ලෝකයේ විවිධ රටවල් කාන්තා දිනය සමරන අන්දම

celebrating-women's-day

මාර්තු මාසයේ අට වැනිදින ලෝකය පුරාම කාන්තා දිනය සමරනවා.හිතට පුංචි ආඩම්බරයකුත් ඇති වෙනවා නේද.. ඇයි ඉතින් අපේ වටිනාකම වෙනුවෙන් විශ්ව සාධාරණ ඇගයීමක් ලැබිලා තියෙනවානේ.. ඉතින් අපි එහෙම නම් බලමුද ලෝකයේ වෙනත් රටවල් කාන්තා දිනය සමරන්නේ කොහොමද කියලා…?

1975 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මාර්තු 8 වැනි දා ජගත් කාන්තා දිනය යනුවෙන් නම් කරනු ලැබුවා. එතැන් පටන්ම ලෝකයේ හැම රටකම පාහේ කාන්තා දිනය සමරනු ලබනවා.

ජපානය

ජපානයේ කාන්තාවන් ඉතාම දක්ෂ බව අපිත් දන්නවා. “ඔෂින්” ටෙලි නාට්‍යය බලපු හැම කෙනෙක්ම ඒ චරිතය දිහා බලලා දිරිය දියනියක් විදිහට ඇගයීමට ලක් කරනවා වගේම ජපානයේ කාන්තාවන් හැම කෙනෙක්ම වාගේ ඉතාම සැලසුම් සහගතව කටයුතු කරන, අලස නැති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා පිරිසක්. මේ නිසාම දැන් ඔවුන් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සංවාදයක් ගොඩ නගා ගැනීමට මේ දිනය යොදා ගන්නවා. ඔවුන් ඒ වෙනුවෙන් රැස්වීම් පවත්වනවා. ජපානයේ අගමැති “සින්සෝ අබේ” පවා කාන්තාවන්ගේ මේ අයිතීන් දිනා ගැනීමේ මෙහෙවරට උදව් ලබා දී තිබෙනවා. ඒ නිසාම 2017 වසරේ පටන් ජපානයේ කාන්තා ශ්‍රම බලකාය ඉහළ නැවීමට කටයුතු සලසා තිබෙනවා.

පෝලන්තය

පෝලන්තයත් කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ර්‍හක් නැංවීමට කාන්තා දිනය කෝරා ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් බලපාන හේතුවකුත් තිබෙනවා. කාන්තා දිනයේදී ලෝකයේම ඇස් ඇරෙන නිසා සංවාදශීලී මාතෘකාවන්ට ඉතාම හොඳ තෝතැන්න එදාට සකස් වෙනවා.ගබ්සාවන් වෙනුවෙන් ඇති බලපෑම, කාන්තා හිංසනය සහ ප්‍රචණ්ඩත්වය වැනි කටයුතු මුල් කර ගෙන පෙලපාලි යෑම වැනි කටයුතු මෙදිනට සිද්ධ කරන්නේ අඳුරු පටලයකින් මුවා වී තිබෙන ලෝකයාගේ ඇස් ඒ වෙනුවෙන් විවෘත කිරීමටයි.

ඉන්දියාව

කාන්තාවන් වෙනුවෙන් ඉන්දියාව තුළ තිබෙන්නේ ඉතාම ශෝචණීය ඉරණමක්. කාන්තා හිංසනය පමණක් නොව සමූහ දූෂන, අතවර පිළිබඳව ලැබෙන වාර්තාවන් විශාලයි. ඒ අතරම ළමා විවාහ පමණක් නොවෙයි, රාත්‍රි වැසිකිලියට යන තරුණ දියනිවරුන් පවා ලිංගික අතවරයන්ට පත් කොට මරා දමන තරමටම තත්වය දරුණුයි. මේ නිසා කාන්තා අයිතිවාසිකම් පමණක් නොවෙයි, ඔවුන්ට මුහුණ දීමට තිබෙන අසාධාරණතාවයන් වෙනුවෙනුත් හඩක් නැගීමට කාන්තා දිනය සම්බන්ධ කර ගැනීමට ඉන්දීය බවලතුන් පෙරමුණ ගෙන සිටිනවා.

ලෙබනනය

අතීතයේදී දේශපාලනය වෙනුවෙන් කාන්තාවන් තුළ උනන්දුවක් තිබුනෙත් නැහැ. රටක් රාජ්‍යක් පාලනය කරන්නද කියල සමහර විට කවුරුන් හෝ ඔබෙන් අහන්න පුලුවන්.ඒත්..දේශපාලනය වෙනුවෙන් කාන්තා දායකත්වය වෙනුවෙන් දැන් ලෝකයාගේ අවධානය යොමු වෙන යුගයකදී ලෙබනනය ජාත්‍යන්තර කාන්තා දිනය සම්පූර්ණයෙන්ම වෙන් කර ගන්නේ කාන්තා අයිතිවාසිකම් හා ඉල්ලීම් දිනා ගැනීමටයි.

චීනය

චීනයේ කාන්තා දිනය වෙනුවෙන් විවිධ අන්දමේ ප්‍රදර්ශනයන් පැවැත්වෙනවා. විවිධ වට්ටම් ලබා දිම සහ අවශ්‍ය දේ පහසුවෙන් මිලට ගැනීමේ පහසුකම් ලබා දෙනවා. මේ අතර කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් විප්ලවීය කටයුතුවල යෙදුන කාන්තාවන්ද චීනයෙන් හමු වෙනවා. එක් අවුරුද්දක කාන්තා දිනයේදී “ලී මයිසි” නැමැති කාන්තාව විසින් ලිංගික හිංසනය සම්බන්ධ පෝස්ටර් පොදු ප්‍රවාහනයන්හි ප්‍රදර්ශනය කරනු ලැබුවා. ඒ වෙනුවෙන් ඇය පොලිස් අත්අඩංගුවට පවා පත් වුණා.

මේ අන්දමට ලෝකයේ විවිධ රටවල්වල කාන්තා දිනය තුළ තමාගේ අයිතිවාසිකම් දිනා ගැනීමට විශාල ප්‍රයත්නයක් දරණ බව අපිටත් තේරුම් ගැනීමට දැන් පුලුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here