ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඔබ විසින් අත් හැරිය යුතු පුරුදු 8ක්

0
6626
ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඔබ විසින් අත් හැරිය යුතු පුරුදු 8ක්

ප්‍රීතිමත් ජීවිතයක් සඳහා අප විසින් යම් යම් දේ අත් හැරිය යුතුද? නමුත් ජීවිතයේ අප සතු සියලුම දේ අපට සතුටු කරනවා නේද? වැඩි වැඩියෙන් දේවල් අපට හිමිවන විට අප සතුටු විය යුතුයි නේද? වැරදියි. තාවකාලික ප්‍රීතියක් උදා කර දුන්නත් මිල මුදල් වලින් වටිනාකම මැනිය හැකි භෞතික වස්තූන් බොහෝ පුද්ගලයින්ට වැඩි සතුටක් ලබා දේ. නමුත් මෙය අප විශේෂයෙන්ම විශ්ලේෂණය කල යුතු වෙනත් මාතෘකාවකි. අප මෙහිදී කතා කරන්නේ මුදලින් මැනිය හැකි ෆ්ලැට් ස්ක්‍රීන් ටීවී, නවතම අයි ෆෝනය වැනි භෞතික වස්තූන් පිළිබඳ නොවේ. පහත අප දක්වා ඇත්තේ අපට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා බාධාවක් ඇති කරන පුරුදු කිහිපයකි.

අන් අයව විනිශ්චයට හා විවේචනයට ලක් කිරීම

මෙය ඔබ විසින් කිසිසේත් නොකල යුතු දෙයකි. පෘථග්ජන මිනිසුන් ලෙස අප අන් අයගේ වැරදි දෙස බලමින් ඔවුන්ව විවේචනයට ලක් කරන්නට පුරුදු වී සිටියි. නමුත්, ඔබේ වැරදි වලට අවධානය යොමු කරනවා වෙනුවට වෙනත් කෙනෙකු දෙස ඇඟිල්ල දිගු කරමින් ඔහුගේ/ඇයගේ දොස් සෙවීම පිලිබඳ ඔබට ඔබ ගැනම ලැජ්ජාවක් ඇති විය යුතුය. ආත්ම විශ්වාසය හීන වූ කෙනෙකු නිතරම අන් අයගේ වැරදි සෙවීමට පටන් ගනියි. අප කවුරුත් 100% සුදන අය නොවේ. වෙනත් කෙනෙකුගේ විවේචනයට භාජනය වීමට ඔබ අකමැති වනවා සේම ඔබත් අන් අය විවේචනය කිරීමෙන් වැලකිය යුතුය.

අනාගතය පිලිබඳ ඕනෑවටත් වඩා සිතමින් වද වීම

මෙය ඔබගේ කාලය මෙන්ම ශක්තිය කා දමන ක්‍රියාවකි. ඔබ මේ මොහොතේ සිට තව පැය කිහිපයකින් සිදුවන දේ ගැන නොදනි. මාසයකින් ඔබේ ජීවිතය කෙසේ වෙනස් වේද යන්න පවා ඔබ නොදනී. එක් මොහොතක ඔබට ලැබිය හැකි දුරකතන ඇමතුමකින් ඔබේ අනාගතය තීරණය විය හැකිය. මේ නිසා ඔබේ අනාගතය පිලිබඳ අනවශ්‍ය ලෙස සිතමින් වැලකී වර්තමානයේ ජීවත් වන්න.

සියල්ලන්ම සතුටු කිරීමට යාමෙන් වලකින්න

මිනිසුන්ව සතුටට හා සෑහීමකට පත් කිරීම අසීරුය. ඔවුන්ට ඔවුන්වම සෑහීමට පත් කිරීමට නොහැකි විට ඔබට එය සාර්ථකව කල හැකි යැයි ඔබ සිතනවාද? ඔබ කෙතරම් මහන්සි වුනත්, සමහර පුද්ගලයින් ස්වභාවයෙන්ම කුඩා දෙයකින් පවා කේන්ති ගන්නා ලේසියෙන් සෑහීමකට පත් කල හැකි උදවිය වේ. මේ නිසා ඔබ කෙතරම් මහන්සි වූවත් ඉන් ඵලක් නැත. මේ වෙනුවට ඔබට ඔබව සතුටු කරන්නට පුලුවන්නම් එය ඉතා අගනේය.

