පිරිමියා සතුටු කිරීමට ගැහැණියට කළ හැකි දේවල් 10ක්

0
13618
පිරිමියා සතුටු කිරීමට ගැහැණියට කළ හැකි දේවල් 10ක්

ගැහැනිය සහ පිරිමියා සිතන පතන අකාරය,හැසිරෙන අකාරය එකිනෙකට වෙනස්ය.මෙකි වෙනස බොහෝ දුරට දෙදෙනාටම අවබෝධ වන්නේ එක වහලක් යට ජිවත් වීමට පටන් ගත් දා සිටය.බොහෝ පිරිසට දෙදනා අතර පවතින මෙම වෙනස අවබෝධ කර ගැනීමට නොහැකිව දික්කසාදය දක්වා ද යන අවස්ථා පවතී.මෙම වෙනස වටහා ගෙන තම ස්වාමියා සතුටින් තිබීම බිරිදකගේ වගකීමකි.මන්ද මෙකි සතුට පවුල් ජිවිතේ රදා පැවැත්ම තීරණය කරන නිසාවෙනි.එම නිසාම කාන්තාවකට පිරිමියා සතුටු කිරීමට පහත ක්‍රම භාවිතා කල හැකිය.

01 යහළුවන් සමග ඔහුගේ වැරදි අඩුපාඩු කියන්න යන්න එපා

02 ඔහු නිවසට පැමිණි විට ඔහු කෙරෙහි පුර්ණ අවධානය යොමු කොට ඔහුගේ අඩුපාඩු සොයා බලන්න

03 උපකාර අවශ්‍ය වූ විට ඒ මොහොතේම ලබා දෙන්න

04 ඔහු ලබා දෙන පුංචි ත්‍යාගයකින් පවා සතුටු වී ඔහුට ඒ පිලිබදව ප්‍රශංසා කරන්න

05 නිතරම ඔහුගේ අඩු පාඩු සොයන්න යන්න එපා

06 ඔහුට උපකාරයක් අවශ්‍ය වූ විට ඔබට එය කිරීමට නොහැකි නම් විවිධ දෑ නොකියා ඒ පිලිබදව කෙලින්ම කියන්න

07 නිවසේ ඇති වන ප්‍රශ්න වලට ඔහුට වරද නොපටවා එයට විසදුම් ඔහුගෙන් ඇසීම

08 ඔබගේ වේදනාවට ඔහුව වැරදිකාරයා නොකර ඒ පිලිබදව ඔහුව දැනුවත් කිරීම

09 ඔහු කල දෙයක් නිසා ඔබගේ හිත රිදුනු විට ඔහුට දඩුවම් නොකර සිටීම

10 ඔහු නිහඩව සිට නැවත කතාවට පැමිණි විට ඔහුට වෙනසක් නොපෙන්වා පෙර පරිදිම කතා කිරීම

ගැහැණියට සහ පිරිමියාට විවිධ අවස්ථා වල දී වැඩියෙන් ආදරය අවශ්‍ය වෙනවා.එම අවස්ථා හදුනා ගෙන ආදරය ලබා දීමෙන්,ආදරය ලබන තැනැත්තාට වැඩියෙන් ආදරය දැනෙනවා.පිරිමියාගෙන් වැරද්දක් හෝ අතපසු වීමක් වූ පසු ඔහු කල වැරැද්දට ඔහු කම්පා වෙනවා.නමුදු සිදු වූ වැරද්දක් පිළිගැනීමට ඔවුන් බොහෝ විට මැලි වෙනවා.පිරිමියා මෙය උවමනාවෙන් කරන්නේ නෑ.එම අවස්ථා ගැහැනිය හදුනා ගෙන ඔහුව ප්‍රතික්‍ෂේප නොකර සිටීමෙන් ඇයට වැඩියෙන් ආදරය ලැබෙනවා.

පිරිමියා යම් දෙයකට කැමති නම් එය පිලිබදව සිනා මුසු මුහුණෙන් කතා කරනවා.යම් දෙයකට ඔහු අකමැති නම් ඔහුගේ මුහුණෙන් සහ ඉරියවු වලින් පෙනෙනවා.නමුත් ගැහැනිය කැමති දෙයට ද අකමැති දෙයටද කැමති බව පවසා සිනා මුසු මුහුණෙන් කතා කරනවා. ගැහැණු අය සිනහා වෙමින් කතා කරන සැම දෙයක්ම ඔවුන් කැමති දේවල් නොවෙයි.අකමැති දෙය පවා ප්‍රියමනාප ලෙස කතා කරමින් එයට කැමති ලෙස හැසිරෙනවා.එසේ කාලයක් හැසිරී ඉද හිට තමා අකමැති දේවල් පවසනවා.

බොහෝ විට ගැහැනිය තමා සතුටු වන දෙය පිරිමියාට ඉටු කර එමගින් ඔහු සතුටු වේ යැයි සිතනවා.පිරිමියාද තමා සතුටු වන දෙය ඉටු කර එමගින් ගැහැනිය සතුටු වනවා යැයි සිතනවා.දෙදෙනාම දෙදෙනාගේ සතුට උදෙසා මහන්සි වෙනවා.ප්‍රශ්නය පවතින්නේ ආදරය සදහා මහන්සි නොවීම හෝ ආදරයට ඇති උනන්දුව නැති වීම නොවේ.දෙදෙනා කරන්නේ කුමක්ද යන්න පිලිබදවයි.ගැහැනිය සතුටු වන දේවල් පිරිමියා දැනගෙන ඔහුට ඇයව සතුටු කල හැකිය.ගැහනියද පිරිමියා සතුටු වන දේවල් දැන ගෙන ගැහැණියට ඒවා කල හැකිය.එවිට ඔබේ ආදරය තව තවත් වැඩි කර ගත හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here