ප්ලාස්ටික්වලට පැන්ෂන් දෙමු

ප්ලාස්ටික් ඇසුරුම් ලංකාවට හදුනා ගැනීමේදී අපි ඒවා පිලිගත්තේ අනේ සැපයි…පහසුයි යන සංකල්පයෙන්. ඒත් කාලයත් සමග මේවායේ අහිතකර තත්වයන් ලෝකයා විසින් හදුනා ගත් තැන පටන් දැන් ප්ලාස්ටික්වලට පැන්ෂන් ලබා දිය යුතු කාලය ඇවිත්. ඒත් තවමත් අපි පුරුද්දෙන් මිදෙන්නේ කොහොමද කියන තැන සිට ක්ලපනා කළත් අනාගතය බාර ගන්න සිටින දරුවන් සහ ලෝකයට එකතු වෙන්න සිටින දරුවන් වෙනුවෙන් අපි ප්ලාස්ටික් සමග ඉදිරියට යනවාද…එසේත් නැත්නම් විකල්ප වෙනුවෙන් යොමු වෙනවාද…? මේ ගැන දැන් සිතන්න කාලය එළැඹ තිබෙනවා.අපි පරිහරණය කරන ප්ලාස්ටික්වල Arsenic Acetaldehuyde,Disruptors,phthalates DHEP වැනි අහිතකර රසායනයන් අඩංගුයි.දරුවන් දිගින් දිගටම ප්ලාස්ටික් පාවිච්චි කරන විට ඔවුන්ගේ ප්‍රතිශක්තිය හීනවීම පිලිබඳ අවදානමක් ගොඩ නැගනෙවා. අද දරුවා ළදරු පාසලට ඇතුලත් කළ තැන පටන්ම ඔවුන්ගේ ආහාර ඇසුරුම සකස් වෙන්නේ ප්ලාස්ටික් පෙට්ටියක. දරුවාගේ වතුර හෝ බීම වර්ගය ලබා දෙන්නෙත් ප්ලාස්ටික් බෝතලයක. මේවායේ අන්තර්ගත Bisphenol A (BPA ) සහ diethyihexyl phthalate සිරුරට ඇතුළු වීම නිසා දරුවාගේ හෝර්මෝන නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ ඉන්ඩොසින් පද්ධතිය අඩපණ කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් විදිහට දරුවන් ස්ථුලභාවයට පත් වෙනවා පමණක් නොවෙයි, ඇදුම , වකුගඩු ආබාධ, දියවැඩියාව වැනි රෝග තත්වයටත් පත් වෙනවා.

ප්ලාස්ටික් නිපදවන්නේ plasticizers , Fillers,  stubilizers යන රසායනයන්ගෙන් නිසා මෙම රසායනයන් අපි පරිහරනය කරනු ලබන ආහාර මගින් සිරුරට ඇතුළු වෙනවා.

ඒ අතර phthalate , Alkylphenol සහ Bisphenyl ( BPA ) සංයෝග එකතු වෙන අතර ජර්මනියේ සිදු කරන ලද අද්‍යනයකින් හදුනා ගත්තේ

මේ රසායනයන් මගින් අපට දියවැඩියාව, වකුගඩු ආබාධ, ඇදුම සහ පිලිකා වැනි රෝග තත්වයන් ඇති කළ හැකි බවයි. සාමාන්‍ය කතාවටත් අපි කියනවා

අද උණ හෙම්බිරිස්සාව තරමටම පිලිකා ව අපේ ජීවිතවලට සම්බන්ධයි. නිතරම ඇහෙන පියයුරු පිලිකාවන්ටත් ප්ලාස්ටික් පරිහරනයෙන් ඇති බලපෑම සුලුපටු නැහැ. හෝර්මෝන ක්‍රියාකාරිත්වයට ඇති වෙන බලපෑම නිසා පිරිමින්ගේ පෞරෂ ග්‍රන්ථි ආශ්‍රිතවත්  වගේම සහ වෘෂණ කෝෂ පිලිකාවන්ටත් ප්ලාස්ටික්වල අඩංගු රසායනයන්ගේ බලපෑමෙන් ඇති වෙන හානිය විශාලයි.මේ පිලිබඳව අධ්‍යනයක් පවත්වන  වෛද්‍ය අභින්දාර් සිං සඳහන් කරන්නේ Bisphenol A (BPA ) මගින්  ඇති වෙන සංකුලතාවයන් නිසා ආබාධිත දරු උපත් පමණක් නොව ජාන විකෘති දරුවන් පවා බිහිවීමේ අවදානමක් පවතින බවයිි.

ගැබ් දරණ මවක් ප්ලාස්ටික් භාජයන්හි යෙදූ ආහාර ගැනීම නිසා ඇගේ කලල ගබ්සාවට වගේම දරුවාගේ උපත්බර අඩුවීම, නොමේරූ දරු උපත් සිදු වීම වැනි තත්වයන්ට පත් වෙනවා. ප්ලාස්ටික් ‍බෝතල්  පරිහරණයෙන් සිරුරට ඇතුලු වෙන Bisphenol A ^BPA & iy diethyihexyl phthalate නිසා ගබ්සාවන්ට තිබෙන බලපෑම ඉතා විශාලයි.

