භෞතික විද්‍යා‍ව පිරිමින්ට පමණක් නොවේ…

0
2730
physics

කාන්තාවගේ මොළය හැදිමිටක දිගට සමාන කර තිබුන පෙරදිග සමාජය තුළ වූ පිලිගැනීමට ක්‍රියාවෙන්ම පහර දුන් අවස්ථාවන් ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් තිබෙනවා. එවන් සිදුවීම් වල එක් හැරවුම් ලක්ෂයක් විදිහට පෝලන්ත ජාතික භෞතික විද්‍යාඥවරියක වූ මාරි කියුරි විසින් 1903 වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනා ගැනීම සලකන්න පුලුවනි. ඇයට මෙම ත්‍යාගය ලැබුනේ රේඩියම් සොයා ගැනීම වෙනුවෙන් වූ ප්‍රයත්නය අගය කිරීමත් විදිහටයි. මාරි කියුරිගේ මෙම සොයා ගැනීම වෙනුවෙන් ඇගේ සැමියා පියුරි කියුරි සහ ඇන්තනී හෙන්රි බෙකරල් (Antoine Henri Becquerel) අතර එවර නොබෙල් ත්‍යාගය සමානව බෙදුනා.

1867 වසරේ පෝලන්තයේදි උපත ලද මාරි කියුරි නොබෙල් ත්‍යාගය ලබා ගත් ප්‍රථම කාන්තාවයි. ඇගේ සැමියා පියරේ කියුරි භෞතික විදයාඤයෙක් වන අතර ඔහු බිරිඳ සමග ඒ කියන්නේ මාරි කියුරි සමග එක්ව 1903 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබනවා. මාරි කියුරි විසින් විකිරණශීලී මුලද්‍රව්‍යයක් වන රේඩියම් සොයාගනු ලබනවා. ඒ හේතුවෙන් ඇය නැවත වතාවක් නොබෙල් ත්‍යාගය ලබාගැනීමට සමත් වෙනවා. 1935 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මාරි කියුරි දියණිය අයිරින් කියුරි සහ ඇගේ සැමියා ෆෙඩ්රික් ජූලියට් දෙපළට හිමිවෙනවා. ඒ ඇලුමිනියම් විකිරණශීලී බවත් ඒවා ඇල්ෆා කිරණ සමග නියුට්‍රෝන පිට කරන බවත් සොයාගැනීම හේතුවෙන්. මාරි කියුරිගේ බාල දියණිය වන ඊව් කියුරි වෘත්තියෙන් ලේඛිකාවක්. ඇගේ සැමියා හෙන්රි රිචඩ්සන්. 1965 දී රිචඩ්සන්ට සහ යුනිසෙෆ් සංවිධානයට ලෝක සාමය උදෙසා නොබෙල් ත්‍යාගය හිමිවෙන අතර, එම නොබෙල් ත්‍යාගයත් සමග කියුරි පවුලට හිමි වූ නොබෙල් ත්‍යාග ප්‍රමාණය හය දක්වා ඉහළ යනවා.

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයට අවසන් වරට හිමිකම් කී කාන්තාවන් වන්නේ, ජර්මනියේ ඉපදුණු ඇමෙරිකානු භෞතික විද්‍යාඥවරියක වන මරියා ගෝපර්ට්-මේයර්ය. පරමාණුවල ඇති න්‍යෂ්ටික ශක්තිය පිළිබඳ සිදුකළ සොයාගැනීම් වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි වුනේ 1963 වසරේදීයි. එතැන් පටන් වසර 55 ක් තුළ කාන්තාවක් වෙනුවෙන් භෞතික විදයාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් ලැබුනේ නැහැ.

විද්‍යාව වෙනුවෙනුත් ලෝකයේ තිබෙන්නේ පුරුෂාධිපත්‍යක් කිව්වත් වැරැද්දක් නැහැ. ඊට හේතුව පසුගියදා ජිනීවාහි විද්‍යාගාරයක පැවැති සම්මන්ත්‍රණයකදී එක්තරා විදයාඥයෙකු විසින් කළ ප්‍රකාශයක් දෙස බැලුවොත් මේ කියමන මොන තරම් සහේතුකද කියලඔබට හිතෙයි. භෞතික විද්‍යාව තිබෙන්නේ පුරුෂයින්ට පිරිමි විද්‍යාඥයන්ට වෙනස් කොට සැලකීමක් සිදුවන බව ත් ඔහු  එම දේශනයෙන් කියා සිටියා. මේ ප්‍රකාශය නිසා ඔහු පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර යොදා තිබුනා.