වෛර බැඳ ගැනීම

මෙය ඔබ අනිවාර්යයෙන් නිවැරදිකර ගත යුතු පුරුද්දකි. ඍණාත්මක ශක්තිය ඔබ සිත් තුල ගබඩා වන්නේ වෛර සහගත සිතිවිලි වලිනි. එය ඔබ  පිට නොකර පැසවන්නට ඉඩ හැරීම ඔබ ඔබටම කරන අපරාධයකි. මෙයින් ඔබට කවදාවත් සතුටු විය නොහැක. වෛරයෙන් වෛරය නොසංසිදේ යන්න බුදු දහමේ පවසන්නේ එම නිසාය. මෛත්‍රියෙන් ඔබට ඊට ප්‍රතිචාර දක්වා ගෙවී ගිය අතීතය අමතක කල හැක.

බොරු කීමෙන් වලකින්න

නිතරම අවංක වන ලෙස ඔබේ මව ඔබට අනන්තවත් අවවාද කරන්නට ඇත. සමාජයේ අවංක වන පුද්ගලයින්ට ඉතා පහසුවෙන් ජීවිතය සාර්ථක කර ගත හැක. කුඩා බොරුවක් පවා කීමෙන් අප වැලකී සිටීමට උත්සාහ ගත යුතුය. බොරු කීමෙන් ඇතිවන ඵල විපාක ඉතා දරුණු විය හැක. එසේම බොරුවක් කීමෙන් පසු ඔබ තුල දැනෙන මානසික අසහනය ජීවිතාන්තය දක්වා ඔබට පීඩනයක් ඇති කල හැක. මේ නිසා බොරුවෙන් ඈත් වන්න.

අලුත් දේ අත්හදා බලන්නට බිය නොවන්න

අප රොබෝවරුන් සේ දිනපතා, රෑ දවල් පුරා ඒකාකාරි ජීවිතයකට හුරුවී සිටියි. රාජකාරිය සඳහා පිටත් වීම, දරුවන්ව පාසලට ඇරලවීම , ගේ දොර පිරිසිදු කිරීම වැනි කර්තව්‍යයන් එක දිගට නොකඩවා චක්‍රයක් ලෙස අප සිදු කරනු ලැබේ. නමුත් මෙම ඒකාකාරි ජීවිතයෙන් ඔබ තෙහෙට්ටු වී ඇත්නම් වෙනසකට කාලය හරිය. ඔබ පෙර නොකල දෙයක් කරන්නට උත්සාහ ගන්න. අලුත් අභියෝග වලට නොබියව මුහුණ දෙන්න. ජීවිතය උපරිමයෙන් විඳින්න.

ඔබේ වැඩ කටයුතු පසුවට කල් දැමීමෙන් වලකින්න

ඔබ දින ගණනක් තිස්සේ පසුව කරමි යැ‍යි කල් දැමූ එක් වැඩක් කරන්නට පටන් ගන්න. එය ඔබගේ කාමරය පිරිසිදු කිරීම හෝ තාත්තාව වෛද්‍ය පරීක්ෂණයකට රැගෙන යාම වැනි කාර්යයක් විය හැකිය. ඔබට එතරම් විනෝදයක් ගෙන නොදෙන කර්තව්‍යය පලමුව කරන්න. වැඩේ කල් දැමීමෙන් ඔබට තවත් කරදර ඇති විය හැකි වන තර කිසිදු සෙතක් සිදු නොවේ. එම නිසා හැකී ඉක්මණින් එවැනි වැඩ කටයුතු අහවරක් කරන්න.

අන් අය තමා ගැන සිතන දේ පිළිබඳ වද වීම

මෙය ඔබගේ කාලය කා දමන පුරුද්දකි. අන් අය ඔබ ගැන කෙසේ සිතුවත් එයින් ඔබට කිසිදු බලපෑමක් හෝ සෙතක් සිදු නොවේ. ඔබ, ඔබ ගැන සිතන්නේ කෙසේද? වඩාත් වැදගත් වන්නේ එයයි. ඔබ හොඳ කෙනෙකු යැයි ඔබ සිතන්නේද? අනිත් අය ඔබ කරන කියන දේ ගැන නොසිතා තමාගේ ජීවිතය පිලිබඳ සිතන්න. ඔබ ගැන වැඩි සැලකිල්ලක් දක්වන අය සමහර විට ඔබේ යහපත ගැන කිසිම අයුරකින් සිතන පුද්ගලයින් නොවන්නට පුලුවන.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here