වෙනුවෙන් රටවල් අනූවකින් පුද්ගලයන් ලක්ෂ තුනකට අධික පිරිසක් තෝරා ගත්තා. මෙම නියැඳිය ප්‍රමාණයෙන් විශාල වුනත් ඔහගේ උපකල්පනය වෙනුවෙන් එම ප්‍රමාණාත්මක අධ්‍යනය බෙහෙවින් සාධාරණ වුණා. මෙම පිරිසගේ වයස අවුරුදු 15-99 අතර පරාසයකට ඇතුලත් වුනා. මෙම පුද්ගලයන් අතර වඩාත් ප්‍රබලව තිබුනේ මිතුරන් සමග වූ සමීප ඇසුරයි. ඔවුන් නෑදෑයින් සමග දැඩි සම්බන්ධතාවයක් පවත්වා ගෙන නොගියත් මිතුරන් සමග ඉතා සමීපව සිටියා. එම ඇසුර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙන් කොතරම් සමීප සම්බන්ධතාවයක් දැක්වූයේද යන්න ඔවුන්ගේ අනෙක් අරමුණු විය. ඒ අනුව පෙනී ගියේ සාර්ථක මිතුරු ඇසුරක් තිබුන පුද්ගලයන් අතර පිලිකා රෝග, හෘද රෝග සහ ඒ ආශ්‍රිත සංකුලතාවයන් වගේම මානසික රෝග පිලිබඳව පැමිණිලි ලැබුනේ නැහැ. එහි රහස විදිහට මෙම පිරිස කියා සිටියේ ඔවුන් සහ මිතුරන් අතර පවතින සම්බන්ධතාවය නිසා මෙම යහපත් සෞඛ්‍ය තත්වය ඔවුන්ට උදා වුන බවයි.

එහි අනෙක් පැත්ත අනුව මිතුරන් ඇසුරක් නොතිබුන පුද්ගලයන් අතර ඉහත දක්වන ලද පිලිකා රෝග, හෘද රෝග සහ මානසික රෝග පිලිබඳ පැමිණිලි පමණක් නොව පවුල් සම්බන්ධතාවයන් පවා තා දුර්වලව පැවැති බවයි. අඹු සැමියන් සහ දූදරුවන් අතරවත් සහයෝගයක් සහජීවනයක් පවත්වා ගැනීමට මෙම පිරිසට හැකියාවක් තිබුනේ නැහැ. ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවල සිදු කරන ලද අධ්‍යනයන් 148 ක් මගින් පෙනී ගියේ ශක්තිමත් මිත්‍රත්වය පුද්ගල සෞඛ්‍යය වෙනුවෙන් හේතු වෙන බවයි. එමෙන්ම මිතුරු ඇසුර සහිත පුද්ගලයන් එසේ ඇසුරට යොමු නොවන පුද්ගලයන්ට වඩා දෙගුණයක් ආයුෂ ලබන බවත් එම අධ්‍යනයන් මගින් පෙන්වා දෙනු ලැබීය.

මහාචාර්ය ටොපික් පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයන් මත්ද්‍රව්‍ය, සමාජ විරෝදී කටයුතු වෙතින්ද බොහෝ දුරට දුරස්ථව සිටි බවයි.වියපත්වීම සමග දරුවන්ද තමාගෙන් ඈත්ව යන විට නෑදෑයින් අතරත් තමන්ගේ වයසට හා අදහස්වලට ගැලපෙන පිරිස් දුරස්ව යෑම සාමාන්‍ය තත්වයක්. එම හිස්තැන වෙනුවෙන් වඩාත් සමීපතාවයක් දක්වන්නේ මිතුරන් බව පර්යේෂකයන්ගේ අදහසයි.

මිතුරු ඇසුර මොනතරම් යහපත් වුනත් කළයාණ මිත්‍රත්වයක් ‍වෙනුවෙන් පිරිස තෝරා ගැනීම එතරම් පහසු කාර්යක් නොවෙයි.

මිතුරුතොමෝ දුක සැප‍ දෙකෙහිම පැවැතී – බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී

කියන අන්දමට මිතුරන් ඇසුරට සොයා ගත යුතුයි.

ඔබට හොඳ මිතුරන් ලැබෙන්නේ ඔබ සැබැවින්ම හොඳ මිතුරෙක් වුවහොත් පමනි. ඒ වගේම ඔබ මුලින්ම මිතුරා හදුනා ගත යුතුය. බොහෝ දෙනාට මිතුරන් තේරුම් ගැනීමට තරම් හැකියාවක් නොමැත. මේ නිසා අවසානයේදී මිතුරන් නිසාම අයහපතට යොමු වුන සහ ජීවිතයට යම් යම් බිඳවැටීම් සිදු වු අවස්තාවන් ගැනත් තොරතුරු නැතුවාම නොවේ. වැඩි සෙනෙහෙ දබරයටයි…කියන අන්දමටම ඔබ මුලින්ම මිතුරා තේරුම් ගන්න. මිනිසුන් හැම දෙනාම එක හා සමාන නැත. ඔබගේ කෝණයෙන්ම ඔවුන් දෙස බැලීමට නොහැක. මේ නිසා ඇසුර අතේ දුරට පවත්වා ගැනීම මෙන්ම හොදින් තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