ඒත් ගත වුනේ දින ගණනක් පමනි. කැනඩාවේ ජීවත් වන ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් (Donna Strickland) සහ එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින් සහ ප්‍රංශයේ Gerard Mourou වෙනුවෙන් මෙවර භෞතික විදයාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගයට සුදුසුකම් ලබා සිටින බව නිවේදනය වුණා. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් කැනඩාවේ “වෝටර්ලූ” විශ්වවිද්‍යාලයට අනුයුක්තව සේවයේ නියුතු ආචාර්ය වරියක්.

භෞතික විද්‍යාවේ ඇති ලේසර් ක්‍රම පිළිබඳ සිදු කළ නව සොයාගැනීම් වෙනුවෙන් මේ දෙදෙනා නොබෙල් ත්‍යාගයට හිමිකම් කියන බව අදාල හේතුපාඨය වුණා. ඊට අමතරව ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි “දෘශ්‍ය අඩුවක් (optical tweezers)” ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමයක් වැඩිදියුණු කිරීමට ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් කටයුතු කර තිබෙනවා.

තම ජයග්‍රහණය ගැන අදහස් ඉදිරිපත් කළ ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් සඳහන් ක‍ලේ…

“මුලින්ම ඔබට සිතෙයි එය ඇත්තටම පිස්සුවක් කියලා. මගේ මනසට ආපු පළමුවෙනි සිතුවිල්ලත් එයයි. ඒ වගේ, මෙය සැබෑවක්ද කියලත් සිතෙනවා,”

මෙකී ලේසර් ක්‍රමය මගින් මෙතෙක් සොයාගත් කෙටිම සහ වේගවත්ම ලේසර් කිරණ නිර්මාණය කිරීමට මඟ පාදනු ලැබේ. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් සහ Gerard Mourou විසින් Chirped Pulse Amplification(CPA) ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමවේදයක් වැඩිදියුණු කර කරනු ලැබීය. මෙය පිළිකා සඳහා මෙන්ම, වසරකට සිදු කෙරෙන මිලියන ගණනක් ලේසර් අක්ෂි ශල්‍යකර්ම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

භෞතික විද්‍යාවේ අයිතිය පිරිමින්ට යැයි කී භෞතික විද්‍යාඥයාගේ මෝඩ බව ඇය පවසා සිටියා. ” ඒ වගේම මට ඇත්තටම පුදුම අවුරුදු 55 ක්ම කාන්තාවකට මෙම ත්‍යාගය හිමි නොවීම ගැනයි..”

“මට සෑම අවස්ථාවකදීම පුරුෂයින්ට හා සමාන සැලකුම් ලැබුණා. මා සමග පුරුෂයන් දෙදෙනෙක්ද මෙම ත්‍යාගය දිනාගෙන තිබෙනවා. ඒ දෙදෙනාටත් මේ ත්‍යාගය එක සමානව අයිති වෙනවා,” යැයි ඇය තවදුරටත් කියා සිටියා. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ්ට මෙම වසරේ ලැබුණ ත්‍යාගය එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින් සහ ප්‍රංශයේ Gerard Mourou අතර සමසේ බෙදී යනවා. ඒ ගැන අදහස් ඉදිරිපත් කරමින් ඩෝනා කියා සිටියේ “මේ තෑග්ග Gerard සමග බෙදා ගැනීම ගැන කියනවානම්, ඔහු තමයි මගේ වැඩ නිරීක්ෂණය කළේ. ඒ වගේම ඔහු මගේ උපදේශකවරයා. CPA ලේසර් ක්‍රමවේදය ඔහු ඉතා ඉහළ තැනකට රැගෙන ගියා. ඔහුට මෙම ත්‍යාගය ලැබිය යුතුමයි. ඒ වගේම ආතර් ඇෂ්කින්ට ලැබුණ ජයග්‍රහණය ගැන මම ඉතාමත් සතුටු වෙනවා…”

“මම සිතන්නේ ඔහු මින් පෙරත් ඉතා විශාල සොයාගැනීම් ගණනාවක් සිදු කර තිබෙනවා. ඒ දේවල් භාවිත කරමින් අනිකුත් පුද්ගලයන් විශිෂ්ට දේවල් සිදු කරනවා. අවසානයේ දී ඔහුගේ සේවය ඇගයීම ගැන ඉතාමත් සතුටුයි…,” ඇය පැවසුවාය. මෙම ප්‍රකාහයෙන්ම කාන්තාවක් විදිහට ඩෝනාගේ කන්ඩායම් හැඟීම සහ නිතරමානී බව මොනතරම්ද කියල ලෝකයටම දැනෙනු ඇති.

-BBC News-

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here