කාගෙත් ආකර්ෂණය දිනා ගන්නා කිතුල් මලක්‌ වන් දිගු කෙස්‌ කළඹ

0
7608
black-long-hair

යුවතියකගේ පංච කළ්‍යාණියට අයත් ප්‍රධානම අංගය තමයි කේශ කල්‍යාණිය. එනම් දිගු වරලස. දිගු වරලසක්‌ යැයි කියා පැවැසුවේ අඩියක්‌ දෙකක්‌ දිගු වරලසක්‌ නොවෙයි. අඩුම වශයෙන් අඩි 4 ක්‌ වත් දිගු කෙස්‌ කළඹක්‌ තිබීමයි.මෙවැනි කෙස්‌ කළඹක්‌ ලබා ගැනීම ලෙහෙසියෙන් සිදුකළ නොහැකියි. ඒ සම්බන්ධව සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇයගේ නාඩි ක්‍රියාකාරිත්වයද ඉතා හොඳින් සිදුවිය යුතු බවයි.එවිට ඇයගේ හෝමෝනවල ක්‍රියාකාරිත්වයද හොඳින් සිදුවී හිසෙහි ඇති කේශ මූල හොඳින් ක්‍රියාකාරවී දිගු කෙස්‌ වර්ධනය වීමට පටන් ගන්නවා.එසේම දිගු කෙස්‌ කළඹක්‌ ලබා ගැනීමට ඇයගේ පෙර කුසල්ද බලපානවා. එම කුසල්වලට දෙමාපියන්ගේ ක්‍රියාකාරකම් ද එක්‌වූ විට එම කුසල්වල බලය තවත් වැඩිවෙනවා.

නීරෝගී, ලස්සන කෙස් කළඹක් තිබීම බාහිර පෙනුම, පෞරුෂය හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වන්නකි. වර්තමානයේ රිබොන්ඩින්, ෆර්මින්, කලර් කිරීම වැනි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කෙරෙන විලාසිතාවන් මෙන්ම දූවිලි, අධික හිරු රශ්මියට නිරාවරණය වීම වැනි පාරිසරික සාධක හේතුවෙන් ද හිසකෙස්වලට හානි සිදු විය හැක. තම හිසකෙස්වල නීරෝගිමත් බව පවත්වා ගෙන යාමට අවශ්‍ය සත්කාර සිදු කල යුත්තේ එනිසයි.

හිසේ ඇතිවන උකුණන් ලේඬින් නැතිකර ගැනීමටත්, හිසෙහි මතුපිට සම ඉක්‌මනින් දිරාපත්වී කුඩා කැබලි ලෙස ගැලවී යැම වළක්‌වා ගැනීමට හිසෙහි ගැල්වීමට පැරණි බෙහෙත් වට්‌ටෝරුවක්‌ තිබෙනවා. කීකිරිදිය, වැල්පෙනෙල, හාතවාරිය, සැවැන්දරා, අගිල්, කොටකිඹුල ගෙඩි සහ කොළ, අට්‌ටික්‌කා ගෙඩි සහ කොළ, කුරුඳු මුල් සහ කොළ, වෙනිවැල්ගැට මුල් සහ දඬු සමසේ ගෙන වියළා පිටි බවට කුඩුකරගෙන ඉන් මේස හැඳි දෙකක්‌ ළිං ජලය හෝ දික්‌ භාජනයක බහාලු නළ ජලය සමඟ මිශ්‍ර කර තල තෙල්, ඔලිව් තෙල් හෝ කොහොඹ තෙල් මිශ්‍රකර සාදාගත් ආලේපය හිස ගල්වා විනාඩි 30 කට පමණ පසු හොඳින් ස්‌නානය කිරීමට ගුණදායකයි.

හිසකෙස් මනාව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර මෙන්ම බාහිර සත්කාරත් අවශ්‍යයි. ලස්සන කෙස් කළඹක් ඇති කර ගැනීමට මෙන්ම කෙස් කළඹ නිරෝගීව පවත්වාගෙන යාමට තෙල් සත්කාරයක් ලබා දීම සුදුසු වේ. මෙහිදී ඖෂධීය තෙල් වර්ග මෙන්ම පිරිසිදු පොල් තෙල් ඔලිව් තෙල් ආදිය ද හිස ගැල්විය හැකිය. හිස කෙස්‌ රැක ගැනීමට උත්සාහ කරනවා නම් කිසිම මොහොතක හිසකෙස්‌ ඉතා තදින් ඇද කොණ්‌ඩය බැඳීම නොකළ යුතුයි. එය හිස කෙස්‌වල මුල්වලට හානි කරයි. එසේ වූවිට දිග හිසකෙස්‌ වර්ධනය වන්නේ නැහැ. අඩියක්‌ දෙකක්‌ වර්ධනය වනවිට ගැලවී යනවා. තෙල් ස්වල්පයක් මදක් රත් කර තෙල් මඳක් උණුසුම් වූ පසුව ඇඟිලි තුඩකින් හෝ පුළුන් කැබැල්ලකින් හිස් කබලේ සහ හිස කෙස්වල ආලේප කර ඇඟිලි තුඩුවලින් මෘදුව හිස සම්බාහනය කරන්න. අනතුරුව උණුසුම් තුවායකින් හිස විනාඩි කීපයක් ඔතා තැබිය යුතුය. මෙයින් ඉතා හොඳින් හිස් කබලට සහ හිස කෙස්වලට තෙල් උරා ගන්නවා. පැය භාගයකට පමණ පසුව ස්නානය කරන්න.

මෙවැනි තෙල් සත්කාරයකින් හොඳින් රුධිර ගමනාගමනය ක්‍රියාත්මක වීම නිසා හිසකෙස් නිරෝගිමත්ව වර්ධනය වේ. මෙම සත්කාරය මසකට වරක් හෝ කළ හැකි නම් හිස්හොරි වළකා හිස කෙස් ආරක්ෂා කර වර්ධනය ගත හැකියි. කිසිඳු මුදලක් වැය නොකොට මෙවැනි හිස හෙඩ් මසාජ් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් නිවසේදීම ඔබටත් සිදු කර ගත හැකියි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here