නෑදෑයින් වුනත් අපට අනවශ්‍ය යැයි ඉවත් කිරීමට බැහැ. ගහට ගහක් මොරටුවේදි හමුවෙනවා කියන්නා සේම කිසිම පුද්ගලයෙක් අපට අනවශ්‍ය යැයි ප්‍රතික්ෂෙප කිරීමට නොහැකියි. ලේ නෑදෑයින් අතර වුනත් විවිධකාර ගති පැවැතුම් ඇති අය සිටිනු ඇත. ඒ සියලු දෙනා සමග සම්බන්ධතාවයක් පවත්වා ගැනීම වඩාත් යහපත් වේ. මිතුරන් අතර නෑදෑයින්ටත් වඩා ගුණයහපත් අය සිටින්නට ඉඩ තිබේ. මේ දෙපාර්ශවයම ඔබට අවශ්‍ය පුද්ගලයන් වේ.

අනාගතයේ ශක්තිමත් බවට මිතුරු ඇසුර අවශ්‍ය බැව් අපිද දනිමු. එහෙත් බොහෝ අවස්ථාවල මිතුරන් නිසා අපහසුතාවයට පත් වෙන පුද්ගලයන්ද නැතුවාම නොවේ. මතබේද , ගැටුම් නිසා ඔබ දදැඩි මානසික කම්පනයන්ට පත් ‍වුන අවස්ථාවන් ඇත.එහෙත් මේ දෙපැත්තම එක සේ හොදින් ගලපා ගැනීමට ඔබ දැනගත යුතුය.

එවිට තමා වෙනුවෙන් පිරිසක් සිටිනවාය යන ශක්තියෙන් ඔබ පොහොසත් වෙනු ඇත. මිතුරන් සමග ගොඩ නැගනෙ සමාජ ආශ්‍රය නිසා මානසිකව තිබෙන හිස්බව දුරස් වෙනු ඇත විවිධ කාර්යන් සමග ගොඩ නැගෙන සම්බන්ධතාවයන් නිසා ඔබට දවස බෙහෙවින්

කෙටි වෙනු ඇත. එමෙන්ම මේ සියලු කටයුතු නිසා ඇති වෙන මානසික සතුට ජීවිතය ජීවත් කරනු ඇත.

බිරිඳක ,මවක, ලෙසින් ඔබේ සැමියා සහ දරුවන් මිතුරු සමාගම ප්‍රියකරන විට ඒ වෙනුවෙන් බාධා නොකරන්න. එහෙත් දරුවන්ගේ මිතුරු ඇසුර පිලිබඳව නම් මට වඩා යමක් අනාගතය මුල් කර ගෙන සිතීම වැදගත්ය. දරුවාට යහපත් මිතුරන් තෝරා ගැනීමට තරම් මුහුකුරා ගිය බුද්ධියක් නැත. ඒ වුනත් දරුවා අයහපත් මිතරුන්ගේ ඇසුරට වැටුනහොත් ඔහු එතැනින් මුදවා ගැනීම පහසු නැත. මේ නිසා නිතරම දරුවාගේ මිතුරන් මුල් කර ගෙන ඔබ අධීක්ෂනයක යෙදෙන්න. දුර්ගුණ ඇති මිතුරන් වෙතොත් ඒ ගැන දරුවාට කියා දෙන්න. අයහපත් මිතුරන් නිසා අවැඩක් මිස වැඩක් සිදු නොවන බව වටහා දීම මවක, බිරිඳක ලෙසින් ඔබේ වගකීමකි.මේ නයාය සැමියා වෙනුවන්ද සාධාරණ වේ. ඇතැම් අවස්ථාවල සැමියාට ඔබ හා දරුවන්ටත්වඩා මිතුරා ගැන  ඇගැයීමෙන් කතා බහ කරනු ඇත. ඒ වුනත් මෙම මිතුරන් ඔබේ සැමියා නොමගට යොමු කරන, ආර්ථික වශයෙන් සැමියාගේ මිල මුදල් අයථා කටයුතු වෙනුවෙන් යොසවන පුද්ගලයන් නම් ඔවුන්ගෙන් සැමියා දුරස් කිරීමත් වැදගත් වේ. රත්තරන් කඩුව යැයි අපි ගෙල කපා ගත් යුතු නැත. මිතුරු ැසුර කොතරම් යහපත් වුනත් නියම මිතුරෙක් මගින් මිස අයහපත් මිතුරෙකුගේ ඇසුරෙන් මෙම සංකල්පය ඉටු නොවනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here