මෙන්න දුරකථනය නිසා හැදෙන ලෙඩ

0
5410
girl_using_mobilephone

අද වන විට ජංගම දුරකතනයක් භාවිත නොකරන්නෙක් සොයා ගැනීමට නොහැකි තරම්. පාසල් දරුවාගේ පටන් ජංගම දුරකථන භාවිතා කරනවා. අද සමාජයේ ජංගම දුරකථනය මෝස්තරයක් වෙලා. සමහරුන්ට මිතුරෙක් වෙලා. මිතුරෙක් වෙලා තිබෙන ඔබේ ජංගම දුරකථනය ඔබේ හතුරෙක් වීමට ඇති ඉඩකඩ වැඩි බව අද වන විට පර්යේෂණ හරහා සොයා ගෙන ඇත. දල වශයෙන් සදහන් කරනවා නම් ලංකාවේ මේ වන විට මිලියන 13කටත් වඩා ජංගම දුරකථනය භාවිතා කරනවා.

පිළිකා හැදෙන අවධානමක් තිබෙනවද ? 

ජංගම දුරකථන හරහා පිළිකා රෝගය හැදෙන අවධානමක් පවතින බව මේ වන විට පර්යේෂකයන් ප්‍රකාශ කරනවා. නමුත් මේ පිලිබදව නිශ්චිතව ප්‍රකාශ කර නැති අතර මෙය විවාදයට පත් වෙමින් තිබෙන දෙයකි. බොහෝ පිරිස් ජංගම් දුරකථන භාවිතා කරන නිසා අනිවාරයෙන්ම සෞඛ්‍යයට බලපෑමක් ඇති වනු ඇත.

දුරකථන නාදය හරහා රෝග ඇති වේ

“Ringxiety” නමින් අලුත්ම රෝගයක් නවීන ජංගම දුරකථන හරහා හැදෙන බව පර්යේෂණ හරහා අනාවරණය කර තිබෙනවා. මේ රෝගය හැදෙන්නේ ජංගම දුරකතන වලට ඔබ භාවිතා කරන Ringing tone හරහාය. එක දිගටම දුරකථනය නාද වන විට කාන්තාවන්ට නොසන්සුතාවයක් ඇති වන බව බටහිර වෛද්‍යවරුන්ගේ මතයයි. අද වන විට විවිධ Ringing tone තිබෙන නිසා කලක් යන විට මේවාට සංවේදී වන නිසා රෝග ඇති වෙන්න පුළුවන් බව තමයි පර්යේෂණ හරහා පෙන්වා දෙන්නේ.

phone message.

අපි දවසකට කී වතාවක් නම් message  භාවිතා කරනව ද එයට වෙලාවක් නැත. ඇතමුන් දවසකට විශාල ප්‍රමාණයක් message  යවනවා. මෙහිදී මහපට ඇගිල්ල එකම ඉරියවුවක තමා තියෙන්නේ. මේ එකම ඉරියවුව නිසා ඇගිලි වලට යම් කාලයකදී ගැටළු ඇති වන බව පෙන්වා දෙනවා. අපි අපේ තනිකම, හුදෙකලාව නැති කර ගන්න තවත් පිරිසට message  යවනවා. නමුත් මේ හරහා “Text Thumb” නමින් රෝගයක් හැදෙන බව පෙන්වා දෙනවා. message  යවා එයට පිළිතුරු ලැබෙන තාක් නොසන්සුතවයකින් පෙලේ. මෙය සිරුරට අහිතකර වේ.

එමෙන්ම මේ message  හරහා භාෂා දැනුම හීන වන බවද කියයි. SMS සේවය ගැන බ්‍රිතාන්‍ය කල සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ අවු: 18-24 සිටින තරුණයින් 42%ක් මේ message  යොදා ගන්නේ ආදර හැගීම් හුවමාරු කර ගැනීමට බවය. 20%ක්ම තමන්ගේ හුදෙකලා බව නැති කර ගන්නටත්, 13%ක් පෙම් සබදතා නවත්විමටත් යොදා ගන්නා බවයි. තවත් පිරිසකගේ මතයක් වන්නේ  SMS හරහා තරුණ පරම්පරාව තුළ ලිවිම පිලිබදව ආශාව ඇති කරන බවයි.

ගෙලෙහි ආබාධ ඇති වේ.

දුරකතනයට පිළිතුරු දෙන විට එකම ඉරියව්වෙන් සිටින විට ගෙලෙහි ආබාධ ඇති වේ. විශේෂයෙන්ම වයස අවු: 16-24 අතර කාන්තාවන් තමා මේ සදහා වැඩියෙන්ම ගොදුරු වෙලා තිබෙන්නේ.

මේ නිසාම වෛද්‍යවරුන් ජංගම දුරකතනය භාවිතා කිරීමේ දී උපදෙස් කිහිපයක් ලබා දෙයි.

01 නිදා ගන්නා විට හිසට සමීපව තබා ගැනීම හෝ කොට්ටය යටින් තබා ගන්න එපා.

02 දුරකතනයේ බොහෝ වෙලා රැදී සිටින්න එපා

විනාඩි දෙකක් වැනි කාලයක් හෝ දුරකතනයේ රැදී සිටීමෙන් මොළයෙහි සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පැයක පමණ කාලයක් දක්වා වියවුල් කරයි. ජංගම දුරකතනය අඩුම තරමින් අගල් 02ක්වත් තබා ගැනීමෙන් සිරුරට වන හානියෙන් 75%ක් පමණ බලපෑම් අඩු වේ.

03 ඔබේ දුරකථනය සාක්කුවේ දමා ගන්න එපා

04 ඔබ  රාත්‍රීයෙදී නින්දට යන විට දුරකතනය ක්‍රියා විරහිත කර තබන්න

05 ආහාර ගන්නා අවස්ථා වලදී දුරකතනයේ රැදී සිටින්න එපා

06 Headset භාවිතා කරන්න

මෙවැනි ක්‍රම භාවිතා කිරීමෙන් ජංගම දුරකථනයෙන් ඇති වන ගැටළු මග හරහා ගත හැකි වේ.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here