ෆේස්බුක් තුළ ඔබ නොකළ යුතු දේවල්

0
8289
Harshana_Serasinghe_Womanly_2016_06_006

ඉස්සරනම් ඔබේ පරණ මිතුරෙක් හමු වුණාම ඔවුන්ට ඔබව නැවත සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් ඉල්ලන්නේ ලිපිනය හෝ දුරකථන අංකයයි. එහෙත් දැන් අසන්නේ ඔබ ෆේස්බුක් සිටිනවාද යන වගයි. ෆේස්බුක් ඒ තරමටම අපට සමීප වී ඇත. එහෙත් ගොඩක් අය ෆේස්බුක් එක නිසියාකාරව භාවිත කරන්නේ දන්නේ නැත. මේ නිසා අද වන විට ෆේස්බුක් නිසා වන අපරාධද ඉහළ ගොස් ඇත. එමෙන්ම ෆේස්බුක් සමාජ ජාලයද වෙනත් ලෝකයක් ලෙස ගත්විට අප එහිද නිවැරදිව කටයුතු කළ යුතුය. අද ලිපිය වෙන්වන්නේ ෆේස්බුක් තුළ ඔබ ඔබව ආරක්ෂා කරගන්නේ කෙසේද, නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

දෙයක් සිතුනු පමණින් Post කරන්න එපා

ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසුණු පමණින් ඔබට පෙනෙන පළමු දෙය තමයි “What’s on your mind?” කියන වාක්‍යය එසේත් නැතිනම් ප්‍රශ්නයයි. ඉතින් ඔබ මෙම ප්‍රශ්නයට කිසිදු පැකිලීමකින් තොරව ඔබේ සිතෙහි තිබෙන සියලුම දේවල් ලියමින් පිළිතුරු දුන්නහොත් ඔබ කුමන හෝ ප්‍රශ්නයකට මැදිවන බව සහතිකයි. එසේ වීමට හේතුව නම් ඔබ Post කරන සියලුම ලිපි ඔබේ මිතුරන් කියවන අතර එවිට ඔබ නරක දෙයක් post කර තිබුණොත් ඔබ ගැන මිතුරන් සිතන කෝණයද වෙනස් විය හැකිය.

සෑම විටම Facebook post එකක් ලිවීමට පෙර එම පෝස්ට් එක ඔබේ ෆේස්බුක් මිතුරන්ට කොතරම් වැදගත් වේද?, මෙය ලිවීමෙන් ඔබේ චරිතයට සිදුවන බලපෑම, ඔබේ මිතුරන් ලැයිස්තුවේ විවිධාකාරයේ මිතුරන් සිටීනම් මෙය ලිවිය යුත්තේ කුමන කොට්ඨාෂයටද යන ප්‍රශ්නවලට පිළිතුරු ඔබ ඔබෙන්ම විමසිය යුතුය. ඉන් අනතුරුව එම Post එක ලිවීම හෝ නොලිවීම තීරණය කළ යුතුය.

සෑම ස්ථානයක්ම Check-in කරන්න එපා

Facebook එකේ දැකගන්න පුළුවන් තවත් එක් දෙයක් තමයි Places කියන්නේ. ගොඩක් අය මේ feature එක භාවිතා කරලා තමන් සිටින ස්ථානය තමන්ගේ මිතුරන්ට දන්වනවා. එහෙත් ඔබේ මිතුරු ලැයිස්තුවේ මිතුරන්ට අමතරව ඔබ ඇත්ත ජීවිතයේ දැක නොමැති අය සිටීනම් මෙම feature එක ඕනෑවට වඩා භාවිතය නිසා ඔබේ ජීවිතයටද අවධානම් ඇතිවිය හැකිය. මන්ද ඔබේ සතුරෙක් ඔබ ගැන විමසිල්ලෙන් සිටින්නේ නම් Facebook Places යනු ඔවුන්ට ඔබව ලුහුබැඳිය හැකි හොඳම ආකාරයකි. ඔබ සෑම ස්ථානයක්ම check-in කරන අයෙක් නම් ඔබ නොහඳුනන සියලුම මිතුරන් ඉවත් කරන්න. එසේ නැතිනම් සෑම ස්ථානයක්ම check-in කිරීමෙන් වළකින්න.

සෑම Friend Request එකක්ම Confirm කරන්න එපා

Facebook කියන්නේ විශාල ලෝකයක්. මෙහි විවිධාකාර මිනිසුන් විවිධාකාර අරමුණු සඳහා මෙම ලෝකය භාවිතා කරති. මේ ලෝකයේද සැබෑ ලෝකයේ මෙන් හොඳ මිනිසුන් සහ නරක මිනිසුන් සිටිති. එම නිසා ඔබට Friend Request එකක් ලැබුණු විටි එම පුද්ගලයා ඔබව හඳුනන්නේ නම් Confirm කළා කියා සිදුවන වරදක් ඇත්තේම නැත. එහෙත් ඔබ ඔහු හෝ ඇය හඳුනන්නේ නැත්නම් එම Friend Request එක Confirm කිරීමට පෙර ඔවුන්ගේ Profile එකට පිවිස ඔවුන් Post කර ඇතිදෑ පිළිබඳව පරීක්ෂා කළ යුතුයි. ඉන් අනතුරුව Confirm කිරීම හෝ නොකිරීම සිදු කළ යුතුයි. එහෙත් මගේ මතය නම් ඔබ ඔවුන්ව දන්නේ නැතිනම් Confirm නොකර සිටීම යහපත් යන්නයි.

මම කලින් කියූවා සේ ෆේස්බුක් යනු එක්තරා ලෝකයකි. මෙහි විවිධාකාර මිනිසුන් සිටිති. ඔවුන් විවිධ මානසික මට්ටම් වල අයවේ. ඔබ මෙම ලෝකයේ හොඳින් හැසිරුණහොත් සැබෑ ලෝකයේදී මෙන් ඔබට යහපත සිදුවන අතර ඔබ නරක අතට පත්වුවහොත් අයහපතද සිදුවේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here