කාන්තාවන්ගේ ඩිම්බය සහ පුරුෂයන්ගේ ශුක්‍රාණු සංයෝගයෙන් දරුවෙක් වෙනුවෙන් අවශ්‍ය ජෛව විද්‍යාත්මක තත්වය නිර්මානය වුනත් ප්ලාස්ටික් වල අන්තර්ගත රසායනයන් මගින් මේ සම්බන්ධතාවය බිඳ දමනවා.මේ නිසා ගැහැණු දරුවන් වගේම පිරිමි දරුවන්ගේ බාල කාලයේ පටන්ම ප්ලාස්ටික් වෙනුවෙන් නිරාවරනය අවම තිරීමට දැන් කාලය එළැඹ තිබෙනවා.අද විවාහක ජෝඩු අතරින් බොහෝ දෙනෙක් මද සරු බව පිලිබඳ ගැටළුවට මුහුණ දී සිටිනවා. මේ වෙනුවෙන් පැහැදිලි හේතු මේවා යැයි පෙන්විය නොහැකි වුනත් ඔවුන්ට දරු පිලිසිඳ ගැනීමේ ගැටඏු නිසා ඇති ‍වෙන අපහසුතාවයට සෟජුවම ඇගිල්ල දැන් දිගු වෙන්නේ ප්ලාස්ටික් වල අන්තර්ගත රසායනයන් වෙතටයි.මෙම රසායනයන් සිරැරට අතුළුව ඉන්ඩොසින් නිෂ්පාදනයට මසිදු කරන බලපෑම නිසා පුරුෂයන්ගේ ශුක්‍රාණු ගිණුමේ ධාරිතාවය වගේම සක්‍රීය ප්‍රතිශතය පහල බැසීමේ අවදානමක් ඇති බවට දැන් වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනවා.

දරු ගැබක් දරණ කාන්තාවන් හැකි තාක් දුරට ප්ලාස්ටික් නිෂ්පාදනයන්හි යෙදූ ආහාර සහ බීම වර්ග පානයෙන් ඉවත්ව සිටීම ඉතා වැදගත්. ඒත් අපි හිතන්නේ

බරට බරේ වීදුරු බෝතල් අර ගෙන යනවාට වඩා ප්ලාස්ටික් බෝතලයකට වතුර ටිකක් අරගෙන ගිහිං බෝතලය දාලා ආවත් කමක් නැහැ යන සිතුවිල්ලයි. ඒත් ගැබ්බර අම්මා ගේ ආහාරයට එකතු වෙන § Bisphenol A ^BPA & iy diethyihexyl phthalate නිසා ගැබේ සිටින දරුවා පිරිමි දරුවෙක් නම් වෘෂණ කෝෂ වෙනුවෙන් අහිතකර ලෙසින් බලපෑම් ඇති කරනවා.දරුවන්ට කිරි පොවන විටත් ප්ලාස්ටික් බෝතල් භාවිතා කරද්දී මේ අවදානම ඒ විදිහටම සිද්ධ වෙනවා.ඒ වගේම පාසල් යන දරවන්ගේ වතුර බෝතල් මිළට ගන්නා විටත් ප්ලාස්ටික් වලින් තොර බෝතල් මිළට ගැනීමේ අවස්තාව ඔබට තිබෙනවා.

ප්ලාස්ටික් නැතුව මොනවාද අපි පාවිච්චි කරන්නේ…මේ එක ප්‍රශ්නයක්. තවත් පැත්තකින් කියන්නේ අනුමත මාත්‍රාවකින් යොදා ගත් ප්ලාස්ටික් සිරුරට අහිතරක නොවන බවයි. මේ දෙපැත්තම තියෙද්දී අපේ ජීවිතයේ සාමාන්‍ය කටයුතු වෙනුවෙන් මේ විදිහට යොමු වෙන්න බැරිද…?

ආහාර දැවටුම් වෙනුවෙන් කෙසෙල් කොළ, කැන්ද කොළ, පුවක් කොළ භාවිතා කරන්න.

දිවා ආහාරය ප්ලාස්ටික් පෙට්ටියක් වෙනුනට ස්වභාවික ශාඛ පත්‍රයන්හි දවටන්න.

ප්ලාස්ටික් බෝතල් වෙනුවට නිවසේ ජලය මැටි කළයක් හෝ ගුරුලේත්තුවක් භාවිතා කරන්න.

ශිතකරණයේ ආහාර තබන විට ප්ලාස්ටික් වෙනුවට පිඟන්මැටි භාජන යොදා ගන්න.

අමු එළවළු ,පලා වැනි දේ තබන විට පොල්කොළ වට්ටි යොදා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here